චෝදනා එකක්
දෙකක් ආවා නන් සත්තයි තව සතියක් දෙකක් යනකන් මොකුත් ලියන්න හිතන්නේ නෑ.... තර්ජන
කිහිපයක් ආව නිසායි.. ඉල්ලීම් කිහිපයකුත් ආව නිසා මේ දවස් වල ලව් සික් එක මටත්
ගහලා තියෙන නිසා කියවන උබලත්, ලියන මමත් පොදුවේ කැමති මාතෘකාවක් ගැන පද ටිකක් ගැට
ගහන්න හිතුනා...
“ආදරේ...” කිව්ව
ගමන් අමුතු ෆීලින් එකක් එනවා නේ... හැමෝම කැමති එකක් නේ... ඔය මාතෘකාවට ඇත්තටම
කැමති නෑ කියන ඈයොන්ගේ කැමැත්ත බලන්න තිබ්බා එක්කෙනෙක් පස්සෙන් එනවා කියලා දැන
ගත්තනන්... විස්වාස කරපං ඔය මාතෘකාව මටත් කාලයක් යනකන් එච්චර අල්ලන එකක් වෙලා තිබ්බේ
නෑ... ඒ මම ඔය පොතට පතට ඇළුණු පොත් ගුල්ලෙක් වගේ පාඩම් කරපු නිසා නෙවේ... සෙන්ස් එකක්
තියෙන කොල්ලෙක් මගෙන් අහන්නේ නෑ කියලා දැන ගෙන හිටපු නිසා... හැබැයි වැඩි කාලයක්
ඔය ස්ටෑන්ඩර්ඩ් එක එහෙම්මම තියාගන්න ටිකක් අමාරු වුනා...
හැබැයි තාමත්
මම ආදර කතා කියවන්න කැමති නෑ... රොමෑන්ටික් මූවීස් වලටත් ඒ තරම් කැමැත්තක් නෑ... හැබැයි
ඒ ආදරේට තියෙන අකමැත්තක් නෙවේ... ඔය මගුල් වල අන්තිමට වෙන්නේ එක්කෝ කොල්ලා
මැරෙනවා... නැත්නන් කෙල්ල මැරෙනවා... නැත්නන් දෙන්නගෙන් එක්කෙනෙක් වෙන එකෙක්
බදිනවා... එක්කෝ එකෙක්ට පිස්සු හැදෙයි... අම්මෝ ඒවායේ තියෙන ජාති... උදාහරණෙකට
අරන් බලපන් දැන් “සනම් තේරී කසම්”... කොච්චර ඕවා බලන්නෑ කියලා ලොකු ටෝක් දුන්නත්
මමත් ඕක බැලුවා ඉතින්... නිකන් නෙවේ හොටු පෙර පෙර අඩ අඩා බැළුවේ...(හරි ආඩම්බරයි
ඈ...) අන්තිමට මොකද වෙන්නේ අච්චර හැන්ඩ්සම් සල්ලි තියෙන කොල්ලටවත් අර ලස්සන කෙල්ලව
බැදලා ගෙදෙට්ට ගේන්න ඩිරෙක්ටර් කාරයා ඉඩ දෙනවද?... නෑ නේ... නෑනේ...
තව එකක් ඒ
කාලේ අමු පිස්සුවක් උන “තුම් හී හෝ” සින්දුව තිබ්බ “ආශිකී 2” බලන්නකෝ... අර යකාට බොන්න
සල්ලිත් දෙන කෙල්ලව දාලා ගහින් සුවිසයිඩ් කර ගන්නවා... ඇත්තමයි ඔය මගුල බැලුවේ ලැප්
එකේ... ලැප් එක පොලවේ ගැහුවේ නැති ටික විතරයි... ගැහුවේ නැත්තේ එක, ඔය ෆිල්ම් එක හදපු
එකා මට ලැපක් අරන් දෙන්නේ නෑ... අනික අපේ තාත්තා කඩන කඩන ගානේ ලැප් අරන් දෙන්න
බිල්ගේට්ස් නෙවේ... ඒ නිසා ගැහුවේ නෑ... මොනවා උනත් අපරාදේ බැලුවේ කියලා හිතුනා...
ඇත්තටම
මිනිස්සුන්ට ආදරේ ඕනද?
