Saturday, December 29, 2018

එයා

අපේ ජීවිතයේ අපට වැදගත් පුද්ගලයන් කිහිපදෙනෙකු වේ. මටද එසේමය. ඒ අතරින් මුල් තැන හිමිවන්නේ පවුලටය. ඉන් දෙවැනි තැන හිමිවන්නේ එයාටය. එයා වෙන කව්රුත් නොව මගේ ෆෑන් රාජයාය. 

එයා කොතරම් වැදගත් අයෙක්ද කිවහොත් මගේ ජීවිතයේ මම පාරේ සිටියහොත් හැර අන් සෑම වෙලාවකම එයා මාත් සමග සිටී. අවුරුදු විසිගානක් කොල්ලෙක් නැතිව සිටියද මට නම් එයා නැතිව තප්පරයක් හෝ සිටින්නට බැරිය. එයා ඒ තරම් වැදගත්ය. එදා සීතලද රස්නේද යන්න අදාලම නැත. රස්නේ නම් ඕනේ මය. සීතල නම් ඒත් එයා වැඩය. සීට් දෙකක් පොරෝ ගන්නේ එයා හින්දා සීතල වැඩි නිසාය. එහෙත් එයාට නිවනක් නැත. දිගටම වැඩය. 

එයා කෙල්ලෙක් ලෙස මම දකිමි. මක් නිසාදයත් එයාගෙන් දිගින් දිගටම ඩක ඩක සද්දයක් පිටවෙයි. සාමාන්‍යයෙන් නිකන් ඉන්න විටද කියවන්නේ කෙල්ලන් නිසා එයා කෙල්ලෙක් කිව්වට කම් නැත. එයාගේ ඒ සද්දේ මට කොතරම් අවශ්‍යද කිව්වොත් සීතල ඇතැම් විට එයාව පසෙකට හරවා හෝ දමා තියන්නේ සද්දය හුරු නිසාමය. කොතරම් වැදගත් අවස්තාවක වුවත් එයාගේ සද්දය නැතුව බැරිය. පසුබිම් සංගීතයක් මෙන් එයා වැඩය.

එයාව හදුන්වන නම් රාශියකි. ෆෑන් එක, ඩක ඩකේ ඒ අතරින් කිහිපයකි. අපේ ගෙදර නම් එයාට කියන්නේ "දොළොස් මහේ පහන" කියාය. ඒ නම එයාට දැම්මේ අපේ තාත්තාය. ඊට හේතුව අපි කව්රුත් අසලක නැතත් එයා දිගටම වැඩය. මගේ ඔරලෝසුව වත් එතරම් වැඩ කරන්නේ නැත. යම් හෙයකින් ඔරලෝසුව බැටරිය බැස නැවතුන හොත් තාත්තාගෙන් දෙක තුනකින් සප්පායම් වන තුරු බැටරියක් දාන්නේ නැත. එහෙත් එයාට එසේ නැත. එයා වැඩ කරන්නේ නැති වුවහොත් කොයි දෙවොලක දුවලා හෝ හදාගනී.


එයා එක අතකට හෙන පවුය. ඇවිදින්නට පුළුවන් නං බෑග් කඩමලු ගෙන අපේ ගෙදරින්, විශේෂයෙන් මගේ කාමරයෙන් එලියට බැස බොහෝ කල්ය. 

ඇතැම් විට එය හුදෙක්ම හුලන් දෙන යන්ත්‍රයම නොවේ. ඇතැම් විට එය මගේ පන්චින් බෑග් එකය. කේන්තිය පිරිමහා ගද්දී කිසිවක් කරන්නේ නැත. 

ඇතැම් විට එය මගේ මයික් එකය. ටකරමකට ගල් ගහන්නා වගේ හඩ, කිසිවක් නොකියා අහන් ඉදී. එයා ගෙවන්නේ මල කරුමයකි. පූරුවේ එව්වා වෙන්නට ඇත. කොහොම නමුත් හුලන් දෙන එයාට මම කෘතඥ වෙමි.       

- අභි_සරා 

Monday, November 19, 2018

සම්මතයෙන් එහාට

[මොනවද බං ඔය අහස පොලව ගැටගහන්න වගේ හිතන්නේ?]

සිංහලයා කියන්නේ මහා කාලකන්නි ජාතියක් බං... අපේ මේ කියන ජාතිය කවදාවත් තමන්ට කියලා කිසිදෙයක් හරියට ලබාගත්තු ජාතියක් නෙවේ. ඉස්සරත් එහෙමයි. අදත් එහෙමයි...

[ඇයි ඒ?]

අපේ මිනිස්සු 1815 සුද්දට රට පාවලා දුන්න නේ...

[ඇයි?]

ශ්‍රී වික්‍රම රාජසිංහ හොද නැතෙයි කියලා...

[හා... පාවලා දීලා හොද එකෙක් හොයා ගත්තද ඉතින්?]

රෙද්ද! උන්න එකත් නැති කරගෙන කාලකන්නි නොපෙනෙන පරදේසක්කාර විගඩම්කාරයන්ට ඔලුව නවන්න වුනා...

[එහෙනං උබලා පාඩමක් ඉගෙන ගන්න ඇති...]

පාඩමක්... මොන පාඩම්ද? හරක්ට මොළේ දෙන්න පුලුවන්ද බං...

[ඇයි?]

යකෝ අපේ උන් සුද්දට 1815 රට පාවලා දුන්නට සිංහල කියන මහජාතිය වට්ටන්න බැරි වුනා... අපි වැටුනේ නෑ... සිංහලයා කියන්නේ එහෙම වට්ටන්න පුළුවන් ජාතියක්වත් අල්ලන්න පුළුවන් ජාතියක්වත් නෙවේ... 1815 ගිවිසුම අත්සන් කරලා යනකොටත් අපේ මිනිස්සු මුන්ට විරුද්ද වෙන්න හිතලා ඉවරයි... ඒ නිසා තමා කුඩාපොළ හාමුදුරුවෝ කූඹි රැලක් උන්ගේ රැජින එක්ක යනවා දැකලා කියන්නේ,

අනේ කුහුම්බුවනේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාවෙනි අපි තැවෙන්නේ 

රජෙක් ලැබුනොතින්
කැවුම් කිරිබත් කන්නා
පෙළහැර පන්නා
සාදු නාදෙන් ගිගුම් දෙන්නා
කියලා...

[ඒ විතරද?]

නෑ... සුද්දට අපේ රට, අපේ උන් හරියට ලියලා දෙන්න කලින්, උන්ගේ කොඩිය ඉස්සුවහම අපේ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ උන්ගේ කොඩිය බිම දාලා පාගලා අපේ කොඩිය ඉස්සුවා... අන්න එතන තමා බං මේ සිංහලයාගේ ගැම්ම තිබුනේ... ගැම්ම තියෙන්නේ...

