Tuesday, January 15, 2019

කඩදාසියයි ජීවිතයයි...

මේ දෙක එකිනෙකට ගැලපෙනවද? නෑ නේ? ගලපන්න බැයිද? පුළුවන්... එහෙනං අපි ගලපමුද? හරි...




කතාව පටන් ගන්න කලින් මම ඇහුවොත් මොකක්ද මේ කියන කඩදාසිය කියලා ඔයාලා හිනාවෙයි, “උබ මේ තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ ඒකවත් දන්නේ නැතුවද” කියලා... නෑ මම දන්නවා කඩදාසිය කියන්නේ මොකක්ද කියලා, හැබැයි ඒක මොකක්ද කියල මම ඇහුවේ, ඔය ඔයාලා හුස්ම ගන්න බැරිතරම් හිරවෙලා ඉන්න රාමුවෙන් එළියේ ඉදන් හිතන්න අවස්තාවක් අරන් දෙන්න ඕනේ නිසා...

කඩදාසිය කියන්නේ අපිට පුංචිම කාලේ ඉදන් හරිම සමීප දෙයක් නේ... අපි ඉස්සර බිත්තිවල කුරුටු ගාන්න හදන කොට අපේ අම්මා අපිට ලියන්න කඩදාසියක් දෙනවා... අන්න එදා අපි පළවෙනියටම අපිම කියලා කඩදාසියක් පාවිච්චි කරන්න පටන් ගන්නවා... හැබැයි මේ කඩදාසිය කියන්නේ අපේ ජීවිතේ එක්ක හැමවෙලේම බැදුණු දෙයක්... උපදින කොටම තමා මේ බැදීම පටන් ගන්නේ... ඒ කොහොමද? ඔයාලගේ "උප්පැන්න සහතිකේ" අන්න ඒක තමා පලවෙනි කඩදාසි බැදීම... අවසාන බැදීමත් එහෙනං තේරෙනවනේ... ඒ මරණ සහතිකේ...

එහෙනං මම මෙහෙම කියන්නද? කඩදාසියත් හරියට මේ අපේ ජීවිතේ වගේ... පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ,

අපිට පෙන්නේ කඩදාසි හරිම එක විදියයි කියලා... ඇත්තටම ඒවා ඔක්කොම එක වගේද? මම නං හිතන්නේ නෑ... පුංචිම හරි වෙනසක් තියෙනවා... ඉතින් අපි ඒවායේ එක එක දේවල් එක එක විදියට ලියනවා... සමහර ඒවා හැඩ කරනවා සමහර ඒවා එන විදියට ලියලා දානවා...

කඩදාසිය එක්ක බැදුණු තවත් දෙයක් තමයි පැන්සල නැත්නම් පෑන... පුංචි කාලේ අපි ලියන්න පටන් ගන්නේ පැන්සලෙන්... ඇයි? වරදිනවා... සෑහෙන්න වරදිනවා... ඒ නිසා තමයි පැන්සල එක්ක පිටිපස්සේ පුංචි මකනයක් එන්නේ... ඒ නිසා අපි පැන්සලෙන් ලියනවා... හැබැයි අපි හැමදාම එතන එහෙම ඉන්නේ නෑ... කාලයත් එක්ක අපි පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙනකොට තරමකට ස්ථාවර වෙනකොට අපි පෑනට මාරු වෙනවා...

ඊලගට අපි පෑනෙන් ලියනවා... එතකොට අපි ලියන්න දේවල් දන්නවා... අත හුරුයි... වරදිනවා අඩුයි... හැබැයි වැරදුනොත්? අයියෝ අවුලක් නෑ... වෙන කඩදාසියක් අරන් අපි ආයේ අලුතින් ලියනවා... එතකොට පරණ කඩදාසිය ගුලි කරලා වේගයෙන් ඈතට වීසි කරනවා... ඊට පස්සේ මොකුත් නොදන්නා ගානට, මොකුත් නොවුන ගානට වරද්දන්නෙ නෑ කියලා හිතාන අපි අර අලුත් කඩදාසියේ අලුත් දෙයක් ලියන්න පටන් ගන්නවා...

ඒත්... අලුත් එකට වඩා පරණ කඩදාසියේ ලියමන හොදයි කියලා හිතුනොත්? විසි වුනු තැනක් හොයාගෙන දුවගෙන ගිහින් අපි ආයේ අර කඩදාසිය අරගෙන දිග අරිනවා... හැබැයි අපට පුළුවන්ද අර නැවුම් පාරවල්, ඉරුණු තැන් ආයේ මොකුත් නොවුණු ගානට ගලපන්න?

