ගණිතයේ
“>” ලකුණ යොදන්නේ කට අරුණ පැත්ත වැඩියි කියන්න... ඒකයි මම ඒක පාවිච්චි කලේ...
ඔය කියන සල්ලියි මනුස්සකමයි ඔහොම තිබ්බොත් ඔය ඉරි කෑල්ල ඔහොම නෙවේ කෙලින් වෙන්න
තරම්ම සල්ලි පැත්තට මිනිස්සු බරයි. මන් අහනවා “ඇයි ඒ?” උබලා කියයි “ඇයි අහන්නේ
මනුස්ස කමෙන් මොනවද උබට හම්බ වෙන්නේ?”.... “මොකුත් නෑ...” “ඒත් සල්ලි වලින්? හම්මෝ... යාන වාහනද, කෑම බීමද ඔක්කොම...” මම මෙහෙමත් අහන්නා... “ඔය සල්ලි වලට කෙළ වුනාම?” උබ නිහඩයි... සාධාරණයි...
ලංකාව
කියන්නේ ලෝකෙන්ම උතුන්ම රටක්... මගේ රට අනෙක් මොකට නැතත් එක දෙයකට නම්, නම තියපු රටක්... ඔයාලා කියයි “අපොයි ඔව් පේනවා... බදු වලින් ඉහලම රට, දුප්පතාගේ මඩියට
නහුතෙටම කෙලවන රට...” පොඩියට කින්ඩි හිනාවකුත් දාලා “ඇත්ත ලෝකෙන්ම උතුම් රටක්
තමා...”
නෑ...
ඔය මොන දේ තිබුනත් අපේ රටේ මිනිස්සුන්ගේ එක ගතියක් තිබ්බා... අන්න ඒකට ඔය ඔක්කොම
යටයි... දන්නවද ඒ මොකක්ද කියලා... ඒ තමයි ‘මනුස්සකම...’ ලංකාවේ මනුස්සයෙක්ගේ හිසේ
කෙස් ගහේ ඉදන් පාදාන්තය දක්වා හැමතැනකම මේ මනුස්සකම පිරිලා තිබුනා... ඔව් අතීත
කාලෙන්... ‘තිබුනා’ මොකද දැන් ඕකත් නැතිවෙන්නයි යන්නේ...
මම
ලියන ඒවා කියවලා මට ප්‍රතිචාර දුන්න මගේ සහෘදයෝ ගොඩ දෙනෙක් කිව්වේ “මචන් උබ
මොටිවේෂන් ඒවා ලියපන්... ඒවා තමා ඕනේ... උබ ඒවා එලට ලියනවා” කියලා... ඔව් බං මට
ඒවා ලියන්න තිබ්බා මේ මිනිස්සුන්ගේ කිසිම අඩුපාඩුවක් නැත්නං, සමාජය බල්ලට දාන්නේ
නැත්නං... ඇත්ත මට ලියන්න තිබ්බා... ඒ විතරක් ද, එහා පැත්තේ එකාට කෙල වුනත් කමක්
නෑ මම මේක කරලා ගොඩයනවා සංකල්පය නොතිබුනා නම්... සත්තයි... මමත් මල් මල් ඒවා ලියලා
දානවා... හිටගෙන ඉන්න අම්මට නැගිටලා බස් එකේ සීට් එක දෙන්න පස්ස ඉස්සෙන්නේ නැති
උද්දච්ච එවුන් හිටියේ නැත්නං... ඇත්තමයි මමත් මල් මල් ඒවා ලියලා දානවා... ඒ විතරද
ගොඩයන්න පන්දම් අල්ලලා ලෙචාලට අනිත් වුන් ගැන කුණු කතා කියන වුන් නැති වුනානන්,
උබලා පල්ලා මම ලියන්නේ මල් මල් ඒවා තමා...
අපේ
මිනිස්සු ඉස්සර ඔච්චර කුහක නෑ... අනිත් එකාවත් ගොඩ දාගෙන ගොඩ යනවා, වැඩිහිටියාට
සලකනවා... දැන් වුන් කොච්චර අනිත් එකා ගැන හිතනවද කිව්වොත් ‘මම ගොඩ ගියාම ඇති...
අනිකට මක් වුනත් කමක් නැති’ සංකල්පයේ ඉන්නේ... ඇයි බං එහෙම... අනිත් එකා ගොඩ ගියාම
කමක් නෑනේ... ඉතින් මොකෝ... උබලටත් පිං නේ...
අපේ
විශ්ව විද්‍යාලයේ තමයි ලොකුම පුස්තකාලය තියෙන්නේ... ඒකෙ එදා මෙදා තුර පල කරන ලද
හැම පොතකම පිටපතක් තියෙනවා... ඇගයීම් ලියන්න අපිට අනිවාර්යයෙන් ඕකේ තියෙන පොත්
සෑහෙන්න ගලපන්න වෙනවා...