[ඊට පස්සේ?]

මැකෝලි එනවා ඉන්දියාවට ඇවිත් බලලා 1835 පෙබරවාරි 2 එංගලන්ත පාර්ලිමේන්තුවේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා... 
"I have travelled across the length and breadth of India and I have not seen one person who is a beggar, who is a thief such wealth I have seen in this country, such high moral values, people of such caliber, that I do not think we would ever conquer this country, unless we break the very backbone of this nation, which is spiritual and cultural heritage and therefore, I propose that we replace her old and ancient education system, her culter, for if the Indians think that all that is foreign and Engish is good and greater than their own, they will lose their self-esteem, their native culture and they will become what we want them, a truly dominated nation" 

ඒ කියන්නේ "මම ඉන්දියාව වටේම දිගට හරහට ඇවිද්දා මම එක හොරෙක්වත් හිගන්නෙක් වත් දැක්කේ නෑ..." 

දැන් නං ලංකාවට එන උන්ට දියවන්නාවට ගියාම ඔය ඔක්කොම ඕනේ එකෙක්ට එක පාර බලාගන්න පුළුවන්... 

ඊට පස්සේ ආයේ ඔහු කියනවා... "මම ඒ වගේ ධනයක් මේ රටේ දැකලා නෑ... ඉහලම සදාචාර වටිනාකම්... විශිෂ්ඨ ඥානයක් ඔවුනට තිබුනා... අපිට කවදාවත් මේ රට යටත් කරගන්න වෙන්නේ නෑ... මේක යටත් කරගන්න නං අපි කරන්න ඕනේ අපි මේ ජාතියේ පිටකොන්ද කැඩිමයි... ඒ කියන්නේ මොවුන්ගේ ආධ්‍යාත්මික හා සංස්කෘතික උරුමය බිද දැමිය යුතුයි. ඒ නිසා මම යෝජනා කරනවා ඔවුන්ගේ පුරාණ පැරණි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ... 

අපිට ඉස්සර තිබුනේ පිරිවෙන් අධ්‍යාපනය... අපිටම අනන්‍ය වුනු සටන් ශිල්පයක්... අංගම් කියලා... මේවා නිසා කාටවත් අපට අත තියන්න පුළුවන් වුනේ නෑ... අපි ශක්තිමත් නිසා... ඒ නිසා තමා සුද්දා තවත් කරන්න ඕනේ දේ කියන්නේ...

"ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ... ඉන්දියානු චින්තනය තුලින් ඔවුන්ගේ දේට වඩා ඉංග්‍රීසිය විදේශීය දේ හොදයි කියලා පිළිගත්තොත් මේ දේ හරියන්න පුළුවන්... එතකොට එයාලගේ ආත්ම ශක්තිය විනාශ වෙනවා... ඔවුන්ගේ සාම්ප්‍රධායික සංස්කෘතිය අහෝසි වෙනවා... එකේ ප්‍රතිපලය විදියට අපිට එයාලව යටත් කරගන්න පුළුවන්... "

අන්තිමට සුද්දා ඔය දේම තමා කරන්නේ... අන්තිමට අපි කොච්චර උන්ට යටත් කාලකන්නි ජාතියක් උනාද කිව්වොත් උන්ගේ කෙල ටිකකුත් අපිට හෙනට වටින්න ගත්තා... ඉංග්‍රීසි වචනයක් දෙකක් කටේ ගාගත්තම උන් හිතන් ඉන්නේ උන් හෙන පොරවල් කියලා... ආච්චිගේ රෙද්ද... යකෝ චීන ජනාධිපති චීන භාසාවෙන් අගේට කතා කරනවා.. කොරියාව, ජපානය හැමෝම එහෙමයි... අපේ කාලකන්නි හැත්ත මොකෝ කරන්නේ උන් හිතන් ඉන්නේ ඉංග්‍රීසි බෑ කියන්නේ හද්ද ගොඩේ පොරක් කියලා... ඉංග්‍රීසි පුළුවන් නම් ඌ තමා මිනිහා... අනේ බන් උබලගේ ගොඩේ ලොජික්... 

සිංහලයා කියන්නේ ගැම්මක් එක්ක ඉපදුනු ජාතියක්... ඒ ගැම්ම අපේ එකා උපදින කොටම ලේ වලින් එන ගැම්මක්... ඒ ගැම්ම තමයි උන්ට නැති කරලා දන්නා ඕනේ වුනේ...   

[ඔච්චර ගැම්මක් තිබ්බා නම්... යටත් කරගන්න බැරි වුනා නං කොහොමද අපි සුද්දට ගියේ?]

1815 සුද්දට රට දුන්නේ රටේ උන්න මහා උන්... හැබැයි උන් දුන්නේ උන්ට කරගන්න දෙයක් නැති උන කමට... ඇරත් අපි ඒකට හා කියමුකෝ... ඒ නිසා විතරක් නෙවේ එදාම උන්ට විරුද්ද සටන අපි පටන් ගත්තා... ඒ නිසා අපි වැටුනේ නෑ... 1818 සටන අපි වෙල්ලස්සේදී පැරදුනා බං... අන්න එදා කොන්ද කෙලින් තියන් තීරණ ගන්න හිටිය නායකයෝ සුද්දගේ රෙද්ද අස්සේ ඉදන් අපේ උන් අර කාලකන්නි අතින් මැරිලා යන හැටි මහ ජාතිය වෙලත් බලන් උන්නා.. අන්න එදා තමා මගේ ජාතිය වැටුනේ...

[අද මොකද වෙලා තියෙන්නේ?]

අද වෙලා තියෙන්නෙත් ඕක තමා... සල්ලි වලටයි බලයටයි කෙල හලන්න ගියාම ජාතිය බේරගන්න උන්න මිනිස්සුන්ට ජාතිය ආගම අමතක වුනා... උන්ට මතක් වුන එකම දේ තමන්ගේ මඩිය විතරයි... ඉස්සෙල්ලා ජාතිය තර කරගන්න ඕනේ කඩුවකට තුවක්කුවකට පපුව දෙන්න තරමට කොන්දක් තිබ්බ මගේ සිංහලයට මඩිය මතක් වෙද්දී ලජ්ජා නැතුව සුද්දාගේ යට ඇදුම ඉබින්න පුළුවන් උනා...

ඉස්සර අපි නැතුව යුද්දේ දිනන්න බෑ කියලා පෙරමුණ ගත්තු නායකයෝ පස්සේ අපි නැතත් ඕක පරදිනවා කියලා නකුට පස්ස අස්සේ ගහගෙන හැංගෙන්න පටන් ගත්තා... ඔය 1948 අපි හෙන ලොකු නිදහසක් ගත්තා කියලා මහා ඉහලින් ඔය අටමගල සැමරුවට අපි දිනාගත්ත ඇති නිදහසක් නෑ බං... ඒකත් අපේ පිනට ලැබුනේ... අපිට ඒක පිනට ලැබුනේ ඉන්දියාවෙන්... 