බෑ... අපට ඒක කරන්න බෑ... ඔයාලගේ ඔළුවල කොච්චර ඒක කෙලින් කරන්න අදහස් තිබ්බත් ඒක කරන්න බෑ...

ඉතින් අපි මොකද කරන්නේ?

අපි අර පරණ කඩදාසියේ තිබුණු එකම තවත් අලුත් කඩදාසියක අලුතින් ඒ විදියටම ලියනවා... පොඩ්ඩක් වත් වෙනස් කරන්නේ නැතිව...

ඒත් දෙකම එකයි ද? පොඩ්ඩක් වත් වෙනස් නැද්ද? අඩුම තරමේ ඔයාගේ අත් අකුරුවත්? වැරදිලා වැදුණු ඉරි කෑල්ලක් වත්? වෙනස් නැද්ද?

නෑ යාලුවනේ.... සෑහෙන්න වෙනස්...

අපේ කඩදාසියේ අපි ලියන්නේ අපේ ජීවිත කතාව... පොඩි කාලේ වරදින නිසා, හරියට පැන්සල එක්ක පිටිපස්සේ ඉන්න පුංචි මකන කෑල්ල වගේ අපි අපේ වැරදි හද හදා ගමන යනවා... කොච්චර මැකුවත් සමහර වෙලාවට පැන්සලේ පාර හිටිනවා වගේ අපේ වැරදි නිසා අපට එකෙන් පාඩමක්, මතකයක් ඉතුරු වෙනවා... ඔය විදියට ටිකක් ලොකු වෙනකන් අපි වැරදි හද හදා පැන්සලෙන් ලිය ලියා යනකොට අපි වගකිව යුතු තරම් ලොකු වුනාම තමයි පෑන අතට ගන්නේ... ඒ අතට ගන්නේ ආයේ වැරැද්ද ගන්නේ නෑ කියන ලොකු විශ්වාසය ඔලුවේ තියාගෙන...

අම්මලාගේ තාත්තලාගේ තුරුලේ ඉදලා සමාජයට යන අපි තනියම තීරණ ගන්න පටන් ගන්න කාලය හරියට පෑනකින් කඩදාසියක කරන ලියමනක් වගේ... ඒ තීරණ අතරට අපි විශ්වාස කරන්න තෝරාගන්න අයත් අයිති වෙනවා... එක පාරක් අපි විශ්වාස කරලා කෙනෙක් ව ආශ්‍රය කලත් අපට එපාය කියල අපිම ආය එයාව ඈත් කලොත්, ආයෙම හොදය කියන විශ්වාසයෙන් ලගට ගත්තත් අපි බිදපු එයාගේ හිත අර ගුලි කරලා ඈතට වීසි කරපු කඩදාසිය වගේ... ඒ විශ්වාසය කලින් විදියටම අපිට හදන්න පුලුවන්ද?

පරණ කඩදාසියේ තිබ්බ එක ආයෙම ඒ විදියටම අලුත් කඩදාසියක ලිව්වා වගේ, එයා වගේම හැඩහුරුව තියෙන, ඒ ගති ගුණම තියෙන කෙනෙක් ගත්තොත් එයාලා සමානද? එකම විදියේ එහෙම දෙන්නෙක් අපට හොයාගන්න පුළුවන් ද?

පරණ කඩදාසියේ තිබුණු, වැරදුනු ඉරි කෑල්ල වගේ ඔයයි එයයි එකතුවෙලා කරපු පිස්සු වැඩ... පැය ගණන් හිනා වුන විකාර දේවල් ආයෙම මේ කියන්නා වූ අලුත් කෙනා එක්ක ගලපන්න පුලුවන් ද? එහෙනම් ඔවුන් සමානද?

කඩදාසියත් හරියට ජීවිතේ වගේ... සමහර වෙලාවලදී අපට වැරදියි කියලා හිතුනත් අපි ඒ දේවල් විසි නොකර තියාගන්නවා... ඒ සමහර වෙලාවට අලුත් දෙයට වැඩිය පරණ කඩදාසිය මතකයන් රාශියක, වැරදීම් රාශියක් එකතුවක්... හැබැයි ඒ හැම මතකයක්ම, හැම වරදක්ම හෙට පෙරලන අලුත් කඩදාසියට උල්පන්දම් සපයන මාවතක්...
පුංචි වචන කිහිපයකින් මේක අවසන් කරන්නම්,

Enjoy the little things in life, because one day you will look back and realize they were the big things.
-unknown


- අභි_සරා  

Friday, January 4, 2019

මගේ ආදරේ ඔයාට අදුර තරම්...