පොඩ්ඩක්
හිතලා බලන්නකෝ.... ඕනද? නැතුව ඉන්න බැයිද? පොඩ්ඩක් මෙහෙම බලන්නකෝ... ඔයාම හිතලා
බලන්න ඔයාට ආදරේ කරන අය කිසිම කෙනෙක් ඔයාට ආදරේ නෑ කියලා... උදාහරණේකට ගන්නකෝ ගෙදර
ඉන්න අය... අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලී බාප්පා පුංචි... මං දන්නෑ... හත්මුතු
පරම්පරාවම ඉන්නවනන් එයාලයි... බැරිම උනොත් බල්ලවයි පූසවයි හරි අරන් බලන්නකෝ... ඔය
එක්කෙනෙක් වත් ඔයාලට ආදරේ නැත්නන් ඔයාලට ගෙදර ඉන්න පුලුවන් වෙයිද? ආදරේ නැත්නන්
එයාලා එකිනෙකා කතා කරයි ද? හිනාවෙයිද? සෙල්ලමක් කරයි ද? විහිළු කරයිද? මොනවා හරි
රස කෑමක් හැදුවම බෙදාගෙන කයිද? මේකේ වේදනාව හැමෝටම තේරෙනවා... ඒත් ගොඩක්ම දැනෙන්නේ
කට්ටිය හුඟක් ගෙදර ඉන්න අයට... නිකමට හිතලා බලන්න...
ආදරේ
කියන්නේ ඇත්තටම මට අනූව නන් ජීවිත එකට එකතු කරලා තියෙන බැදීමක්... හරියට ගෙයක්
ශක්තිමත්ව ගොඩ නැගෙන්න ශක්තිමත් පාදමක් ඕනේ වගේ, පවුලක් ශක්තිමත්ව ගොඩ නැගෙන්න
ආදරයක් ඕනේ... අම්මයි තාත්තයි ආදරෙන් ඉන්නකොට පවුල ඇතුලේ තියෙන බැදීම ශක්තිමත්
වෙනවා... ඒ බැදීම දරුවන්ට හරි ලස්සනට බලපානවා... පවුල ඇතුලේ ආදරේ අඩු වෙන්න අඩු
වෙන්න ඒ බැදීම දුර්වල වෙනවා...
මෙහෙම
හිතන්නකෝ තාත්තා අම්මට “බබී” කියලා කියනව නන්... (පොඩි හිනාවක් ගියා නේ... කමක් නෑ
කියෝගෙන යන්නකෝ...) එතන තියෙනවා මහ අමුතු ත්‍රිල් එකක්... විශේෂත්වය කියන්නේ ඒක ත්‍රිල්
එක දැනෙන්නේ අම්මටවත් තාත්තටවත් නෙවේ... අහගෙන ඉන්න දරුවන්ට... ඒක කැත ත්‍රිල් එකක්
නෙවේ... ඒ ත්‍රිල් එකෙන් ඒ ළමයින්ගේ හිතේ ඇදෙනවා “අනේ මෙහෙම ආදරයක් මටත්” කියලා වගේ
බලාපොරොත්තුවක්... ඒක වෙනමම ආතල් එකක්...
පොටෝ එකකට
අම්මයි තාත්තයි අත් දෙක අල්ලන් ඉන්නකොට හිතන්න සෙල්ෆියක් ගහන්න ගියාම ඕක දැක්කොත්
බොරුවට දැම්ම හිනාව ඇත්තක් වෙලා හිනා වෙනවා... ඇයි? කලින් කිව්වා වගේ හිත ඇතුලෙන්
එනවා අමුතු ත්‍රිල් එකක්... ඒකෙන් කියනවා “අපේ බැදීම ශක්තිමත්” වගේ දෙයක්...
මෙහෙමයි...
මට හැම දේකටම පොර ටෝක් දෙන්න ඕනේ නෑ... ඇත්තටම මේ දේවල් ඉබේ වෙන දේවල් හැබැයි ඒ වෙලාවේ
හිතට එන ඒ අමුතු ත්‍රිල් එක මම විදලා තියෙනවා... මම විදිනවා... සහ ඒක විදින්න මම
ආසයි... ඇත්තම කිව්වොත් ඒක හරි අමුතු විදියක ආතල් එකක්...