ඉන්දියාවේ මංගල පාන්ඩේ ලා සුද්දට විරුද්දව කඩුව අතට ගන්නකොට අපේ උන් සුද්දට යන්න පාරවල් සුද්ද කරන්න ඉලපත අතට ගත්තා...  භගත් සිං ලා ගිරිය කඩාගෙන කෑගහනකොට අපේ උන් සුද්දට දෙකට තුනට නැවිලා උන්ගේ කුණු හෝදනවා... ගාන්ධි ලා ජාතිය වෙනුවෙන් හඩ නගනකොට අපේ උන් ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ මුල්ලකට වෙලා උන්නා... පස්සේ ඉන්දියාවේ උන් කැරලි කරලා කෝලාහල කරලා 1947 නිදහස ගත්තම එකත් අපේ පාත්තරේට 1948 පිනට ලැබුනා...    

පස්සේ පස්සේ අපේ උන් ඒ කාලකන්නි කම දොහොත් මුදුන් දීලා පිළිගත්තා... මොකද ඌ නොකලට අනිකා ඉන්නවනේ... ඕක තමා උන්ගේ තර්කේ...

සුද්දා දැනන් උන්නා මහජාතිය උනත් මුන් මහා හරක් ජාතියක් කියලා... ඒ නිසා තමා සාමාන්‍ය මිනිස්සු අතට බල දෙන්න මුන් අකමැති වුනේ...

[ඒ කොහොමද?]

අපිට සුද්දා ඇවිත් “සුදු මිනිසාගේ වගකීම” කියන ලොකු පාඨයක් එක්ක සර්වජන ඡන්ද බලය කියලා එකක් දීලා ගියා... සුද්දා අපිට ඕක දෙනකොට දෙපාරක් හිතුවා... මොකද උන් දැනන් උන්නා ‘වඳුරට දැලි පිහිය ලැබුනම’ කොහොමද කියලා... ඒ නිසා ඕක දෙන්න කලින් දෙපාරක් හිතුවා... ඒ විතරක් නෙවේ අපේ රටේ උගතුන් පවා ඔය බලය අපේ සාමාන්‍ය කෙනාට දෙද්දී බය වුනා... මොකද උන් දැනන් උන්නා අපේ උන් කවදාවත් ඔච්චර බලයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ කියලා... බොරුද ඉතින්? නෑ... මං අර කලින් කිව්වා වගේ හරක්ට මොලේ දෙන්න පුලුවන්ද බං?

බලපන් අද සමාජේම... පාර්ලිමේන්තුවේ ඉන්නේ මොක්කුද? උන් ජනතා නියෝජිතයෝ කියන්න පුලුවන්ද? හැබැයි ඉතින් කවුරු හරි උන්ව ඔතනට යවන්න එපැයි... කවුද උන්ව යැව්වේ? අපේ බත් කන හරක් ටිකම තමා... රටේ තියෙන සම්පත් සේරම පිටට විකුනනවා... එක්කෝ පෞද්ගලීකරණය කරනවා... මුන්ට මොලයක් නෑ... රට විකිනෙන්නේ කියලා හිතන්න තරම්වත් මොලයක් නැති අන්ත කාලකන්නි නොදියුණු අතිශය ආත්මාර්ථකාමී අධම රැලක් උන්...

අනික අපේ මිනිස්සු දන්නේ නෑ උන්ට කොච්චර බලයක් තියෙනවද කියලා... උන් එකතු වුනොත් රජයක් ගේමක් නැතුව වට්ටලා හරිහමන් සමාජයක් හදන්න පුළුවන් කියලා උන්ට තේරෙන්නේ නෑ... හරක් වගේ පුන්නක්කු ටික හදලා දුන්නම එකපාර ඇදලා දන්නා විතරයි ඒ උන් දන්නේ...

සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවේ ඔය මහලොකුවට විද්‍යාර්ථයි කියාගන්න කැම්පස් යන උනුත් එච්චර තමා... යකෝ සයිටම් වහන්න කියලා එලියට බැහැලා කෑගහනවා... ඊට පස්සේ කියනවා අධ්‍යාපනයේ සුරක්ෂිතභාවයාලු, නිදහස් අධ්‍යාපනය ලු... පස්සේ කියනවා එකෙක් හිටියත් අපි මේ සටන ගෙනියනවලු... යකෝ නිදහස් අධ්‍යාපනයට කලින් එලියට බහින එක බැහැපියකෝ සාධාරණ සමාජයක්, බුද්ධිමත් රාජ්‍යයක් වගේ එකක් කියාගෙන, එලියට එන්නේ නැද්ද බලන්න මිනිස්සු බුරුතු පිටින්... ඒ වගේ රාජ්‍යයක් හම්බවුනාම ඊට පස්සේ බලපන් උබලගේ ඔය නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ නැද්ද කියලා...

රටක් පාලනය වන ප්‍රධාන තැන් 3යි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය. ව්‍යවස්ථාදායකය කියන්නේ මොකක්ද පාර්ලිමේන්තුව... ඒක තුලින් තමයි නීතිය සම්මත වෙන්න ඕනේ... බලහන් පාර්ලිමේන්තුව දිහා... ලෝකෙම හිනා වෙනවා... අම්බලමක ඇඳකට රණ්ඩු වෙනවා වගේ මිනිස්සුන්ගේ පිං ඡන්ද වලින් පත් වෙලා කරන්න ඕනේ නසරානි වැඩ සේරම කරලා පිනට හම්බුන බලයට රට පැත්තකින් තියලා මරා ගන්නවා...

ඉතින් කොහොමද යකෝ මගේ ලක් මෑණියෝ හැදෙන්නේ? අපි කොහොමද ඉතින් 3 වෙනි ලෝකයෙන් උඩට යන්නේ? අපි කොහොමද "සංවර්ධනය වෙමින් පවතින" තැනින් උඩට ගිහින් "සංවර්ධිත" වෙන්නේ... 1950 ගණන් වල ලංකාව බලන්න ආපු සිංගප්පුරු අගමැති සිංගප්පුරුව ලංකාවක් කරනවා කියලා ලු රටින් ගියේ... දැන් ලංකාව කොහෙද? සිංගප්පුරුව කොහෙද? පරාක්‍රමබාහු කාලයේ අපේ රට පෙරදිග ධාන්‍යාගාරය... කෝ දැන්?...

