පහල පොස්ට් එක කනා දැකලා කතාවක් මතක් වුනා...

මම ඉස්කෝලේ යන කාලේ, ඉස්කෝලේ ඉවර වුනාම අම්මා මාව දාගෙන එහෙම්මම ක්ලාස් අරන් යනවා... මහ
ලොකුවට පොඩි කාලේ ක්ලාස් කියලා නන් ගිහින් නෑ... ඒත් ඒ යන දවසට අම්මා බත් එකක්
අරන් එනවා...
මම බත් එක කන්නේ අම්මා එක්ක වාහනේ යන ගමන් මයි... එක දවසක් අම්මා මට
බත් එකත් එක්ක ටිපිටිප් පැකට් එකක් ගෙනත් තිබ්බා...
දැන් වගේම තමා ඒ කාලෙත් ටිපිටිප් තියෙනවා නන් වෙන මුකුත් ඕනේ නෑ...
මම බත් එක කාලා ටිපිටිප් එකත් කාලා බොරැල්ල හන්දියේ traffic light එකේ නවත්තන් ඉන්න කොට දෙපාරක් හිතුවේ
නෑ shutter එක ඇරලා කොලේ දැම්මා බිමට...
ඇත්තටම මට ඒකේ ලොකු දෙයක් තේරුනේ නෑ...
ඒත් අම්මා මං දිහා බැලුවේ මම දේශද්‍රෝහි වැඩක් කලා වගේ... බලලා කිව්වේ එක
දෙයයි...😡
"බැහැලා ගන්නවා ඒක... නැත්නන් මම
මෙතනින් හෙලවෙන්නේ නෑ" ඔරවගෙන කිව්ව විදියට ඒ වෙලාවේ එතන බිල්ගේට්ස් හිටියත්
බැහැලා ගන්න වෙන සීන් එකක් තිබ්බේ...😥
ඇත්තටම අම්මා වාහනේ ඇද්දුවේ නෑ...
මම දඩබඩ ගාලා බැහැලා කොලේ අරන් නැග්ගා... කියන්න බෑ අපේ අම්මා අනිවා
ඕක නවත්තන්ම ඉදීද කියලා... ඒ තරම්...
හැබැයි එදා ඒ දීපු දඩුවම නිසා මම අදවෙනකන් කිසිම තැනක කොලයක් වත්
දාලා නෑ... නිකන් හරි දාන්න යන වෙලාවට අම්මගේ එදා අර
ඔරෝගෙන හිටිය මූණ තමා මතක් වෙන්නේ... එක අතකට ඒක හොදයි... නැත්නම් මමත් සාමාන්‍ය
ලාංකිකයෙක් වෙනවා...😝
හොදම
දේ කියන්නේ එදා අම්මා ඒ කරපු දේ නිසා මම හැදුනා... කොච්චර හැදුනද කිව්වොත් අනිත්
උන්ට කුණු දාන්න දෙන්නේ නැති තරමට හැදුනා...
ඒ නිසා ඇත්තටම ඔය කුණු කතන්දරේට උත්තර හොයාගන්න ඕනේ පවුල තුලින්ම
තමා... කුණු දානවා කියන එක හදාගන්නත් ඕනේ ගෙදරින්ම තමයි... අම්මලා තාත්තලා හැමතැනම
කුණු දාන මිනිස්සු නන් ළමයි ගැන කිනම් කතාද...
මහ කකුලුවා ඇදේට ගිහින් පැටවුන්ට කෙලින් යන්න කියලා කිව්වට උන් යන්නේ
නෑ නේ... නිකන්ම පවුලේ තත්ත්වේ එලියට එන්න ගන්නවා...
ඔය කුණු ප්‍රශ්නේ කොළඹ අපේ අයියලාගේ ගෙවල් ආසන්නයේද තිබුනා... ඔක්කොම
අස් කරලා නිදාගෙන පහුවදා උදේ ඇහැරෙනකොට ගේ ඉස්සරහා ලොකු කුණු ගොඩක්... 😣
බැරිම තැන
ඔක්කොම අස් කරලා ගැහුවා ලොකු අකුරෙන් බෝඩ් පේලියක් “කුණු දැමීම බල්ලන්ට පමණයි” කියලා ... අපරාදේ කියන්න බෑ දවස් කීපයක් වැඩේ නැවතිලා තිබුනා... ඊට පස්සේ හරියටම
බෝඩ් පේලිය ඉවර වෙන තැන කුණු එකක් දාලා ගිහින්...😒 Man හිතන්න ඇති එතකොට
බල්ලෙක් වෙන්නේ නෑ කියලා...
තාත්තා එක දවසක් දැකලා ත්‍රී වීල් එකකින්
කුණු තියනවා “ගනින් තොගේ කුණු එක කියලා” බැනලා ඒ මනුස්සයා ඒක අරන් ගිහින්... වැඩක්
නෑනේ ඕක ආයේ කොහේ හරි තියලා යනවා...
