දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා...
- 1- දැන් කොහොමද බං අර වැඩේ...
- 2- ඒක කෙල වුනා බං... දැන් වෙන වැඩක් පටන් අරන් තියෙන්නේ...
- 1- අඩෝ නෑ... බොක්කෙන්...
- 2- ඔව් බං... ඒකටත් කෙල වුනොත් තමා වැඩේ...
ඔය එක විදියක්... තව ඕක කෙල්ලන්ටත් භාවිතා
වෙනවා...
- 1. කෝ බං උබේ කෑල්ල?
- 2. ඒකට කෙල වුනා බං...
ඕක ඕනෙම විදියකට පාවිච්චි කරන්න පුලුවන්... කියෝන
ඔයාලටත් ඕනේ කරන තැනක් තියෙනව නන් දාගන්න...
වැදගත්ම දේ තමයි, ඕක තනියම එන පදයක් නෙවෙයි... ඕක
එන්නේ පැකේජ් එකක් විදියට... ඒ කියන්නේ ඕකත් එක්ක තව පදයක් හෝ කීපයක් එනවා... ඒ
එකක් තමයි “නෝන්ඩිය”...
මොකක් හරි එකකට කෙලවුනාට පස්සේ තමා අපේ කට්ටියගේ
නෝන්ඩිය කියන එක බලාගන්න පුලුවන්... හරි යනකන් මූනක් නොබලන වුන් එනවා කෙල වුනාට
පස්සේ දුක අහන්න... උබලත් ඉතින් මැට්ටෝ වගේ උන් එක්කලා දුක කියනවා... උන් එන්නේ
බොලාලගේ රෙද්දේ දුකක් අහන්න නෙවෙයි බං... උන් එන්නේ උබලට කෙල වුනාට පස්සේ උබලා
විදින දුක බලලා “ආතල්” එකක් ගන්න... ඒක තමා පැකේජ් එකේ 3 වෙනි පදය...
කෙලවීම කියන එක අපට මෙච්චර ලඟ ඇයි... ඒකට හේතු කීපයක්
තියෙනවා... පොඩි කාලේ ඉදන් අපේ මේ සමාජය කරන්නේ අපිට ඕනවට වඩා ‘වේට්’ එකක් දීලා
ඉස්සරහට යන්න තල්ලු කරන එක... ඒක පටන් ගන්නේ 1 වසරේ අච්චු පොත් ටිකෙන්... පොඩි
එකාගේ බර කිලෝ 20ක් කියමුකෝ... ඌට දෙනවා දවසකට ඉස්කෝලෙට ගෙනියන්න කිලෝ 60ක විතර
“වැලි ලෝඩ්” එකක් වගේ “පොත් ලෝඩ්” එකක්... ඌ ඒ ටික ඉස්කෝලේ ගෙනිච්චේ නැත්නන්
මිස්ලා සර්ලා ඌව මරන් කන්න හදන නිසා ගෙන් කරත්තේ අදින ගොනා වගේ ඌ අර ටික බෑග් එකේ
දාන් හතරට පහට නැමිලා ඉස්කෝලේ ගාටනවා... ඉවර වුනාම ගෙදර උස්සන් ගාටනවා...
ඔය සිස්ටම් එකෙන් පොඩ්ඩක් එලියට එන්නේ කැම්පස්
ආවම... මට නන් කැම්පස් එකේ පොත් ටිකක් තිබ්බත් මගේ හොදම යාලුවෝ කොල්ලෝ ගොඩකට අහවල්
විෂයට අහවල් පොත කියලා කියන්න පොතක් තිබුනේ නෑ... උන් කලේ අපේ නෝට් එක පොටෝ
කොපියක් ගහන් පාඩන් කරගන්න එක... එහෙමයි කියලා උන් පාස් වුනේ නැද්ද... අනේ පාස්
වුනා... උන් මටත් වඩා උඩින් ලකුනු දාලා පාස් වුනා... මම ඔය කිව්වේ ‘පිසිකල්’
පැත්ත... ‘මෙන්ටලි’ පැත්තත් ඔහොමම තමයි... මට හොදටම මතක එක දෙයක් කියන්නන්... අපේ
ලොකු අයියා මෙහෙන් ඩිග්‍රිය කරලා වෙන රටකට ගියා ඒකේ ඉතුරු කෑල්ල කරන්න... එයා
කියනවා එයාලා ඒලෙවල් වලට කරපුවා එහේ ඩිග්‍රියට එතනින් ගියාම මාස්ටර්ස් වලට පවා
උගන්නනවා කියලා... දැන් කියයි උසස් අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගත්තුවා වැඩිදුර ඉගෙන
ගන්න එකයි.. අරකයි මේකයි කියලා... මෙහෙමයි එහෙම වෙන්න පුලුවන් එහෙමයි කියලා
මාස්ටර්ස් වලට ඉගෙන ගන්න මනුස්සයට උගන්නන ඒවා ඊට වඩා පට්ටම අඩු වයසක් තියෙන ඒලෙවල්
ඕලෙවල් උන්ට උගන්නනවා නන් මට අනූව නන් ලංකාවේ අධ්‍යාපනය පට්ටම ෆේල්... එහෙනන් උන්ට
ඒලෙවල් නැතුව කෙලින්ම ඩිග්‍රිය දීලා මාස්ටර්ස් දෙන්න තිබ්බනේ... අහවල් තැන
කැහිල්ලටද ඒලෙවල් මේකක් අස්සේ ඔබාගෙන නටන්නේ...