හැම එකෙක්ම මතක තියාගනිල්ලා මේක අපේ රට... ඉස්සර රජවරු මුතුන්මිත්තෝ ලේ දහදිය හෙලලා රැකගත්තු අපේ රට... ඉන්දියන් සාගරයේ මුතු ඇටය... තොපිලගේ ඔය කාලකන්නි ආසාවල් සංසිදුව ගන්න අපේ ලක් මෑණියෝ පලි නෑ... ඔය පොදි බැදන් ඉන්න කාලකන්නි කම නිසා මැරෙනකොට තොපිලා අරන් යන අටමගලක් නෑ... ඒ නිසා අපි වෙනුවෙන් බැරිනං හෙට උපදින්න ඉන්න මල් කැකුළු වලට හරි ආඩම්බරකාර රටක් ඉතුරු කරපල්ලා... අනික මතක තියාගනිල්ලා අද හෙට බැරි වුනත් කවදාහරි මේ මිනිස්සු නැගිටියි... අන්න එදාට තොපිලට දුවන්න වෙන්නේ ඇදිවතත් දාලා කියලා...

ඒ නිසා රටට සාධාරණයක් කරන්න නම්... ස්ථාවර දේශපාලනයක් තනන්න නම් අපි නැගිටින්නම ඕනේ... ඉක්මනටම... නැත්නම් අපිටත් වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්නම තමා...

- අභි_සරා                  

Friday, November 9, 2018

අප්පච්චිගෙ පෝන් එක




අපේ අප්පච්චිට තියෙන්නෙ රුපියල් එක්දහස් අටසීයක් වටින E ටෙල් වර්ගයේ පෝන් එකකි...

නමුත් ඔහුට එය තම පණ තරම් වටී..අප්පච්චි එය නිතරෝම දමාගෙන යන්නට ඉන රැදි බද පටියෙහි කෙලවරක /ඉස්සරහ ගෙදර කිරිඅම්මාට කියා " #පුංචි_බෑගයක්ද මසා ඇත..

අප්පච්චි මේ පෝන් එකෙන් කරන්න දන්නා එකම දේ, අත් දෙකින්ම නොම්බර ඔබා කෝල් ගැනීමට පමණී...

වැරැදි නොම්බරයක් එබුනාම ආපහු මුල සිට නම්බරය ඩයල් කරයි...

ඒ වගේම වැරැදි නොම්බරයක් ඩයල් කර අනවශ්‍ය කෙනෙකුට කෝල් එකක් ගියහොත් ඔහුගේ කිසි වැරැද්දක් නැතත් ඔහුට "#බැනගෙන_බැනගෙන යයි....

වෙලාවකට මට එය පුදුම වදයකි...

මේකේ සද්දෙ ඇහෙන්නෑනෙ පුතේ. බලපන් මොකෑ කියලා..,
මොකාද ටැලිපෝං එක ඇල්ලුවෙ, මොක්කුද මෙව්වෑ නොම්බර එබුවේ.. අල්ලපු එකා කතා කරන එක "#ඇහෙන්නැත්තේ ගගා මට පුදුම වදයක් දෙයි...

විටෙක එයට මැසේජ් එයි..

සිග්නල් නැති ප්‍රශ්න ඇති අපිට මැසේජ් එද්දි එක දිගට දෙක /තුනක් /හතරක් එයි...ඒ සියලුම මැසේජ් කම්පැනි මැසේජ් ය..

එහෙම මැසෙජ් එද්දී 
අප්පච්චිට තනිකර #යකා ආරූඪ වෙයි...

මේ බලපන්, මේ බලපන්... ලියුන් කවරෙ එව්වා ඇවිල්ලා, මෙව්ව අයින් කරලා නවත්තපං මේක, කිය කියා මගේ ඇගට ගොඩ වෙයි...

බේං මේකෙ සල්ලි නැද්ද කොහෙද.? මේ කාඩ් එක දාලා දියං...
මේ ඊයෙ උදේ ගත්තු #නොම්බරේ ඇරන් දියං..

මේ පෝන් එකේ 
ඇති සියලු ප්‍රශ්න විසදන්නේ මමය...

එහෙත් අප්පච්චි නගන එක ප්‍රශ්නයක් විසදගන්න මට බැරිය...
ඊයේ රුපියල් පනහේ කාඩ් එක දාලා එක කෝල් එකයිනෙ ගත්තේ දැන් රුපියල් දහයය්ද තියෙන්නෙ,අපිට සැර අල්ලයි...

මන් කටවහන් පාඩුවේ ඉන්නේ මගේ පෝන් එකේ සල්ලි නැතිවායින් පසු අප්පච්චිගෙ පෝන් එකෙන් #හොරෙන් මගේ පෝන් එකට සල්ලි දමාගත් නිසාවෙනි...

බැනුම් අහන්න බැරිම තැන කනේ තියන් බොරුවට කොම්පැනියට කතා කරමි..

වැරදිලානෙ කපලා තියෙන්නෙ හෙට උදේ හරි යයි...අප්පච්චි ඒ වචන වලින් " #ඒක_තමයි_මං_කිව්වෙ කියා සංසුං වෙයි...

හංදියේ කොමිනි කේසන් එකට ගිය පසු අප්පච්චිට රීලෝඩ් එකක් දමා,ගෙදර එනවිට අප්පච්චි වට පිල උඩ විටක් හපමින් සිටී,

පුතේ ඊයේ වැරදිලා කපපු සල්ලි අද පෝන් එකේ ලියුම් කවරෙකින් ආව, බොරුනං බලපං උඩහ ගෙදර පොඩියෙකාට කියලා බලාගත්තේ, බොරුනං ඇරං ඔබලා බලහං....

මට ඉබේම හිනා යයි..

මන් ගෙදර එන්න රෑ අට නමය පහු උනත් අම්මා අප්පච්චිට කියා හතේ ඉදලා කෝල් ගනී... ඇරන් හොද හැටි මට පරක්කුවට දෙහි කපයි..

"දැන් යකෝ ගෙදරට කී පාරක් ඇවිල්ලා යන්න තිබ්බද..?" #මන්_ඔතෙන්ට_ගෙන්නගන්න_එපා_තොපි"

මට සැරෙන් අමතයි...

අප්පච්චිගෙ පෝන් එකට කෝල් එකක් එනවිට ඔහු පට්ටම ආසයි..පෝන් එකෙන් කෙනෙකු සමග කතා කරන විට ගමටම ඇහෙන්න අප්පච්චි #හයියෙන් කතා කරයි..

එපා හිමින් කතා කරන්න "මයික්" එකට හොද නෑ .. කියන්න නොයන්නේ, නිකම් පැත්තක ඉදන් ඔහු ලවා ජාතිය අමතා ගැනීමට 
අපි හරි අකමැති නිසාවෙනි..

මම ඈත ගමනක් ගිය පසු මගේ ලගම ඇති සතුරා අප්පච්චිගේ පෝන් එකයි...

