[මොනවද බං ඔය අහස පොලව ගැටගහන්න වගේ හිතන්නේ?]
සිංහලයා කියන්නේ මහා කාලකන්නි ජාතියක් බං... අපේ මේ කියන ජාතිය කවදාවත් තමන්ට කියලා කිසිදෙයක් හරියට ලබාගත්තු ජාතියක් නෙවේ. ඉස්සරත් එහෙමයි. අදත් එහෙමයි...
සිංහලයා කියන්නේ මහා කාලකන්නි ජාතියක් බං... අපේ මේ කියන ජාතිය කවදාවත් තමන්ට කියලා කිසිදෙයක් හරියට ලබාගත්තු ජාතියක් නෙවේ. ඉස්සරත් එහෙමයි. අදත් එහෙමයි...
[ඇයි ඒ?]
අපේ මිනිස්සු 1815 සුද්දට රට පාවලා දුන්න නේ...
[ඇයි?]
ශ්‍රී වික්‍රම රාජසිංහ හොද නැතෙයි කියලා...
[හා... පාවලා දීලා හොද එකෙක් හොයා ගත්තද ඉතින්?]
රෙද්ද! උන්න එකත් නැති කරගෙන කාලකන්නි නොපෙනෙන පරදේසක්කාර විගඩම්කාරයන්ට ඔලුව නවන්න වුනා...
[එහෙනං උබලා පාඩමක් ඉගෙන ගන්න ඇති...]
පාඩමක්... මොන පාඩම්ද? හරක්ට මොළේ දෙන්න පුලුවන්ද බං...
[ඇයි?]
යකෝ අපේ උන් සුද්දට 1815 රට පාවලා දුන්නට සිංහල කියන මහජාතිය වට්ටන්න බැරි වුනා... අපි වැටුනේ නෑ... සිංහලයා කියන්නේ එහෙම වට්ටන්න පුළුවන් ජාතියක්වත් අල්ලන්න පුළුවන් ජාතියක්වත් නෙවේ... 1815 ගිවිසුම අත්සන් කරලා යනකොටත් අපේ මිනිස්සු මුන්ට විරුද්ද වෙන්න හිතලා ඉවරයි... ඒ නිසා තමා කුඩාපොළ හාමුදුරුවෝ කූඹි රැලක් උන්ගේ රැජින එක්ක යනවා දැකලා කියන්නේ,
අනේ කුහුම්බුවනේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාවෙනි අපි තැවෙන්නේ
ඒ නිසාවෙනි අපි තැවෙන්නේ
රජෙක් ලැබුනොතින්
කැවුම් කිරිබත් කන්නා
පෙළහැර පන්නා
සාදු නාදෙන් ගිගුම් දෙන්නා
කියලා...
[ඒ විතරද?]
නෑ... සුද්දට අපේ රට, අපේ උන් හරියට ලියලා දෙන්න කලින්, උන්ගේ කොඩිය ඉස්සුවහම අපේ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ උන්ගේ කොඩිය බිම දාලා පාගලා අපේ කොඩිය ඉස්සුවා... අන්න එතන තමා බං මේ සිංහලයාගේ ගැම්ම තිබුනේ... ගැම්ම තියෙන්නේ...
[ඊට පස්සේ?]
මැකෝලි එනවා ඉන්දියාවට ඇවිත් බලලා 1835 පෙබරවාරි 2 එංගලන්ත පාර්ලිමේන්තුවේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා...
"I have travelled across the length and breadth of India and I have not seen one person who is a beggar, who is a thief such wealth I have seen in this country, such high moral values, people of such caliber, that I do not think we would ever conquer this country, unless we break the very backbone of this nation, which is spiritual and cultural heritage and therefore, I propose that we replace her old and ancient education system, her culter, for if the Indians think that all that is foreign and Engish is good and greater than their own, they will lose their self-esteem, their native culture and they will become what we want them, a truly dominated nation"
ඒ කියන්නේ "මම ඉන්දියාව වටේම දිගට හරහට ඇවිද්දා මම එක හොරෙක්වත් හිගන්නෙක් වත් දැක්කේ නෑ..."
දැන් නං ලංකාවට එන උන්ට දියවන්නාවට ගියාම ඔය ඔක්කොම ඕනේ එකෙක්ට එක පාර බලාගන්න පුළුවන්...