තව සිද්ධියක්, අපේ ගේ ගාව ගේට්ටුව එක්කම ලොකු
නුග ගහක් තියෙනවා... ඉස්සරහා office
එකක් එක්ක කඩයක් තියෙනවා...
මේකේ ඉන්න ගෑනු කෙනා අර නුග ගහේ ඇණ ගගහා ඒ කඩේ කාලා බීලා ඉවර
වෙන ඒවා, කිරි පැකට්, යෝගට් කප් ඔක්කොම මල්ලක දාලා අර ඇණේ එල්ලනවා...
ඒ ඇණේ තිබ්බ කුණු
එක අරන් යනකන් ඉදලා මම ගලවනවා, ආයේ එයා ගහනවා... ආයේ මම ගලවනවා, ආයේ එයා
ගහනවා... බැරිම තැන එක දවසක් කුණු එක අරන් යනකන් බලන් ඉදලා මම මිටියක් අරන්
ගිහින් ඇණේ ගලෝලා එහෙම්මම ගියා අර කඩේට... 😠
කඩේ කට්ටියත් හිටියා... මම ඉතින් ගිහින්
කිව්වා, “ඇන්ටි අර නුග ගහේ ඇණ ගහන්න එපා. ඒකෙන් ගහත් සවුත්තු වෙනවා... මම මේ දැන්
ඔයා ගහලා තිබ්බ ඇණේ ගැලෙව්වේ... ඇණ ගහලා කුණු එල්ලන්න එපා ඒ අපේ ගේ ඉස්සරහා” කියලා... මේ මනුස්සයා අහපී, “නැත්නං අපි කොහෙද කුණු දාන්නේ? බිම දැම්මොත් බල්ලෝ අදිනවා... මෙතන
ඔපිස් එක නිසා තාප්පේ ඇණ ගහලා එල්ලන්න බෑ... ඒකයි ගහේ එල්ලුවේ කියලා”
යකාගේ කතාවක්
නේ ඒක... මම අනිත් අතට කිව්වා “ඔයා මාර කතා නේ කියන්නේ කෙහෙල්මල් ඔෆිස් එකක් කියලා
මේකේ ඇණ ගහන්න බැලූ අපේ ගේ ඉස්සරහා දැම්මට කමක් නෑ ලු... මොලයක් තියෙනවා නේද?
මේකේ ඇණ ගහ ගන්න බැරි නං, බිම දැම්මම බල්ලොත් අදිනවා නං, ලග තියාගෙන ඉදලා ට්‍රැක්ටර්
එක ආවම දෙන්න... ඒ මිනිස්සු හැමදාම එනවනේ... හැබැයි ඇත්තමයි ආයේ දාලා තිබ්බොත් මම
ඔය කුණු එක ගෙනත් කඩේ ඉස්සරහා අතුරලා තියනවා එන්න එපා වචනයක් කියන්න...” කියලා...
මම එතකොට ඉස්කෝලේ යනවා A/L
පන්ති වල... හැබැයි ආයේ දැම්මොත් මම අර වැඩේ කරනවාමයි
කියල මයි හිටියේ... ලජ්ජා හිතෙන්න ඇති ආයේ නං කුණු දාලා තිබ්බේ නෑ...😂මේ සිද්දිය
ඇත්තටම ඇත්ත... මගේ අම්මායි පුංචියි දෙන්නම සාක්ෂි...
මම මේකෙන් තව දෙයක් ඉගෙන ගත්තා... ඒ තමයි පොඩි
වුනාට අපිට පුළුවන් ලොකු අයටත් වැඩිය ලොකු දෙයක් කරන්න... ඒ නිසා අම්මලා තාත්තලා
දරුවන්ට ඉගැන්වුවොත් රට ලස්සනට තියා ගන්න සමහර විට අද හෙටම නැති වුනත් වැඩිකල්
යන්න කලින් අපිටත් ලස්සන රටක් හදා ගන්න පුළුවන් වෙයි...
හැබැයි ඒකට ඔය ඔළුවල තියෙන උද්දච්ච කම පැත්තකින් තියන්නත් වෙයි... මොකද ඒක තියාගෙන ළමයින්ට කුණු අදින්න උගන්නන්න පොඩ්ඩක් විතර අමාරුවෙයි... මට ඒ වටිනා ආභාසය මගේ අම්මයි තාත්තයි දුන්නා...
ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න...
ගෙදර හැදුනොත් ගම හැදෙයි, ගම
හැදුනොත් නගරේ හැදෙයි, නගරේ හැදුනොත් පස්සේ රටත් හැදෙයි...
එකෙක් හරි හැදෙයි කියලා තමයි මේ කතා ඔක්කොම කිව්වේ...
කියෙව්වට ස්තූතියි...
-අභී_සරා-
No comments:
Post a Comment