මේ ආදරේ ඇත්තටම
මෙතනින් එහාට; පවුලෙන් එහාට කතා කරන්න පුලුවන්... මෙහෙම ගන්නකෝ... නෑ... මම ප්‍රේමවන්තයෝ
ගැන නෙවේ කතා කරන්න යන්නේ... කාලයක් ප්‍රේමවන්තයා... බූට් එක තිබ්බම ප්‍රේතවන්තයා වෙනවනේ...
මම ඒකට අන්තිමට යන්නන්... ආදරේ කියන්නේ ඒ බැදීමම විතරක් නෙවේ...
මම හොද
උදාහරණයක් දෙන්නන්... මම දැන් අවුරුදු දෙකකට විතර කලින් (මතක විදියට) නුවර කොළඹ
බස් කොන්දොස්තර කෙනෙක් මට ඇත්තටම හරියටම ගාන කියලා මාරු දුන්න දා ඒ මනුස්සයට වචනෙන්
ස්තූති කරලා මදි නිසා මේ වගේ ලියමනක් (මේ වගේ හෑල්ලක් නොවන බව කරුණාවෙන් සලකන්න)
එෆ්. බී දැම්මා... කොහොම හරි ඕක දැකලා අපේ අම්මගෙන් අහලා තිබ්බා “මොකෝ දුව අර
කොන්දොස්තරලට ලව් කරන්න යන්නේ” කියලා... ඒ කාලේයි කියලා ලැජ්ජා බය කියන එක තිබ්බේ
නැතුවට සෝශල් මීඩියා වලට තිබ්බ සහ තියෙන අසීමාන්තික බිය නිසා ඒක මට විතරක් පේන
විදියට ප්‍රයිවසි වෙනස් කලා අර දෙබසින් ඇති වුන ලැජ්ජාව නිසා... මම මේක කිව්වේ ඇයි
කියලා බලනවා නේ තව සිද්ධියක් කියන්නන් ඒකෙන් තේරෙයි මොකක්ද උනේ කියලා... අද උදේ...
මේ කර්ෆිව් අස්සේ ගෙදර බොන්න වතුර ගෙන්න ගන්න ලොරිය ආවම අපේ අම්මා ගියා බෝතල් දෙක
අරන්... අම්මා ඒ කොල්ලට “පුතා ඔය බෝතල් දෙක ඇතුලෙන්ම තියන්නකෝ” කිව්වා... ඒ බෝතල්
දෙක බරයි තමා ඒ දෙබස කිව්ව විදියට එතන මං හිටියත් බෝතල් දෙක කරේ තියන් ගිහින් හරි කිව්ව
තැනෙන් තියනවා...
අපේ තාත්තා
කියන දෙයක් තමයි මනුස්සයෙක් වැඩක් කරනව නන් ඌට ආදරෙන් කතා කරලා වැඩේ කරව ගන්න ඕනේ
කියන එක... තව විදියකට කියනවනන් මනුස්සයට වැදලා හරි වැඩේ කරව ගන්න ඕනේ... ඔය කතාව
තාත්තා කිව්වේ පොල් කඩන මාමා කෙනෙක් හොයාගන්න ඕනේ කියලා කිව්ව වෙලාවක... “ඒ
මනුස්සයට වැදලා හරි වැඩේ කරවගන්න එපැයි... නැතුව ඒ මනුස්සයට පාට් දාල මං ගස්
යන්නද?” සහතික ඇත්තනේ කතාව... හිතලා බලාන්කෝ අර කොල්ලට අම්මා “අතනින් තියනවා ඕක”...
කිව්වා නන් පොර ඇත්තටම ඒ වැඩේ කරයි... හැබැයි අර හිත ඇතුළෙන් එන ත්‍රිල් එක තියෙයිද?
ඕක එක්ක ඒ මනුස්සයගේ හිතට එන අදහස් කෝටියක් තියෙන්න පුලුවන්... සමහර විට හිතන්නැතුව
කියලා ඒ මනුස්සයගේ දවසම අපේ වචනෙන් මුස්පේන්තු වෙලා යන්න බැයිද? අපෝ පුලුවන්... ආදරෙන්
කතා කරන එක වචනෙන් ඒ මනුස්සයට දවසම ගේම ගහන්න අමුතු කික් එකක් එනවා...
