කෙනෙක් අදුර තරම් තමන්ට ආදරෙයි කියන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?...
අඳුර සහ කළුවර කියන්නෙ දෙකක් ද එකක් ද කියලා කල්පනා කරනවට වඩා
වැදගත්ම දේ අපි මොකක්ද එයින් බලාපොරොත්තු වෙන්නෙ කියන එක...
මිනිස්සු අඳුරෙදි ආලෝකයක් බලාපොරොත්තු වුනාට ඔවුන් සජීවි ලෝකෙන්
මිදිලා තමන් තමන් ම වෙන්නෙ කළුවරේ දි. ( එහෙමද ?)
මම මෙහෙම ඇහුවොත් රටක සම්මත නීති පද්ධතියක් හදලා තියෙන්නෙ කවුරු වෙනුවෙන්
ද කියලා ඔබ කියාවි ඒ රටේ මිනිස්සු වෙනුවෙන් කියලා.
(ඒ ඇයි?)මිනිස්සුන්ට පුලුවන් නෙ කාටවත් කරදරයක් නොවෙන
විදියට ජීවත් වෙන්න. එහෙම නම් නීති ඕනෙ වෙන්නෙ නෑනෙ කියලා මම කිව්වොත් ???
නීතියකින් මිනිස්සු පාලනේ කරන්න පුලුවන්ද? වගේ ප්‍රශ්න කිහිපයක් මම ඇහුවොත්.
ඔව් ඇත්ත, මිනිස්සු සමාජෙට පෙන්වන් ඉන්න සමාජ ජීවියා නෙමේ
ඇත්තටම එයාගෙ ඇතුලෙ ඉන්නෙ... හොටෙල් එකකට ගිහින් හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවට ගෙදර
ආවම හොඳට අතෙන් කනවා..දකුණු අතෙන්ම කන්න ඕනෙ කියලා දෙයකුත් නෑ.😂😂
කවුරුත් ලඟ පාත නැත්තම් වම් අතෙන්
වුනත් කයි. ඒ විතරද ඇගිලිත් ලෙවකයි... ඒක සරලම උදාහරණයක්.
ඒක නෙමෙ කාරණය... කාරණය නම් මුලින් සඳහන් කල දේ. එනම්,
ආලෝකයට වඩා මිනිස්සු කැමති අඳුරට කියන තර්කය.
මුලු විශ්වයම වසාගෙන තියෙන්නෙ ඝන අඳුරක්. ඉර කියන තරුවක් නැතිනම් අපි නෑ ඇත්තටම. ඒකත් එක්ක යන විද්‍යාත්මක ලස්සන කතාවක් තියෙනවා
නේ... ඒක මෙතනට ඕනෙ නෑ කියලා හිතනවා. හ්ම්ම්..
ඉතිං කෙනෙක් අඳුර තරම් ආදරේ වුනාම ඒකෙන් මුලු විශ්වයක් සංකේතවත්
වෙනවා. ඒ විතරක් නෙමේ ඒකෙන් ස්වභාවික
සත්වයෙක්ගෙ චර්‍යාවන් ගේ ගැබ්ව තියෙන අව්‍යාජ බවක් එක් වෙලා තියෙනවා. ඒ වචනෙත් එක්ක ආදරේ සුවිශේෂී දෙයක් වෙනවා වගේම
අඳුරටත් ආදරේ හිතෙන්නෙ මට විතරද ?🤔 😉
අඳුර හා කළුවර එක්ක යන තව මාතෘකා ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න...
අඳුර සහ කළුවර කියවන ඔබට ඇති යෝජනා චෝදනා වගේම ප්‍රශ්නත් අපි කතා
කරමු. එදා මෙදා තුර දිගින් දිගටම කතාවට ලක් වු නොවු මාතෘකා ඔස්සේ යන පෙළගැසීම සමග
නැවත හමුවෙන්න බලාපොරොත්තුවෙන් නවතිමි.
🌠 ආලෝකය නැති වුනත් අඳුරයි කළුවරයි
කවදාවත් නැති වෙන්නෙ නෑ 👊
ස්තූතියි 🙏
- සජියා
No comments:
Post a Comment