ඊට පස්සේ ආයේ ඔහු කියනවා... "මම ඒ වගේ ධනයක් මේ රටේ දැකලා නෑ... ඉහලම සදාචාර වටිනාකම්... විශිෂ්ඨ ඥානයක් ඔවුනට තිබුනා... අපිට කවදාවත් මේ රට යටත් කරගන්න වෙන්නේ නෑ... මේක යටත් කරගන්න නං අපි කරන්න ඕනේ අපි මේ ජාතියේ පිටකොන්ද කැඩිමයි... ඒ කියන්නේ මොවුන්ගේ ආධ්‍යාත්මික හා සංස්කෘතික උරුමය බිද දැමිය යුතුයි. ඒ නිසා මම යෝජනා කරනවා ඔවුන්ගේ පුරාණ පැරණි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ...
අපිට ඉස්සර තිබුනේ පිරිවෙන් අධ්‍යාපනය... අපිටම අනන්‍ය වුනු සටන් ශිල්පයක්... අංගම් කියලා... මේවා නිසා කාටවත් අපට අත තියන්න පුළුවන් වුනේ නෑ... අපි ශක්තිමත් නිසා... ඒ නිසා තමා සුද්දා තවත් කරන්න ඕනේ දේ කියන්නේ...
"ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ... ඉන්දියානු චින්තනය තුලින් ඔවුන්ගේ දේට වඩා ඉංග්‍රීසිය විදේශීය දේ හොදයි කියලා පිළිගත්තොත් මේ දේ හරියන්න පුළුවන්... එතකොට එයාලගේ ආත්ම ශක්තිය විනාශ වෙනවා... ඔවුන්ගේ සාම්ප්‍රධායික සංස්කෘතිය අහෝසි වෙනවා... එකේ ප්‍රතිපලය විදියට අපිට එයාලව යටත් කරගන්න පුළුවන්... "
අන්තිමට සුද්දා ඔය දේම තමා කරන්නේ... අන්තිමට අපි කොච්චර උන්ට යටත් කාලකන්නි ජාතියක් උනාද කිව්වොත් උන්ගේ කෙල ටිකකුත් අපිට හෙනට වටින්න ගත්තා... ඉංග්‍රීසි වචනයක් දෙකක් කටේ ගාගත්තම උන් හිතන් ඉන්නේ උන් හෙන පොරවල් කියලා... ආච්චිගේ රෙද්ද... යකෝ චීන ජනාධිපති චීන භාසාවෙන් අගේට කතා කරනවා.. කොරියාව, ජපානය හැමෝම එහෙමයි... අපේ කාලකන්නි හැත්ත මොකෝ කරන්නේ උන් හිතන් ඉන්නේ ඉංග්‍රීසි බෑ කියන්නේ හද්ද ගොඩේ පොරක් කියලා... ඉංග්‍රීසි පුළුවන් නම් ඌ තමා මිනිහා... අනේ බන් උබලගේ ගොඩේ ලොජික්...
සිංහලයා කියන්නේ ගැම්මක් එක්ක ඉපදුනු ජාතියක්... ඒ ගැම්ම අපේ එකා උපදින කොටම ලේ වලින් එන ගැම්මක්... ඒ ගැම්ම තමයි උන්ට නැති කරලා දන්නා ඕනේ වුනේ...

[ඔච්චර ගැම්මක් තිබ්බා නම්... යටත් කරගන්න බැරි වුනා නං කොහොමද අපි සුද්දට ගියේ?]
1815 සුද්දට රට දුන්නේ රටේ උන්න මහා උන්... හැබැයි උන් දුන්නේ උන්ට කරගන්න දෙයක් නැති උන කමට... ඇරත් අපි ඒකට හා කියමුකෝ... ඒ නිසා විතරක් නෙවේ එදාම උන්ට විරුද්ද සටන අපි පටන් ගත්තා... ඒ නිසා අපි වැටුනේ නෑ... 1818 සටන අපි වෙල්ලස්සේදී පැරදුනා බං... අන්න එදා කොන්ද කෙලින් තියන් තීරණ ගන්න හිටිය නායකයෝ සුද්දගේ රෙද්ද අස්සේ ඉදන් අපේ උන් අර කාලකන්නි අතින් මැරිලා යන හැටි මහ ජාතිය වෙලත් බලන් උන්නා.. අන්න එදා තමා මගේ ජාතිය වැටුනේ...
[අද මොකද වෙලා තියෙන්නේ?]