අප්පච්චිගේ පෝන් එකේ පෝන් බුක් එකේ එක නොම්බරයක්වත් සේව් කර නොමැත. එහෙත් කුඩාවට ගමේම අවශ්‍ය අයගේ නොම්බර ලියූ "#කුඩා_පොත්_පිංචක් ඉන බැදී පටියේ දකුණු පස පොකැට්ටුවේ ඇත.

අවශ්‍ය වූ විටෙක එය පටියෙන් ඇද පරණ කන්නාඩි කුට්ටම දමා කන්නාඩි කුට්ටමට යටින් බලමින් එකින් එක එහි ඇති නොම්බර පිරික්සා ඔහු ඇමතුම් අරගනු ලබයි...

මම නිතරම පෝන් එක ඔබන එක අප්පච්චිට මේ ලොව ඇති ලොකුම ප්‍රශ්නයකි..උදේම එය සිහි උනොහොත් "#වැරැද්දක්_දුටු_සැනින් පෝන් එක අල්ලාගෙන මට හොද හැටි බනී.

"යකෝ අපිටත් ටැලිපෝං තියනවා, අපි කෝල් එකක් ගත්තා ඒක තිබ්බා,තොපි කොච්චර හරි ඕකම ඔබනවා,මොකක්ද බං මේකේ තේරුම.
අප්පච්චි #බෙරිහං දෙයි ...

පුතා උබත් ෆෙස්බුක් ද මොකේද ඉන්නවද..?

ආං ඔය මගුල හින්දා අර කුරුණෑගල දිහා ඉස්කොලේ යන එකියක් බෙල්ලෙ වැල දාගෙන ලු.. #වේ**.

ඔවුන්ගේ මහඑව්න්ට ගහන්ඩ ඕනෑ ඔය මගුල් ඔය කෙල්ලොන්ට ඇරන් දෙනවට... අප්පච්චි තරහෙන් රටේ ලොකු ටච් පෝන් තියෙන මැදි වයසේ #කෙල්ලොන්ට විටෙක දෙහි කපයි...

ඔව්වගෙන් දවසක උබලට හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි.. ගමේ එව්න් තොපිට නෙවෙයි හිනා වෙන්නේ අපිට..

වෙන කොල්ලො බලන්න ඕනෑ උදේම #වෙල්_වලට යනවා/රස්සා වලට යනවා. ඒකට උබලා...අනේ අම්මාපල් උබලට කියන කට හොදයි මහපාරේ උලා ගන්න එක, කියා උදැල්ලක් කරේ තියං වෙල් පැත්තට ගාටන්න සැරසෙයි....

අහෝ...ශාපයකි....!

අප්පච්චිට #නාදුනන නම්බරයකින් කෝල් එකකි...ගිය තරහට ලුනු ඇඹුල් ඇතුව ඔහුට අමතයි..

අප්පච්චි ගේ ටැලිපෝං නොම්බරය සොයා ගෙන විහිලුවක් කිරීමට ගමේ කොලුගැටයෙක් බොරුවට #ඉංගිරිසියෙන් කතාකර ඇත....

එහෙත් මන් තේරුම් ගත් එක දෙයක් ඇත.

කියන්නට දහසකුත් දේ හිතේ ඇත. අප්පච්චි පෝන් එකක් ලග තබාගෙන සිටින්නේ මම වෙනුවෙනි...ඔහුගේ "#එකම_පුතා වෙනුවෙනි.

වෙලාවකට ඔහුට එය වදයකි, ඒ වගේම මටත් වදයකි. ගමනක් ගොස් පරක්කු ඌ සැණින් ඇමතුම් විශාල ප්‍රමාණයක් මට ලබා ගනී...

එහෙත් මන් තේරුම්ගත් බොහෝ දේ ඇත..මගේ ලොකු "#ටච්_ඉස්ක්‍රින් දුරකථනයේ ඔහු වෙනුවෙන් ඇත්තේ මොන තරම් පුංචි ඉඩක්ද...

ඔහුගේ කුඩා මුලු දුරකථනයම මම වෙනුවෙනි..

පෝන් ගැන මෙලෝ හසරක් නොදන්නා අප්පච්චි මේ අමාරුවෙන් පෝන් එකක් #පරිහරණය කරන්නේ මා වෙනුවෙන්මය..

මම මේ ලියන දේ ඔහු කවදාවත් දකිනු නැත .මොකද අප්පච්චි ෆේස්බුක් කියන #වචනය හැර මේ ගැන වෙනදෙයක් දන්නේද නැත..

ඔහුගේ පෝන් එක සේම මුලු ජීවිතයම පිරී තිබෙන්නෙ මගෙනි..ඔහුට ඒවා බොරු දේවල්‍ ය..

අපිට අම්මා වරුන්ගේ දිනක් තිබුනාට/හුදෙක් ලෝකවාසී #අප්පච්චිලාට විශේෂ දිනයක් නැත. ඒත් සැමඳා ඔහුට දරුවන්ගේ දිනක් ඇත..

අපි කුසින් එලියටට පැමිනි දා සිට /ඔහු හැම දවසක්ම අපි වෙනුවෙන් වෙන්කර ඇත...හරියට ඔහුගේ කුඩා පෝන් එක අපි වෙනුවෙන්ම වෙන්කර ඇතිවාක් මෙනි..

ඉතින් ඒ නිසා
"#අප්පච්චි_නුබට_ගොඩක්_ආදරෙයි" කියා නුබේ පොටෝ එකක් දමා පේස්බුක් එකේ රැගුවාට නුඹ දකින්න ෆෙස්බුක් නැත ..

මොකද නුබේ එකදාස් අටසීයේ පෝන් එකෙන් නුබට පේස්බුක් එන්නට බැරිය.. ඒ පෝන් එක නුබ වදෙන් පාවිච්චි කරන්නෙ නුබ වෙනුවෙන් නොව මා වෙනුවෙනි..

මට මාර #දුකක් ඇත ..

ඔහුගේ මුලු දුරකථනයම මා වෙනුවෙනි.. ඒත් 64GB මෙමරියක් ඇති මගේ පෝන් එකේ ඔහුට තිබෙන තැන/ඉඩ කොතැනද..

කොපමණ ද.....

මගේ අප්පච්චි..කිසිම දින නුඹ මේ අකුරු නොදකින මේ "#මුහුනු_පොත මට කුමටද....?

😭
-අසා-
(සාක්ෂි සමග සත්‍ය අත්දැකීම් සමුදායකි.)

Tuesday, November 6, 2018

විප්ලවවාදියා හා ආදරය

2015 දී  ලියපු ඩයරියක ❤️

"විප්ලවවාදියෙකු මෙහෙයවනු ලබන්නේ ආදරය පිලිබද හැගීමෙනි"

උඹ කියාදුන්නේ එහෙමය..
 ජීවිතය ආදරයකින් වෙලුනි.
උඹටත් මටත් උරුම නොවූ ලෝකය අපේ උන්ට තනන්නට හරි හරියට වෙහෙස උනෙමු.. 
අතට මුදල් නැති කල සිතට සතුට උඹට මමත් මට උඹත් ගෙන ආ බව අපි අපිම වටහා ගෙන සිටියෙමු...

