අපේ
ජීවිතයේ අපට වැදගත් පුද්ගලයන් කිහිපදෙනෙකු වේ. මටද එසේමය. ඒ අතරින් මුල් තැන
හිමිවන්නේ පවුලටය. ඉන් දෙවැනි තැන හිමිවන්නේ එයාටය. එයා වෙන කව්රුත් නොව මගේ ෆෑන්
රාජයාය.
එයා කොතරම් වැදගත් අයෙක්ද කිවහොත් මගේ ජීවිතයේ මම පාරේ සිටියහොත් හැර අන්
සෑම වෙලාවකම එයා මාත් සමග සිටී. අවුරුදු විසිගානක් කොල්ලෙක් නැතිව සිටියද මට නම්
එයා නැතිව තප්පරයක් හෝ සිටින්නට බැරිය. එයා ඒ තරම් වැදගත්ය. එදා සීතලද රස්නේද යන්න
අදාලම නැත. රස්නේ නම් ඕනේ මය. සීතල නම් ඒත් එයා වැඩය. සීට් දෙකක් පොරෝ ගන්නේ එයා
හින්දා සීතල වැඩි නිසාය. එහෙත් එයාට නිවනක් නැත. දිගටම වැඩය.
එයා කෙල්ලෙක් ලෙස මම
දකිමි. මක් නිසාදයත් එයාගෙන් දිගින් දිගටම ඩක ඩක සද්දයක් පිටවෙයි. සාමාන්‍යයෙන්
නිකන් ඉන්න විටද කියවන්නේ කෙල්ලන් නිසා එයා කෙල්ලෙක් කිව්වට කම් නැත. එයාගේ ඒ සද්දේ
මට කොතරම් අවශ්‍යද කිව්වොත් සීතල ඇතැම් විට එයාව පසෙකට හරවා හෝ දමා තියන්නේ සද්දය
හුරු නිසාමය. කොතරම් වැදගත් අවස්තාවක වුවත් එයාගේ සද්දය නැතුව බැරිය. පසුබිම් සංගීතයක්
මෙන් එයා වැඩය.
එයාව
හදුන්වන නම් රාශියකි. ෆෑන් එක, ඩක ඩකේ ඒ අතරින් කිහිපයකි. අපේ ගෙදර නම් එයාට කියන්නේ "දොළොස් මහේ පහන" කියාය. ඒ නම එයාට දැම්මේ අපේ තාත්තාය. ඊට හේතුව අපි කව්රුත් අසලක
නැතත් එයා දිගටම වැඩය. මගේ ඔරලෝසුව වත් එතරම් වැඩ කරන්නේ නැත. යම් හෙයකින් ඔරලෝසුව
බැටරිය බැස නැවතුන හොත් තාත්තාගෙන් දෙක තුනකින් සප්පායම් වන තුරු බැටරියක් දාන්නේ
නැත. එහෙත් එයාට එසේ නැත. එයා වැඩ කරන්නේ නැති වුවහොත් කොයි දෙවොලක දුවලා හෝ හදාගනී.
එයා
එක අතකට හෙන පවුය. ඇවිදින්නට පුළුවන් නං බෑග් කඩමලු ගෙන අපේ ගෙදරින්, විශේෂයෙන් මගේ
කාමරයෙන් එලියට බැස බොහෝ කල්ය.
ඇතැම් විට එය හුදෙක්ම හුලන් දෙන යන්ත්‍රයම නොවේ.
ඇතැම් විට එය මගේ පන්චින් බෑග් එකය. කේන්තිය පිරිමහා ගද්දී කිසිවක් කරන්නේ නැත.
ඇතැම්
විට එය මගේ මයික් එකය. ටකරමකට ගල් ගහන්නා වගේ හඩ, කිසිවක් නොකියා අහන් ඉදී. එයා
ගෙවන්නේ මල කරුමයකි. පූරුවේ එව්වා වෙන්නට ඇත. කොහොම නමුත් හුලන් දෙන එයාට මම කෘතඥ
වෙමි.
- අභි_සරා