අද වෙලා තියෙන්නෙත් ඕක තමා... සල්ලි වලටයි බලයටයි කෙල හලන්න ගියාම ජාතිය බේරගන්න උන්න මිනිස්සුන්ට ජාතිය ආගම අමතක වුනා... උන්ට මතක් වුන එකම දේ තමන්ගේ මඩිය විතරයි... ඉස්සෙල්ලා ජාතිය තර කරගන්න ඕනේ කඩුවකට තුවක්කුවකට පපුව දෙන්න තරමට කොන්දක් තිබ්බ මගේ සිංහලයට මඩිය මතක් වෙද්දී ලජ්ජා නැතුව සුද්දාගේ යට ඇදුම ඉබින්න පුළුවන් උනා...
ඉස්සර අපි නැතුව යුද්දේ දිනන්න බෑ කියලා පෙරමුණ ගත්තු නායකයෝ පස්සේ අපි නැතත් ඕක පරදිනවා කියලා නකුට පස්ස අස්සේ ගහගෙන හැංගෙන්න පටන් ගත්තා... ඔය 1948 අපි හෙන ලොකු නිදහසක් ගත්තා කියලා මහා ඉහලින් ඔය අටමගල සැමරුවට අපි දිනාගත්ත ඇති නිදහසක් නෑ බං... ඒකත් අපේ පිනට ලැබුනේ... අපිට ඒක පිනට ලැබුනේ ඉන්දියාවෙන්...
ඉන්දියාවේ මංගල පාන්ඩේ ලා සුද්දට විරුද්දව කඩුව අතට ගන්නකොට අපේ උන් සුද්දට යන්න පාරවල් සුද්ද කරන්න ඉලපත අතට ගත්තා... භගත් සිං ලා ගිරිය කඩාගෙන කෑගහනකොට අපේ උන් සුද්දට දෙකට තුනට නැවිලා උන්ගේ කුණු හෝදනවා... ගාන්ධි ලා ජාතිය වෙනුවෙන් හඩ නගනකොට අපේ උන් ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ මුල්ලකට වෙලා උන්නා... පස්සේ ඉන්දියාවේ උන් කැරලි කරලා කෝලාහල කරලා 1947 නිදහස ගත්තම එකත් අපේ පාත්තරේට 1948 පිනට ලැබුනා...

පස්සේ පස්සේ අපේ උන් ඒ කාලකන්නි කම දොහොත් මුදුන් දීලා පිළිගත්තා... මොකද ඌ නොකලට අනිකා ඉන්නවනේ... ඕක තමා උන්ගේ තර්කේ...
සුද්දා දැනන් උන්නා මහජාතිය උනත් මුන් මහා හරක් ජාතියක් කියලා... ඒ නිසා තමා සාමාන්‍ය මිනිස්සු අතට බල දෙන්න මුන් අකමැති වුනේ...
[ඒ කොහොමද?]
අපිට සුද්දා ඇවිත් “සුදු මිනිසාගේ වගකීම” කියන ලොකු පාඨයක් එක්ක සර්වජන ඡන්ද බලය කියලා එකක් දීලා ගියා... සුද්දා අපිට ඕක දෙනකොට දෙපාරක් හිතුවා... මොකද උන් දැනන් උන්නා ‘වඳුරට දැලි පිහිය ලැබුනම’ කොහොමද කියලා... ඒ නිසා ඕක දෙන්න කලින් දෙපාරක් හිතුවා... ඒ විතරක් නෙවේ අපේ රටේ උගතුන් පවා ඔය බලය අපේ සාමාන්‍ය කෙනාට දෙද්දී බය වුනා... මොකද උන් දැනන් උන්නා අපේ උන් කවදාවත් ඔච්චර බලයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ කියලා... බොරුද ඉතින්? නෑ... මං අර කලින් කිව්වා වගේ හරක්ට මොලේ දෙන්න පුලුවන්ද බං?
බලපන් අද සමාජේම... පාර්ලිමේන්තුවේ ඉන්නේ මොක්කුද? උන් ජනතා නියෝජිතයෝ කියන්න පුලුවන්ද? හැබැයි ඉතින් කවුරු හරි උන්ව ඔතනට යවන්න එපැයි... කවුද උන්ව යැව්වේ? අපේ බත් කන හරක් ටිකම තමා... රටේ තියෙන සම්පත් සේරම පිටට විකුනනවා... එක්කෝ පෞද්ගලීකරණය කරනවා... මුන්ට මොලයක් නෑ... රට විකිනෙන්නේ කියලා හිතන්න තරම්වත් මොලයක් නැති අන්ත කාලකන්නි නොදියුණු අතිශය ආත්මාර්ථකාමී අධම රැලක් උන්...