මා විප්ලවය විශ්වාස කල තරමටම 
උඹව විශ්වස කලෙමි, උඹට ආදරය කලෙමි.. 
කවදාක හෝ අපේම පැලක ජීවත් වන්නට හීන දැක්කෙමි..
ලය පැලුනු ගිටාරයෙන් නුඹට අසන්නට මගේ හදවතේ තණුව වයන්නට සිතාගෙන උන්නෙමි...
සාමාන්‍ය සමාජයේ එකෙකුට මෙන් කදුලු උනන ඇස් දෙකක් මටත් හිමි බව උඹට අමතකව ගොස් තිබුනි..

උඹ මගේ සටන් සගයාය... ජීවිතය පුරාවටම එය එසේය මා එසේද සිතා සිටියෙමි
මගේ සිත ගත් විප්ලවයේ ජීව ගුණයන් මා ඔබ තුලින් වින්දෙමි
උඹ ද මේ සමජයෙම එකෙකු බව මට ආදරය විසින් අමතක කරවා තිබුනි

කරවටක් මා ගිලී ඇති විටක උඹද මා ගිල්ලවන්නට දැරූ උත්සාහය නම් අපූරුය
නමුදු මා තවම උඹව සොයන්නෙමි... මේ විප්ලවීය ආනන්දය විදින්නට මා කැමැතිය
මේ විප්ලවීය වෙදනාව විදින්නට මා කැමැතිය...
තවද රිදෙන්නට හිතක් නම් නැත නමුත්
 මා තවමත් විප්ලවය විශ්වාස කරමි

උඹ කියාදුන් ලෙසම
හැකි නම් කරමු නොහැකි නම් කෙසේ හෝ කරමු

2018 ------------

- සෙව්වන්දි දළදාවත්ත

Saturday, November 3, 2018

ආදරණීය රාවණා...

ආදරණීය රාවණා ....


නෑ වැරදුණා මට


හිතවත් රාවණා ....



මට තාම හරි දුකයි රාවණා

උඹටත් මං හින්දා හරියට

දෙස් දෙවොල් නේද

රාවණා ....



අන්තපුරයක් එක්ක

නිදිවැදුණු රාමාත්

සුපර්ණිකාව වනසපු

ලක්ෂ්මනුත් දැන් හරි

වීරයෝ වෙලා

රාවණා ...



උඹව රාමාට පාවා දුන්නු

විභීෂණ අද දෙවි

කෙනෙක් වෙලා

උඹේ රට ගිනිතියපු හනුමාට

උඹේ රටේ උන් ම වැදුම් පිදුම්

කරනවා රාවණා ...



ගැහැණියකගේ ගැහැණුකම

ආරක්ෂා කරපු උඹට

සල්ලාලයෙක් කියනවාලු

නේද රාවණා....



තාමත් භාරතයේ

දුස්රා උත්සව තියලා

උඹව පුච්චනවා රාවණා ...

ඔව්...

උන් තාම උඹට මහා හුගක්

බය ඇතියි රාවණා ...



උඹ මට පෙම් කලාලු

මට උඹව මගහැරැණේ

මගේ පෙර පවකටලු

දැන් උන් එහෙමත් කියනවා

රාවණා ...



ඇත්ත...

මට උඹව මගහැරැණේ

මගේ පෙර පවකට

ඒක ඇත්ත රාවණා ...



උඹ වගේ දඩබ්බර හිතක් ලග

ගෑනු අපි දපනේ වැටෙනවා

රාවණා ...



ඒත් උඹ ආදරේ කලේ

මන්දෝදරියට විතරයි

උඹේ හිතයි මමයි දන්න ඇත්ත

ලෝකෙට ම කියපන්

රාවණා ...



මන්දෝදරිය එක්ක උඹ

පෙම් කරපු ආලකමන්දාව

ගිනිගද්දී උඹට වඩා මං

දුක්වුණා රාවණා ...



ඇත්තමයි

උඹ තරම් ගෑණියකට ගරු කරපු

උඹ තරම් ලංකාවට පෙම් බැදපු

උඹ තරම් ආදරේ දන්න

කවුරුවත් ම

මම තාම දැක්කේ නෑ

රාවණා ...



ඉතින් මං ආයෙමත් ගින්නට පනින්නම්

උඹේ නමින් විතරක්

රාවණා ...

උඹේ නිදොස් බව

එහෙමවත් ලෝකෙට කියන්න ද

රාවණා ...



පුළුවන් නම් එකම එක වරක්

ආයෙමත් ඇවිදින්

මේ ලෝකේට ඇත්ත ආදරේ හැටි

කියලා දීපන්

රාවණා ....



උඹට හොරෙන්

උඹට පෙම් කරපු

මං සීතා.....



#copied 😒

**********************************************************

පළවෙනියටම ලිව්ව කෙනා ගැන නම් දන්නේ නෑ... කවුරු නමුත් හොදටම ලියලා තියෙන නිසා share කලේ. රචකයා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පහලින් mention කරගෙන යන්න.

ස්තුතියි...


Tuesday, October 30, 2018

ආදරය ද ?ආලය ද?

මං දන්නව. මේක දැකපු ගමන් දෙවරක් නොසිතා උඩින් පල්ලෙන් හරි උබල මේක කියවනව. මොකද උබලට ඒ ආදරය ගැන තියෙන ඇම්ම මටත් ඒ විදියටම තියෙනවා. ඒ කියන්නේ මේ "ආදරය" කියන එක උබටයි මටයි නැතිවම බැරි දෙයක් වෙලා. මොකද මමත් තරුණ වයසේ ඉන්න නිසා මමත් ඒ ගැන හොදටම දන්නවා.

ඒත් මේ ආදරය කියන්නෙ මොකක්ද කියන එක තවම හරියට නොදන්න පිරිසකුත් මේ අතර ඉන්නව. ඒ විතරක් නෙවෙයි මේ ආදරයයි ආලය යි පටලගත්තු අය තමයි ගොඩක්ම ඉන්නේ.
ආදරය එන්නෙ හදවතින්. ඒ ගැන තර්කයක් නෑ. ඒක උබයි මමයි දෙන්නම දන්නවා.

ඒත් මේ ආලය?

කෙටියෙන්ම කිව්වොත් ආදරය කරන එකෙක් කවදවත් තමන්ගෙ ආදරය කරන කෙල්ලව රූම් එකකට ගෙනියන්නෙ නෑ. ඒ කෙල්ලගෙ පතිවත කෙලසන්නෙ නෑ. හැබැයි රූපෙට පෙම් බදින පෙම්වතුන් මේක දන්නෙ නෑ. ඌට ඕනෙ තාවකාලික සැපක් එහෙමත් නැත්නම් අපේ වචනෙන් කියනවානං “පොඩි ආතල් එකක්” විතරයි.