කතාව
මෙහෙමයි, දේශනයක් ඉවර වුනාම කට්ටියක් නිදහස්, තව කට්ටියකට ආයේ දේශනයක්... අර
නිදහස් කට්ටිය ගිහින් ඇගයීමට ඕනේ පොත් ටික හොයා ගන්නවා... සමහරු ඕනේ ටික පිටපතක්
නැත්නං පොටෝකොපියක් දාගෙන පොත තියලා යනවා... හැබැයි ඔක්කොම ඔහොම නෑ... සමහරු
හිතනවා අපි මේක කලාම ඇති කියලා, එහෙම හිතලා සමහර වෙලාවට පොත තියලා යනවා හැබැයි අදාළ
පොතේ කරුණු තියෙන පිටු ටික නෑ... මේක අපේ විශ්ව විද්‍යාලයට සීමා වෙච්ච දෙයක්
නෙවේ... හැබැයි මේකට වරදකරුවා විශ්වවිද්‍යාල පද්ධතියවත් වෙනත් කිසිම පලනාධිකාරියක්වත්
නෙවෙයි... වරද තියෙන්නේ අත්තනෝමතික අතිශය ආත්මාර්ථකාමී ළමයින්ගේ අතේ... අනිකා ගැන
හිතනවා නං පොතේ පිටු ටික ගලවන් යයිද?
ඒ
විතරද සමහර වෙලාවට වැඩිපුර සටහන් තියෙන ළමයෙක් ගෙන් ඒ සටහන ඉල්ලුවම කොළ දෙක තුනක්
දාගෙන එන්න බෑ ලු... බෑග් එක බර වැඩියිලු... කියලා පුස්තකාලේ බලන්න කියන මිනිස්සු
මේ රටේ ඉන්නේ... කෝ ඔය කියන මනුස්සකම? කෝ ඔය කියන පරාර්ථකාමීත්වය? අපි නං, අපි
කුප්පි (විශ්ව විද්‍යාල තුල විභාගයට පෙර ළමයින් එකතු වී, පාඩම හොදටම අවබෝධ වූ කෙනා
උගන්වමින්, ගැටළු සාකච්ඡා කරන ක්‍රමය.) දාලා බැරි එකා අපිට වැඩිය ලකුණු ගන්න එකට
සතුටු වෙනවා... එත් කෝ හැමෝම එහෙමද? අනිකට වැඩිය ලකුණක් හරි ගන්න, වැඩිපුර ටිකක්
හිතාගෙන, හොයාගෙන හංගන් තියාගෙන ඉන්නවා... කෝ ඔය කියන මනුස්ස කම? කොපි කරලා ගොඩ
යන්න අනුබල දෙනවට වඩා වැඩිපුර දෙයක් කියලා දීල අනිකාවත් ගොඩ යැව්වා නන් නරකද?
මේ
කිසිම දෙයක් ළමයින්ගේම වැරදි නෙවේ... අම්මලා තාත්තලාගේ අතෙත් වැරදි තියනවා...
අම්මලා තාත්තලා කියලා දෙන්නේ උබ තනියම කාපන්, උබ තනියම ගොඩ පලයන් කියලා නං, ඉතින්
ඒකා කවදාවත් අනිකා ගැන හිතයිද, කවදාවත් පරාර්ථකාමී වෙයිද? පරාර්ථකාමීත්වය කියන්නේ
ඒ වගේ සමාජයක හීනයක් විතරයි... අම්මලා තාත්තලා පුංචිකාලේ කරන, කියලා දෙන හැම
දෙයක්ම පුංචි එකාගේ ඔලුවට තදටම වදිනවා... හැමදාම ඔහොම කියලා දුන්නු එකා කවදාවත්
බෙදා ගනීද?
මතක
තියාගනිල්ලා උබලා හැංගී හැංගී පාඩම් කරලා පළවෙනි පන්තියේ උපාධි ගනී... උබලා ආචාර්යවරු,
මහාචාර්යවරු, පදක්කම් ලාභීන් වෙයි... ලක්ෂ කෝටි ගණන් හම්බත් කරයි... හැබැයි
කවදාහරි මැරුණම බෝලාලගේ පෙට්ටිය කරගහන්නවත් එකෙක් නැති වෙයි... ඒ නිසා ඔය ඔක්කොටම
කලින් මනුස්සකම හම්බකරපල්ලා...
ඔය
ඔලුව උඩ තියාගෙන පුම්බන් ඉන්න “පොෂ්” කම මැරුණම නෑ... උබට හම්බවෙන්නෙත් අර “ගොඩේ”
එකාට හදන පෙට්ටියම තමා... වැඩි ගානක් විසිකලාම පෙට්ටිය වැඩිපුර පොඩ්ඩක් සරසලා
තියෙයි... එච්චරයි... හැමෝම වලලන්නේ අඩි 6 වලක... උබ “පොෂ්”, උබ “මීටරේ”, උබ
“ගොඩයා”, උබ “මැට්ටා” කියලා වලේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ... උබ තනියම ගොඩ ගිහින්
හොදට හම්බ කරලා මැරුණම “පොෂ්” මළ ගෙදර අම්මා තාත්තා ඇර වෙන එකෙක්වත් උබලා වෙනුවෙන්
කදුළු හෙලන්නේ නෑ බං... හැබැයි උබ මිනිස්සු හම්බ කලොත් උබ ජීවත් වෙද්දීම උබට
මිනිස්සු මල් පුදයි... අන්න එකයි බං මනුස්සකමේ වෙනස...
සල්ලි
පස්සේ හම්බ කරපන්... පුළුවන් කාලේ මිනිස්සු හම්බකරපන්... ඔය දෙකේ වෙනස ටොකු ඇනලා
පෙන්නන්න ඕනේ නෑනේ... පට්ටම් ගන්න කලින් මිනිහෙක් වෙලා හිටපන්... හරියට බැලුවොත් සල්ලි උබලට දෙන මගුලක් නෑ... උබලට හැමදේම ගන්න පුළුවන් උබලා ගාව මනුස්සකම තියෙනවා
නං...
- අභි_සරා