ඔන්න කෙලවීම ආරම්භ වුන තැන... ඉතින් මෙහෙම උගන්නන
කොට ඒක අල්ලන් ඒකත් එක්කම ඉස්සරහට යන්න පුලුවන් එකා යනවා.. යන්න බැරි වුන එකා කොතන
හරි අතෑරුන තැනින් හැරෙනවා.. යන එකා හරි... අතෑරුන එකාට මොකද වෙන්නේ... අන්න ඌට
කෙල වෙනවා... කෙලවීමත් එක්ක නෝන්ඩිය එනවා... දැන් තමා නෑයෝ සනුහරේ කරලියට එන්නේ...
ඕලෙවල් ඇන ගත්තා කියමුකෝ.. ආහ් නෑ... සිස්සත්වේට යන්... මොකෝ වෙන්නේ ඔන්න පාස් වෙන
මාර්ක් එක 125 කියමුකෝ... ඔන්න දැන් 120යි අරන් තියෙන්නේ... ෆේල් නේ... දැන් මොකද
වෙන්නේ...
- අනේ ෆේල් නේද?
- අපරාදේ ලකුනු 5ක් නේ අඩු වෙලා තියෙන්නේ...
- තව ටිකක් වැඩ කරන්න තිබ්බා... නට නට හිටියනේ... නටපු වෙලාවේ වැඩක් කලා නන් පාස් වෙනව නේ...
- දැන් වෙන ඉස්කෝලෙකට යන්න බෑ නේද?
(සිස්සත්වේ පාස් වුන සහෝදර සහෝදරියෝ හිටියොත්
අන්න වුන්ට තමා සුපිරියටම කෙල වෙන්නේ)
- අක්කා/ අයියා නන් පාස් නේද?
- දැන් ඉතින් මල්ලී/ නංගී ෆේල් කියද්දී ලැජ්ජයිනේ... වැඩ කරන්න එපැයි එහෙම අහන්නේ නැති වෙන්න...
- ඔය කාලෙ අක්කා/ අයියා නන් වැඩ කලා හොදටම... දැන් ඉතින් ඔයාට එයාලගේ ඉස්කෝලෙට යන්න වෙන්නේ නෑ...
ඉතින් හරිනේ... බඩුනේ... ඔය ටිකෙන් ඔක්කොම ඕනේ
නෑ... එකක් අහගත්තා නන් ඇති... ආතල්ම වැඩේ කියන්නේ අපි විතරක් නෙවේ, ඕවා අම්මලා
තාත්තලගේ කනට යවලා තව ආතල් දෙනවනේ...
- ඔයාගේ පුතාට ලකුණු පහක් අඩු වෙලාලු නේද? අපේ එක්කෙනා නන් අරගෙන... එයාට හොද ඉස්කෝලයක් හම්බෙලා...
ඔන්න දැන් අම්මලා තාත්තලත් ෆෝර්ම් වෙනවා...
ඔය එකම එක ‘සිනාරියෝ’ එකක් විතරයි... ඕක ඕනෙම
එකකට ගලප ගන්න... ඕලෙවල් අඩු ලකුනු ගත්තත්, ඒලෙවල් අඩු ලකුනු ගත්තත් ඔච්චරයි...
දැන් ඔතනින් කැම්පස් යන්න පාස් වුනා කියමුකෝ...