උබ උබේ පොඩි ආතල් එක ගනී. අර කෙල්ලට මොකද වෙන්නේ කියලා උබ නිකන් වත් හිතුවද? අර ඉස්සර ආච්චිලා කියන්නා වගේ “කොල්ලව නාවලා ගෙට ගත්තම ඔක්කොම හරි ලු”. එතකොට උබේ අර පජාත ආතල් එකට අහුවුණු කෙල්ල? ඒකිට මොකද වෙන්නේ? උබ ඒකිව බදිනවද? අනේ පලයන් බං යන්න. උබ බදී... රෙද්ද... එකට මොකද උබත් අන්තිමට ඔක්කොම කරලා හොයන්නේ කන්‍යාවක් නේ!  

ඇයි බං එහෙම. උබලා උබලා ගැන විතරක් නෙවේ කෙල්ල ගැනත් හිතහන්. උබලට බදින්නේ නැතුව තනියම ඉන්න පුළුවන් ඒත් කෙල්ලෙක්ට අද සමාජයේ එහෙම තනියම ඉන්න පුලුවන්ද? ඒ නිසා කවදාවත් කෙල්ලව රූම් ගෙනියන්න එපා බං. උබල කවදවත් රූම් එකකට ගිහින් පවුලක් වෙන හැටි පැලෑන් කරන්නේ නෑනේ. හදවතින් ආදරය කරපන්. කෙල්ලගෙ හදවතට ආදරය කරපන්.

ලංකාව කියන්නෙ සදාචාරයක් ඇතුව සංස්කෘතියකට අනුව හැඩගැසුනු රටක්. ඒ සංස්කෘතිය ඇතුලෙ කෙල්ලෙක්ගෙ පතිවත කියන්නෙ ඒකිගෙ මුළු ආතමේම කියන්නත් පුළුවන්. ඒ ආත්මේ වනසන්න එපා බං. කිසි දවසක උබට හරියන එකක් නෑ. හදවතට තට්ටු කරල අහපන් මම මෙච්චර කාලයක් ආදරේ කලාද කියල.


කරපන් හොද රස්සවක්. හදපන් හොද ගෙයක්. උබට ඒකිට කන්න දෙන්න පුලුවන් දවසට එක්ක පලයන් මල් මාල දාල, දොලාවේ තියලා. අන්න ඒකටයි බං කියන්නේ ආදරය කියලා.

- මධුවා -

Thursday, October 11, 2018

සල්ලි > මනුස්සකම ? පරාර්ථකාමීත්වය


ගණිතයේ “>” ලකුණ යොදන්නේ කට අරුණ පැත්ත වැඩියි කියන්න... ඒකයි මම ඒක පාවිච්චි කලේ... ඔය කියන සල්ලියි මනුස්සකමයි ඔහොම තිබ්බොත් ඔය ඉරි කෑල්ල ඔහොම නෙවේ කෙලින් වෙන්න තරම්ම සල්ලි  පැත්තට මිනිස්සු බරයි. මන් අහනවා “ඇයි ඒ?” උබලා කියයි “ඇයි අහන්නේ මනුස්ස කමෙන් මොනවද උබට හම්බ වෙන්නේ?”.... “මොකුත් නෑ...” “ඒත්  සල්ලි වලින්? හම්මෝ... යාන වාහනද, කෑම බීමද ඔක්කොම...” මම මෙහෙමත් අහන්නා... “ඔය සල්ලි වලට කෙළ වුනාම?” උබ නිහඩයි... සාධාරණයි...   

ලංකාව කියන්නේ ලෝකෙන්ම උතුන්ම රටක්... මගේ රට අනෙක් මොකට නැතත් එක දෙයකට නම්, නම තියපු රටක්... ඔයාලා කියයි “අපොයි ඔව් පේනවා... බදු වලින් ඉහලම රට, දුප්පතාගේ මඩියට නහුතෙටම කෙලවන රට...” පොඩියට කින්ඩි හිනාවකුත් දාලා “ඇත්ත ලෝකෙන්ම උතුම් රටක් තමා...”

නෑ... ඔය මොන දේ තිබුනත් අපේ රටේ මිනිස්සුන්ගේ එක ගතියක් තිබ්බා... අන්න ඒකට ඔය ඔක්කොම යටයි... දන්නවද ඒ මොකක්ද කියලා... ඒ තමයි ‘මනුස්සකම...’ ලංකාවේ මනුස්සයෙක්ගේ හිසේ කෙස් ගහේ ඉදන් පාදාන්තය දක්වා හැමතැනකම මේ මනුස්සකම පිරිලා තිබුනා... ඔව් අතීත කාලෙන්... ‘තිබුනා’ මොකද දැන් ඕකත් නැතිවෙන්නයි යන්නේ...

මම ලියන ඒවා කියවලා මට ප්‍රතිචාර දුන්න මගේ සහෘදයෝ ගොඩ දෙනෙක් කිව්වේ “මචන් උබ මොටිවේෂන් ඒවා ලියපන්... ඒවා තමා ඕනේ... උබ ඒවා එලට ලියනවා” කියලා... ඔව් බං මට ඒවා ලියන්න තිබ්බා මේ මිනිස්සුන්ගේ කිසිම අඩුපාඩුවක් නැත්නං, සමාජය බල්ලට දාන්නේ නැත්නං... ඇත්ත මට ලියන්න තිබ්බා... ඒ විතරක් ද, එහා පැත්තේ එකාට කෙල වුනත් කමක් නෑ මම මේක කරලා ගොඩයනවා සංකල්පය නොතිබුනා නම්... සත්තයි... මමත් මල් මල් ඒවා ලියලා දානවා... හිටගෙන ඉන්න අම්මට නැගිටලා බස් එකේ සීට් එක දෙන්න පස්ස ඉස්සෙන්නේ නැති උද්දච්ච එවුන් හිටියේ නැත්නං... ඇත්තමයි මමත් මල් මල් ඒවා ලියලා දානවා... ඒ විතරද ගොඩයන්න පන්දම් අල්ලලා ලෙචාලට අනිත් වුන් ගැන කුණු කතා කියන වුන් නැති වුනානන්, උබලා පල්ලා මම ලියන්නේ මල් මල් ඒවා තමා...