කෙනෙක් අදුර තරම් තමන්ට ආදරෙයි කියන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?...


අඳුර සහ කළුවර කියන්නෙ දෙකක් ද එකක් ද කියලා කල්පනා කරනවට වඩා වැදගත්ම දේ අපි මොකක්ද එයින් බලාපොරොත්තු වෙන්නෙ කියන එක...

මිනිස්සු අඳුරෙදි ආලෝකයක් බලාපොරොත්තු වුනාට ඔවුන් සජීවි ලෝකෙන් මිදිලා තමන් තමන් ම වෙන්නෙ කළුවරේ දි. ( එහෙමද ?)

මම මෙහෙම ඇහුවොත් ‍රටක සම්මත නීති පද්ධතියක් හදලා තියෙන්නෙ කවුරු වෙනුවෙන් ද කියලා ඔබ කියාවි ඒ රටේ මිනිස්සු වෙනුවෙන් කියලා.

(ඒ ඇයි?)මිනිස්සුන්ට පුලුවන් නෙ කාටවත් කරදරයක් නොවෙන විදියට ජීවත් වෙන්න. එහෙම නම් නීති ඕනෙ වෙන්නෙ නෑනෙ කියලා මම කිව්වොත් ??? 
නීතියකින් මිනිස්සු පාලනේ කරන්න පුලුවන්ද? වගේ ප්‍රශ්න කිහිපයක් මම ඇහුවොත්.

ඔව් ඇත්ත,  මිනිස්සු සමාජෙට පෙන්වන් ඉන්න සමාජ ජීවියා නෙමේ ඇත්තටම එයාගෙ ඇතුලෙ ඉන්නෙ... හොටෙල් එකකට ගිහින් හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවට ගෙදර ආවම හොඳට අතෙන් කනවා..දකුණු අතෙන්ම කන්න ඕනෙ කියලා දෙයකුත් නෑ.😂😂 
කවුරුත් ලඟ පාත නැත්තම් වම් අතෙන් වුනත් කයි. ඒ විතරද ඇගිලිත් ලෙවකයි... ඒක සරලම උදාහරණයක්. 

ඒක නෙමෙ කාරණය... කාරණය නම් මුලින් සඳහන් කල දේ. එනම්,  ආලෝකයට වඩා මිනිස්සු කැමති අඳුරට කියන තර්කය.

මුලු විශ්වයම වසාගෙන තියෙන්නෙ ඝන අඳුරක්. ඉර කියන තරුවක් නැතිනම් අපි නෑ ඇත්තටම. ඒකත් එක්ක යන විද්‍යාත්මක ලස්සන කතාවක් තියෙනවා නේ... ඒක මෙතනට ඕනෙ නෑ කියලා හිතනවා. හ්ම්ම්..

ඉතිං කෙනෙක් අඳුර තරම් ආදරේ වුනාම ඒකෙන් මුලු විශ්වයක් සංකේතවත් වෙනවා. ඒ විතරක් නෙමේ ඒකෙන් ස්වභාවික සත්වයෙක්ගෙ චර්‍යාවන් ගේ ගැබ්ව තියෙන අව්‍යාජ බවක් එක් වෙලා තියෙනවා.  ඒ වචනෙත් එක්ක ආදරේ සුවිශේෂී දෙයක් වෙනවා වගේම අඳුරටත් ආදරේ හිතෙන්නෙ මට විතරද ?🤔 😉

අඳුර හා කළුවර එක්ක යන තව මාතෘකා ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න...

අඳුර සහ කළුවර කියවන ඔබට ඇති යෝජනා චෝදනා වගේම ප්‍රශ්නත් අපි කතා කරමු. එදා මෙදා තුර දිගින් දිගටම කතාවට ලක් වු නොවු මාතෘකා ඔස්සේ යන පෙළගැසීම සමග නැවත හමුවෙන්න බලාපොරොත්තුවෙන් නවතිමි.


🌠 ආලෝකය නැති වුනත් අඳුරයි කළුවරයි කවදාවත් නැති වෙන්නෙ නෑ 👊

ස්තූතියි 🙏

- සජියා

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

වෙන්න ඕනේ කොහොමද? අන්න ඒ ලෙසම වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....



කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...

දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා... 1-     ...