එතකොට කියන්නේ...
- ආහ් පාස් ද? අපි නන් හිතුවේ නෑ පාස් වෙයි කියලා...
ඒලෙවල් වලින් පස්සේ කැම්පස්...
- අපෝ සෙකන්ඩ් ක්ලාස් එකක්ද? අපේ පුතාට නන් ෆර්ස්ට් ක්ලාස් එකක්...
- තාම ජොබ් එකක් නැද්ද? අපේ පුතා නන් අහවල් කම්පැණි එකේ වැඩ කරන්නේ... අහවල් ගානට පඩි නේ... හෙට අනිද්දා රට යන්නත් ඇවිත්...
- බදින්නැද්ද? දැන් වයසත් හරිනේ.. අපේ පුතා නන් ගිය අවුරුද්දේ බැන්දේ... ඒවා වෙලාවට කෙරෙන්න එපැයි...
- ළමයි නැද්ද? දැන් නන් එක ළමයෙක් හරි ඉන්නෝනේ... අපේ පුතාට නන් පැටියෙක් ඉන්නවා... අනේ සූකිරි පැංචෙක්...
ආයෙම යංකෝ මුලට... ඔයාලා දන්නවද ඒ ඔයාලා ඔය
නෝන්ඩිය දැම්ම ළමයා කොච්චර විභාගෙට මහන්සි වුනාද කියලා? ඔයාලා දන්නවද ඌ කොච්චර
පාඩම් කලාද කියලා? එතනින් ආවම ඔයාලා දන්නවද ඌ ඇයි බැන්දේ නැත්තේ කියලා? ඔයා දන්නවද
ඌට ඇයි ළමයි නැත්තේ කියලා? මොකක්ද ප්‍රශ්නේ කියලා දන්නවද? ඔයාලා දන්නවද ඌට ගෙදර
මොන ප්‍රශ්ණ තිබ්බද කියලා? ඔයාලා දන්නවද ඌ මොන මානසික මට්ටමක හිටියද කියලා? ඉන්නවද
කියලා? ඔයාලා දන්නවද උගේ හිතේ ප්‍රශ්ණ කොච්චර තිබ්බද කියලා?
නෑ... ඔයාලා ඕවාගෙන් එකක් දැනගන්න පුලුවන්..
දෙකක් දැනගන්න පුලුවන්... හැබැයි ඔයාලා ඔය ඔක්කොම දන්නේ නෑ.. ඔයාලා මොක්ද
කරන්නේ... දන්නේ නැති කෙහෙල්මලක් දන්නවා කියලා හිතාගෙන අර ළමයගේ මුලු ජීවිතේම ඔය
වචන ටිකෙන් අරගෙන පොළේ ගහනවා... මොකද වෙන්නේ අර ළමයට... ඒ ළමයා එතන ඉදන් හිතන්න
පටන් ගන්නේ “යකෝ මම ෆේල් වුනොත් මට කෙල වෙනවා... ඒ නිසා ෆේල් වෙන්න හොද නෑ...”
කියන කිසිම වැඩකට නැති ගොන්ම ගොන් අයිඩියා එක ඔලුවට යනවා... මොකද වෙන්නේ ඌ ඊට
පස්සේ ෆේල් වෙන්න බයයි.. ඇයි... ඌ බයයි නෝන්ඩියට... ඌ බයයි උගේ ෆේල් එකෙන්
මිනිස්සු ආතල් ගන්න එකට... එතනින් කවදාවත් සාර්ථක මනුස්සයෙක් එලියට එනවද?
මම හිතන්නේ නෑ...
කෙනෙක් ෆේල් වෙන්නේ ඌට ඕනේ නිසාද? නෑ.. ඒ වෙලාවේ උගේ
තියෙන මොකක් හරි එකකට තමා ඌට එහෙම වෙන්නේ... ඔයාට මොකටද ඒක? ඔයා කවුද තව
මිනිහෙක්ගේ ජීවිතයක් ජජ් කරන්න... ඔයාට එහෙම කරන්න කිසිම අයිතියක් නෑ...