අපේ මිනිස්සු ඉස්සර ඔච්චර කුහක නෑ... අනිත් එකාවත් ගොඩ දාගෙන ගොඩ යනවා, වැඩිහිටියාට සලකනවා... දැන් වුන් කොච්චර අනිත් එකා ගැන හිතනවද කිව්වොත් ‘මම ගොඩ ගියාම ඇති... අනිකට මක් වුනත් කමක් නැති’ සංකල්පයේ ඉන්නේ... ඇයි බං එහෙම... අනිත් එකා ගොඩ ගියාම කමක් නෑනේ... ඉතින් මොකෝ... උබලටත් පිං නේ...

අපේ විශ්ව විද්‍යාලයේ තමයි ලොකුම පුස්තකාලය තියෙන්නේ... ඒකෙ එදා මෙදා තුර පල කරන ලද හැම පොතකම පිටපතක් තියෙනවා... ඇගයීම් ලියන්න අපිට අනිවාර්යයෙන් ඕකේ තියෙන පොත් සෑහෙන්න ගලපන්න වෙනවා...

කතාව මෙහෙමයි, දේශනයක් ඉවර වුනාම කට්ටියක් නිදහස්, තව කට්ටියකට ආයේ දේශනයක්... අර නිදහස් කට්ටිය ගිහින් ඇගයීමට ඕනේ පොත් ටික හොයා ගන්නවා... සමහරු ඕනේ ටික පිටපතක් නැත්නං පොටෝකොපියක් දාගෙන පොත තියලා යනවා... හැබැයි ඔක්කොම ඔහොම නෑ... සමහරු හිතනවා අපි මේක කලාම ඇති කියලා, එහෙම හිතලා සමහර වෙලාවට පොත තියලා යනවා හැබැයි අදාළ පොතේ කරුණු තියෙන පිටු ටික නෑ... මේක අපේ විශ්ව විද්‍යාලයට සීමා වෙච්ච දෙයක් නෙවේ... හැබැයි මේකට වරදකරුවා විශ්වවිද්‍යාල පද්ධතියවත් වෙනත් කිසිම පලනාධිකාරියක්වත් නෙවෙයි... වරද තියෙන්නේ අත්තනෝමතික අතිශය ආත්මාර්ථකාමී ළමයින්ගේ අතේ... අනිකා ගැන හිතනවා නං පොතේ පිටු ටික ගලවන් යයිද?

ඒ විතරද සමහර වෙලාවට වැඩිපුර සටහන් තියෙන ළමයෙක් ගෙන් ඒ සටහන ඉල්ලුවම කොළ දෙක තුනක් දාගෙන එන්න බෑ ලු... බෑග් එක බර වැඩියිලු... කියලා පුස්තකාලේ බලන්න කියන මිනිස්සු මේ රටේ ඉන්නේ... කෝ ඔය කියන මනුස්සකම? කෝ ඔය කියන පරාර්ථකාමීත්වය? අපි නං, අපි කුප්පි (විශ්ව විද්‍යාල තුල විභාගයට පෙර ළමයින් එකතු වී, පාඩම හොදටම අවබෝධ වූ කෙනා උගන්වමින්, ගැටළු සාකච්ඡා කරන ක්‍රමය.) දාලා බැරි එකා අපිට වැඩිය ලකුණු ගන්න එකට සතුටු වෙනවා... එත් කෝ හැමෝම එහෙමද? අනිකට වැඩිය ලකුණක් හරි ගන්න, වැඩිපුර ටිකක් හිතාගෙන, හොයාගෙන හංගන් තියාගෙන ඉන්නවා... කෝ ඔය කියන මනුස්ස කම? කොපි කරලා ගොඩ යන්න අනුබල දෙනවට වඩා වැඩිපුර දෙයක් කියලා දීල අනිකාවත් ගොඩ යැව්වා නන් නරකද?

මේ කිසිම දෙයක් ළමයින්ගේම වැරදි නෙවේ... අම්මලා තාත්තලාගේ අතෙත් වැරදි තියනවා... අම්මලා තාත්තලා කියලා දෙන්නේ උබ තනියම කාපන්, උබ තනියම ගොඩ පලයන් කියලා නං, ඉතින් ඒකා කවදාවත් අනිකා ගැන හිතයිද, කවදාවත් පරාර්ථකාමී වෙයිද? පරාර්ථකාමීත්වය කියන්නේ ඒ වගේ සමාජයක හීනයක් විතරයි... අම්මලා තාත්තලා පුංචිකාලේ කරන, කියලා දෙන හැම දෙයක්ම පුංචි එකාගේ ඔලුවට තදටම වදිනවා... හැමදාම ඔහොම කියලා දුන්නු එකා කවදාවත් බෙදා ගනීද?

මතක තියාගනිල්ලා උබලා හැංගී හැංගී පාඩම් කරලා පළවෙනි පන්තියේ උපාධි ගනී... උබලා ආචාර්යවරු, මහාචාර්යවරු, පදක්කම් ලාභීන් වෙයි... ලක්ෂ කෝටි ගණන් හම්බත් කරයි... හැබැයි කවදාහරි මැරුණම බෝලාලගේ පෙට්ටිය කරගහන්නවත් එකෙක් නැති වෙයි... ඒ නිසා ඔය ඔක්කොටම කලින් මනුස්සකම හම්බකරපල්ලා...

ඔය ඔලුව උඩ තියාගෙන පුම්බන් ඉන්න “පොෂ්” කම මැරුණම නෑ... උබට හම්බවෙන්නෙත් අර “ගොඩේ” එකාට හදන පෙට්ටියම තමා... වැඩි ගානක් විසිකලාම පෙට්ටිය වැඩිපුර පොඩ්ඩක් සරසලා තියෙයි... එච්චරයි... හැමෝම වලලන්නේ අඩි 6 වලක... උබ “පොෂ්”, උබ “මීටරේ”, උබ “ගොඩයා”, උබ “මැට්ටා” කියලා වලේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ... උබ තනියම ගොඩ ගිහින් හොදට හම්බ කරලා මැරුණම “පොෂ්” මළ ගෙදර අම්මා තාත්තා ඇර වෙන එකෙක්වත් උබලා වෙනුවෙන් කදුළු හෙලන්නේ නෑ බං... හැබැයි උබ මිනිස්සු හම්බ කලොත් උබ ජීවත් වෙද්දීම උබට මිනිස්සු මල් පුදයි... අන්න එකයි බං මනුස්සකමේ වෙනස...

සල්ලි පස්සේ හම්බ කරපන්... පුළුවන් කාලේ මිනිස්සු හම්බකරපන්... ඔය දෙකේ වෙනස ටොකු ඇනලා පෙන්නන්න ඕනේ නෑනේ... පට්ටම් ගන්න කලින් මිනිහෙක් වෙලා හිටපන්... හරියට බැලුවොත් සල්ලි උබලට දෙන මගුලක් නෑ... උබලට හැමදේම ගන්න පුළුවන් උබලා ගාව මනුස්සකම තියෙනවා නං...          

- අභි_සරා 

කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...

දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා... 1-     ...