අනික අපේ මිනිස්සු දන්නේ නෑ උන්ට කොච්චර බලයක් තියෙනවද කියලා... උන් එකතු වුනොත් රජයක් ගේමක් නැතුව වට්ටලා හරිහමන් සමාජයක් හදන්න පුළුවන් කියලා උන්ට තේරෙන්නේ නෑ... හරක් වගේ පුන්නක්කු ටික හදලා දුන්නම එකපාර ඇදලා දන්නා විතරයි ඒ උන් දන්නේ...
සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවේ ඔය මහලොකුවට විද්‍යාර්ථයි කියාගන්න කැම්පස් යන උනුත් එච්චර තමා... යකෝ සයිටම් වහන්න කියලා එලියට බැහැලා කෑගහනවා... ඊට පස්සේ කියනවා අධ්‍යාපනයේ සුරක්ෂිතභාවයාලු, නිදහස් අධ්‍යාපනය ලු... පස්සේ කියනවා එකෙක් හිටියත් අපි මේ සටන ගෙනියනවලු... යකෝ නිදහස් අධ්‍යාපනයට කලින් එලියට බහින එක බැහැපියකෝ සාධාරණ සමාජයක්, බුද්ධිමත් රාජ්‍යයක් වගේ එකක් කියාගෙන, එලියට එන්නේ නැද්ද බලන්න මිනිස්සු බුරුතු පිටින්... ඒ වගේ රාජ්‍යයක් හම්බවුනාම ඊට පස්සේ බලපන් උබලගේ ඔය නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ නැද්ද කියලා...
රටක් පාලනය වන ප්‍රධාන තැන් 3යි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය. ව්‍යවස්ථාදායකය කියන්නේ මොකක්ද පාර්ලිමේන්තුව... ඒක තුලින් තමයි නීතිය සම්මත වෙන්න ඕනේ... බලහන් පාර්ලිමේන්තුව දිහා... ලෝකෙම හිනා වෙනවා... අම්බලමක ඇඳකට රණ්ඩු වෙනවා වගේ මිනිස්සුන්ගේ පිං ඡන්ද වලින් පත් වෙලා කරන්න ඕනේ නසරානි වැඩ සේරම කරලා පිනට හම්බුන බලයට රට පැත්තකින් තියලා මරා ගන්නවා...
ඉතින් කොහොමද යකෝ මගේ ලක් මෑණියෝ හැදෙන්නේ? අපි කොහොමද ඉතින් 3 වෙනි ලෝකයෙන් උඩට යන්නේ? අපි කොහොමද "සංවර්ධනය වෙමින් පවතින" තැනින් උඩට ගිහින් "සංවර්ධිත" වෙන්නේ... 1950 ගණන් වල ලංකාව බලන්න ආපු සිංගප්පුරු අගමැති සිංගප්පුරුව ලංකාවක් කරනවා කියලා ලු රටින් ගියේ... දැන් ලංකාව කොහෙද? සිංගප්පුරුව කොහෙද? පරාක්‍රමබාහු කාලයේ අපේ රට පෙරදිග ධාන්‍යාගාරය... කෝ දැන්?...
හැම එකෙක්ම මතක තියාගනිල්ලා මේක අපේ රට... ඉස්සර රජවරු මුතුන්මිත්තෝ ලේ දහදිය හෙලලා රැකගත්තු අපේ රට... ඉන්දියන් සාගරයේ මුතු ඇටය... තොපිලගේ ඔය කාලකන්නි ආසාවල් සංසිදුව ගන්න අපේ ලක් මෑණියෝ පලි නෑ... ඔය පොදි බැදන් ඉන්න කාලකන්නි කම නිසා මැරෙනකොට තොපිලා අරන් යන අටමගලක් නෑ... ඒ නිසා අපි වෙනුවෙන් බැරිනං හෙට උපදින්න ඉන්න මල් කැකුළු වලට හරි ආඩම්බරකාර රටක් ඉතුරු කරපල්ලා... අනික මතක තියාගනිල්ලා අද හෙට බැරි වුනත් කවදාහරි මේ මිනිස්සු නැගිටියි... අන්න එදාට තොපිලට දුවන්න වෙන්නේ ඇදිවතත් දාලා කියලා...
ඒ නිසා රටට සාධාරණයක් කරන්න නම්... ස්ථාවර දේශපාලනයක් තනන්න නම් අපි නැගිටින්නම ඕනේ... ඉක්මනටම... නැත්නම් අපිටත් වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්නම තමා...
- අභි_සරා