මිනිහෙක්ගේ වයසට හරියනවට වඩා මහා විසාල බරක් උගේ
පිට උඩ තියලා ලොකු කඹේකින් බැඳලා, තව දන්වැළකුත් දාලා ගැට ගහලා, ඒ දන්වැලට
ඉබ්බෙකුත් දාලා උබලා කියනවා දැන් පලයන් ඉක්මනට මේකයි තැන කියලා... අර බර කොච්චර
වුනත් ඌට බෑ ඒක ගලවන්න... ඌට ඒ බර වැඩි නන් ඒක වට්ටන්න බෑ... ඌ වැටුනොත් අර බර
එක්කම වැටෙන්න වෙනවා... ෆේල් වෙන එකෙන් සක්සස් එකකට යන්න... පරාජයෙන් දිනුමකට යන්න
ඌට තේරෙන්නේ නෑ... මොකද අතනදී ඌ වැටුනම වටේ ඉන්නවුන් කරන්නේ “උබට පුලුවන් නැගිටපන්
කොල්ලෝ... කෙල්ලේ... උබ ඇදපන් අපි ඉන්නවා උබ එක්ක...” කියලා කියන එක නෙවේ... උන්
කරන්නේ “නෙදකින් මෙහෙම එකෙක්... මේකවත් ඇදගන්න බෑ...” කියන එක... ඒක නිසා ඌ එදා
ඉදලම හිතන්නේ කෙලවුනොත් එතනින් එහාට ගමනක් නෑ කියලා... අධෛර්‍යමත් වෙන එක අපට පොඩි
කාලේ ඉදලම වටේ උන් කියාදෙන නිසා...
ඇත්තටම මිනිස්සු බය කෙලවෙන එකටත් වඩා නෝන්ඩියට...
මොකද හැම මනුස්සයෙක්ම බලන් ඉන්නේ අනික් එකාට කෙල වෙනකන්... හැබැයි නෝන්ඩිය කියන
එක, එක එක විදියට වෙන්න පුලුවන්... ගෙඩක් වෙලාවට ඕක, පිරිමින්ගේ තියෙන මහන්තත්ත කමට
ගෑනු පහත් කියලා නෝන්ඩි කරන තැන දකින්න තියෙනවා... ඕකම අනිත් පැත්තටත් වෙන්න
පුලුවන්... දෙයක් කරගන්න බෑ කියලා නෝන්ඩි කරන්න පුලුවන්... මොකක් හරි දෙයකට
උත්තරයක් වැරදියට දුන්නොත් ඒකට නෝන්ඩි කරන්න පුලුවන්... සරලවම මම මේ කියන්නේ ඉංග්‍රීසි
භාෂාවෙන් bully කරනවා කියන දේ ගැන...වචනේ
අර්ථය වෙන එකක් වෙන්න පුලුවන්... ඒත් මම මෙතන කතා කරන්නේ ඒ අර්ථය අරගෙන...
ඔතන ඔය කියන වගේ පිරිමි
සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා... ඒ වගේ ඈයන්ට පිරිමි මොනා නොකළත් උන්ට වඩා කෙනෙක් නෑ...
ගෑනු මොනා කළත් උන් කරන දේවල අගයකුත් නෑ... ගෑනුන්ව සලකන්නේ වැඩ සේරම කරගෙන ඉන්න
ඕනේ අය ගානට... සේරම අතට පයට කෙරෙන්න ඕනේ... අවස්ථාවක් හම්බුනාම අනිත් අය සේරම
ඉස්සරහා ඒ ගෑනුන්ගේ තියෙන අභිමානය සේරම නැති කරලා දානවා... ඒක ගන්නේ මහා ලොකු
හපන්කමක් කරපු ගානට... ඒක බැනුමකින් වෙන්න පුලුවන්, නැත්නන් විහිලුවකින් වෙන්න
පුලුවන්... ගෑනුන්ට ඇත්තටම ඒ වෙලාවට කරගන්න දෙයක් නැතුව අසරණ වෙනවා... (මම මෙතන
ගෑනු කියලා ගත්තේ පැහැදිලි කීරීම පහසු වෙන්න... ඕක ඕනැම තැනකට ගලපන්න පුලුවන්...)