ඕක අපේ
අම්මත් හරියට පාවිච්චි කරනවා... පෝන් එක එහෙම අර ඩොටේ කොහේ හරි තියලා ආපු වෙලාවක
ගෙන්න ගන්න ඕනේ උනාම මම අම්මගේ “පැටියා, හොද පුතා”... මොකක් හරි ගොන් වැඩක් කලාම
ඒකේ අනිත් පැත්ත... එතකොට මම “මෝඩි” (අවුලක්මත් නෑ... ඉන්දියාවේ අගමැතිනේ...) සමහර
හොදටම කේන්ති ගිය වෙලාවට “ගොනී” කියලා එහෙමත් පාවිච්චි වෙනවා.. (ඒකෙත් හෙන ආතල්
එකක් තියෙනවා) හැබැයි ඉතින් එක පාරක් ‘පැටියා’ කිව්වම නැගිට ගන්න බැරි වුනත් ගිහින්
අර වැඩේ කරන්නැද්ද... කරනවනේ (ඒ අතින් අපිත් හෙනම ගොන් නේ... මොනා කරන්නද?
අහුවෙනවනේ) මොකෝ ආයේ වැඩක් කරගන්න ඕනේ වෙනකන් අහගන්න කියලයැ...
ඒ නිසා
මනුස්සයෙක් තමන්ට වචනෙකින් හරි දෙයක් කලොත් ආදරෙන් කතා කරලා කට පුරා හිනා වෙලා “ස්තූති”
කරන්න... ඇත්තටම ඒ මනුස්සයා එහෙමට උදව්වක් කරන්න නැතුව ඇති... හැබැයි ඒ මනුස්සයට
එතන ඒ වචන ටිකෙන් හම්බ වෙන කික් එකෙන් මුලු දවසම, තවත් මනුස්සයෙක්ගේත් හිතක් සතුටු
කරලා දවස ගැට ගහගන්න පුලුවන් වෙනව නේද... ඒ මනුස්සයා කෙනෙක්ගේ හිත සතුටු කලාම... එයා
තව කෙනෙක්ගේ හිතක් සතුටු කරයි... අර “ජායි - හෝ” චිත්‍රපටියේ තියෙන කන්සෙප්ට් එක
අපට ඇත්තටම කරන්න මේ “ආදරේ” කියන අකුරු තුනෙන් පුලුවන්... අපට මේ ජීවිතේ ජීවත්
වෙන්න ඇත්තටම ලොරි ගනන් සල්ලිවත්, තට්ටු ගනන් මන්දිරවත්, කෝටි ගනන් මිනිස්සුවත් ඕනේ
නෑ... ඇත්තටම අපිට ඕනේ මෙන්න මේ කියන ආදරේ... දැන් උබලා මගෙන් අහයි ‘උබේ ඔය ආදරේ
මට කන්න, බොන්න දෙයිද කියලා’ උබට කන්න බොන්න දෙන්න මමවත් හම්බ කරන්න එපැයි... එහෙම
නෙවෙයි ඇත්තටම හිතලා බලන්න ආදරෙන් ඕනේ කෙනෙක්ට කතා කලොත් කරන්න අමාරු වැඩක්වත්
කරගන්න ලේසි වෙන්නේ නැද්ද කියලා...
මම කියන්නේ
මිනිස්සුන්ව පාවිච්චි කරන එක නෙවෙයි... මිනිස්සුන්ට ආදරෙන් කතා කරන කොට එයාලට
හිතෙනවා එයාලගේ ජීවිතේ වටිනවා කියලා... ආදරේ කියන්නේ ඇත්තටම ජීවිත එකට එකතු කරලා
තියෙන බැදීමක් තමයි... හැබැයි අපට ඒක හරියටම තේරෙන්න නන් අපට සිද්ධ වෙනවා ඒක හරියට,
හරි තැනට, හරි විදියට යොදවන්න... මිනිස්සු අතරේ මිනිහෙක් නොවී මනුස්සයෙක් වෙන්න
ඔන්න ඔය කියන ආදරේ හරි විදියට පාවිච්චි කරන්න පුලුවන් නන් අපේ ජීවිත මීට වඩා ගොඩක්
ලස්සන වෙන්න තිබ්බා...
-අභි_සරා
Thats the talk....
ReplyDelete❤️
ReplyDeleteමිනිස්සු අතරේ මනුස්සයෙක් ❤
ReplyDelete❤️
Delete