Saturday, November 3, 2018

ආදරණීය රාවණා...

ආදරණීය රාවණා ....


නෑ වැරදුණා මට


හිතවත් රාවණා ....



මට තාම හරි දුකයි රාවණා

උඹටත් මං හින්දා හරියට

දෙස් දෙවොල් නේද

රාවණා ....



අන්තපුරයක් එක්ක

නිදිවැදුණු රාමාත්

සුපර්ණිකාව වනසපු

ලක්ෂ්මනුත් දැන් හරි

වීරයෝ වෙලා

රාවණා ...



උඹව රාමාට පාවා දුන්නු

විභීෂණ අද දෙවි

කෙනෙක් වෙලා

උඹේ රට ගිනිතියපු හනුමාට

උඹේ රටේ උන් ම වැදුම් පිදුම්

කරනවා රාවණා ...



ගැහැණියකගේ ගැහැණුකම

ආරක්ෂා කරපු උඹට

සල්ලාලයෙක් කියනවාලු

නේද රාවණා....



තාමත් භාරතයේ

දුස්රා උත්සව තියලා

උඹව පුච්චනවා රාවණා ...

ඔව්...

උන් තාම උඹට මහා හුගක්

බය ඇතියි රාවණා ...



උඹ මට පෙම් කලාලු

මට උඹව මගහැරැණේ

මගේ පෙර පවකටලු

දැන් උන් එහෙමත් කියනවා

රාවණා ...



ඇත්ත...

මට උඹව මගහැරැණේ

මගේ පෙර පවකට

ඒක ඇත්ත රාවණා ...



උඹ වගේ දඩබ්බර හිතක් ලග

ගෑනු අපි දපනේ වැටෙනවා

රාවණා ...



ඒත් උඹ ආදරේ කලේ

මන්දෝදරියට විතරයි

උඹේ හිතයි මමයි දන්න ඇත්ත

ලෝකෙට ම කියපන්

රාවණා ...



මන්දෝදරිය එක්ක උඹ

පෙම් කරපු ආලකමන්දාව

ගිනිගද්දී උඹට වඩා මං

දුක්වුණා රාවණා ...



ඇත්තමයි

උඹ තරම් ගෑණියකට ගරු කරපු

උඹ තරම් ලංකාවට පෙම් බැදපු

උඹ තරම් ආදරේ දන්න

කවුරුවත් ම

මම තාම දැක්කේ නෑ

රාවණා ...



ඉතින් මං ආයෙමත් ගින්නට පනින්නම්

උඹේ නමින් විතරක්

රාවණා ...

උඹේ නිදොස් බව

එහෙමවත් ලෝකෙට කියන්න ද

රාවණා ...



පුළුවන් නම් එකම එක වරක්

ආයෙමත් ඇවිදින්

මේ ලෝකේට ඇත්ත ආදරේ හැටි

කියලා දීපන්

රාවණා ....



උඹට හොරෙන්

උඹට පෙම් කරපු

මං සීතා.....



#copied 😒

**********************************************************

පළවෙනියටම ලිව්ව කෙනා ගැන නම් දන්නේ නෑ... කවුරු නමුත් හොදටම ලියලා තියෙන නිසා share කලේ. රචකයා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පහලින් mention කරගෙන යන්න.

ස්තුතියි...


No comments:

Post a Comment

කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...

දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා... 1-     ...