2015 දී ලියපු ඩයරියක ❤️
"විප්ලවවාදියෙකු මෙහෙයවනු ලබන්නේ ආදරය පිලිබද හැගීමෙනි"
උඹ කියාදුන්නේ එහෙමය..
ජීවිතය ආදරයකින් වෙලුනි.
උඹටත් මටත් උරුම නොවූ ලෝකය අපේ උන්ට තනන්නට හරි හරියට වෙහෙස උනෙමු..
අතට මුදල් නැති කල සිතට සතුට උඹට මමත් මට උඹත් ගෙන ආ බව අපි අපිම වටහා ගෙන සිටියෙමු...
මා විප්ලවය විශ්වාස කල තරමටම
උඹව විශ්වස කලෙමි, උඹට ආදරය කලෙමි..
කවදාක හෝ අපේම පැලක ජීවත් වන්නට හීන දැක්කෙමි..
ලය පැලුනු ගිටාරයෙන් නුඹට අසන්නට මගේ හදවතේ තණුව වයන්නට සිතාගෙන උන්නෙමි...
සාමාන්‍ය සමාජයේ එකෙකුට මෙන් කදුලු උනන ඇස් දෙකක් මටත් හිමි බව උඹට අමතකව ගොස් තිබුනි..
උඹ මගේ සටන් සගයාය... ජීවිතය පුරාවටම එය එසේය මා එසේද සිතා සිටියෙමි
මගේ සිත ගත් විප්ලවයේ ජීව ගුණයන් මා ඔබ තුලින් වින්දෙමි
උඹ ද මේ සමජයෙම එකෙකු බව මට ආදරය විසින් අමතක කරවා තිබුනි
කරවටක් මා ගිලී ඇති විටක උඹද මා ගිල්ලවන්නට දැරූ උත්සාහය නම් අපූරුය
නමුදු මා තවම උඹව සොයන්නෙමි... මේ විප්ලවීය ආනන්දය විදින්නට මා කැමැතිය
මේ විප්ලවීය වෙදනාව විදින්නට මා කැමැතිය...
තවද රිදෙන්නට හිතක් නම් නැත නමුත්
මා තවමත් විප්ලවය විශ්වාස කරමි
උඹ කියාදුන් ලෙසම
හැකි නම් කරමු නොහැකි නම් කෙසේ හෝ කරමු
2018 ------------
- සෙව්වන්දි දළදාවත්ත
No comments:
Post a Comment