ඒ විතරක් නෙවේ... පිරිමි
වැඩට ගිහින් ඇවිත් කියන්නේ හොදටම මහන්සියි කියලා... ගෑනු මනුස්සයා එහෙම කිව්වොත්
මොකද කියන්නේ... “ඔයා දවසම ගෙදර ඉදලා මොන මහන්සියක්ද?”... එතකොට හිතන්න බෑ ඒ
මනුස්සයට කෑම ටික මේසේ උඩට ආවේ කොහොමද කියලා... බඩගිනියි කියනකොට කන්න... රෙදි ටික
හේදිලා වේලිලා අල්මාරියට ගියේ කොහොමද කියලා... පහුවදා වැඩට යන්න අදින්න... ගේ
පිළිවෙළට තියෙන්නේ කොහොමද කියලා... වැඩ ඇරිලා ආවම පොඩ්ඩක් සිත සැනසෙන්න වාඩි වෙලා
ඉන්න... ගෙදර වත්ත පිලිවෙලට තියෙන්නේ කොහොමද කියලා... මහන්සියට එලියට බැස්සම මල්
දැක්කම හිත සැනසෙන්න... ළමයින්ගේ වැඩ එකක් වත් වැඩ ඇරිලා ආපු එයාට කරන්න නැති වුනේ
කොහොමද කියලා... එකක් නෑර හොයලා බලලා කරලා තියෙන නිසා...
එහෙනන් ඇත්තටම මේ
නෝන්ඩිය කියන එක වටිනවද මෙහෙම අයට කියන්න?
මනුස්සයෙක් ෆේල් වුනා
කියන්නේ එතනින් ඒ මනුස්සයගේ මුලු ජීවිතේම කෙලවෙනවට නෙවෙයි. මනුස්සයෙක් ෆේල් වුනා
කියන්නේ ඒ මනුස්සයා නෝන්ඩිවෙන්න සුදුස්සෙක් වෙන එක නෙවෙයි. මනුස්සයෙක් ෆේල් වෙනවා
කියන්නේ ඒ මනුස්සයව ආතල් එකට ගන්න පුලුවන් කියන එක නෙවේ... මනුස්සයෙක් ෆේල් වුනාම
ඒ මනුස්සයා වැටෙනවා... ඒ මනුස්සයට රිදෙනවා... කවුරුත් කැමති නෑ නෝන්ඩි වෙන්න...
කවුරුත් කැමති නෑ ආතල් එකක් වෙන්න... හැමෝම කැමති තමන්ගේ අභිමානය තියාගෙන ජීවත්
වෙන්න... ඒකට හේතුව හැම කෙනෙක්ටම එයාගෙම කියලා අභිමානයක්, සතුටක්, ජීවිතයක්,
අරමුණක්, අභිප්‍රායක් හා බලාපොරොත්තුවක් මහමෙරක් උසට තියෙන නිසා... කෙනෙක්ව නෝන්ඩි
කරන්න කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා, හිතන්න ඒක ඔයාට වුනා නන්, එතන එයා නැතුව
ඔයා හිටියා නන්, එයාට වුනදේට ඔයා මුහුණ දුන්නා නන්... කැමතිද එයාගෙන් නෝන්ඩි
වෙන්න?
ජීවිතේ කියන්නේ අපි
අනිත් හැමෝම එක්ක බෙදාගෙන ජීවත් වෙන්න ඕනේ දෙයක්... ඒකට ඔය මැද්දට “මහන්තත්තකම”,
“ලොකුකම” ආවම අනිත් මනුස්සයාට “කෙලවුනාම” ජීවිතේ බෙදාගන්න අමතක වෙනවා... එතකොට
තමයි ඔය කෙලවීමේ පැකේජ් එකත් එක්ක එන “නෝන්ඩියයි” “ආතල්” එකයි එළිබහින්නේ...
මනුස්සයෙක්ට කෙලවුනාම ඔක්කොටම කලින් උගේ සයිඩ් එකෙන් ඒක දිහා බලන්න තේරුම්ගන්න...
ඌ ඉන්න තත්ත්වය තේරුම් ගන්න... ඌට උඩට යන්න උදව් කරන්න... අර කතාවක් තියෙන්නේ ‘කළ හොද
තමයි පස්සෙන් එන්නේ’ කියලා... මිනිස්සු අතරේ මනුස්සයෙක් වෙන්න...
අන්න එදාට අපේ පොඩි එවුන් තේරුම් ගනියි
ෆේල් වෙන වුන් තමා ජීවිතෙන් පාස් වෙන්නේ කියලා...
ජය වේවා!
උස්සනවනන් නම එක්කම
උස්සපන්...
(නම නැතුව උස්සන එකයි රෙදි
නැතුව පාරේ යන එකයි සමානයි කියනවා...)
-අභි_සරා
පත්තරෙට දන්න වටින ලිපියක්.
ReplyDelete<3
Delete