Tuesday, August 27, 2019

වෙනස

"සදාකාලික නොවූ ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි" නෑ... මේක මම කියන කතාවක් නෙවේ... මම එහෙම කියන්න දාර්ශනිකයෙක් නෙවේ ඇරත් ඒකේ වචනාර්ථයේ තියෙන ගැඹුර පැහැදිලි කරන්න තරන් දැනුමකුත් මට නෑ...


හැබැයි උබලා හිතන රාමුවෙන් පිට හිතලා ඔය ගැඹුරු කතාව ලාවට පොඩි ටච් එකකින් විග්‍රහ කරන්න දාර්ශනික නොවූ රාමුවකින් මම පුංචි උත්සහයක් දරන්නම්...

වෙනස කියන අකුරු තුනේම තියෙනවා වෙනසක්... අකුරට අකුරක් සමාන නෑ... අපිට මේ වචනේ පොඩි කාලේ ඉදන්ම හරිම සමීපයි... අපි ඉපදුනාම හරි හුරතල් ලස්සනයි... කෙල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් "හරීම කියුට්"... කොහොම හරි මේ කියුට් එකා කාලයත් එක්ක ඇට්ටරයෙක් වෙනවා... රූපෙන් විතරක් නෙවේ... හැසිරීමෙනුත්... පොඩ්ඩක් ලොකු වෙනකොට අමු අණ්ඩපාලයෙක් වෙනවා... එහෙමත් එකෙක් තමා අහිංසක වෙන්නේ... ඒකත් වෙනසක්... ඒ එක පැත්තකින්.... තව පැත්තකින් රූපේ හිතාගන්න බැරි විදියට වෙනස් වෙනවා... උදාහරණයක් කිව්වොත් මගේ පොඩි කාලේ ෆොටෝවල ඉන්න පොඩි එකී හරිම හුරතල්... අම්මලා ඒකි විකුණලා වෙන එකෙක් බද්දට අරන්ද කියලා හිතෙනවා දැන් ෆොටෝ බලන කොට... ඒ තරම් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කැතයි... වෙනසක්...

ඒ විතරක් නෙවේ හිතන විදිය වෙනස් වෙනවා... ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලේ ඉස්කෝලේ යන කාලේ අපට සල්ලිවල අගයක් නෑ... දැක්ක ගමන් අරක ඕනේ... මේක ඕනේ කියලා මැරෙන්න හදනවා... අරන් දුන්නේ නැත්නන් අම්මලා තාත්තලා එක්ක වලි... හරියට අපි එයාලට හම්බකරලා දෙන සීන් එකේ අපි ඉන්නේ... පොඩ්ඩක් ලොකු වෙලා ඒලෙවල්, කැම්පස් යන්න පටන් ගන්න කාලේ වෙනකොට අපට පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්නවා... මහපොළ හම්බවුනාම අතේ පොඩි ගානක් තියන් ඉතිරිය ගෙදරට යවලා බඩගින්නේ ඉන්නේ ඒ තේරුම්කමට... දෙයක් ගන්න කලින් දහ පාරක් සිය පාරක් හිතනවා... ගන්නම කියලා හිත හදාගත්තත් ඒක ගත්තට කමක් නැද්ද කියලා හරි ගෙදර අයගෙන් අහනවා... ඒක අපේ සල්ලි වුනත් එහෙම කරන අවස්තාවල් මම දැනුවත්ව එමටයි... ඒක තමා වෙනස... 

ගොඩක් වෙලාවට අපි හොදටම හිතලා ගොන් තීරණ ගන්නේ... ඒවායෙන් අම්බානට බැට කනවා... පස්සේ වයසට යනකොට කරලා තියෙන ගොන්වැඩ ප්‍රමාණය අනූව අපට බුද්ධිමත් තීරණ ගන්න පුලුවන් වෙනවා... ඒකත් වෙනසක්...

ඒ අපේ දෘෂ්ඨිකෝණයෙන්... වෙනස කියන්නේ සමහර වෙලාවට අමු අප්පිරියා දෙයක්... මේ ටික ලියන්න කලින් කියන්න ඕනේ මේක ලියන්නේ අපේ ජීවිත කොයි තරම් අමාරුද, වෙනස්ද කියලා පෙන්නන්න... ඔයාලා ජීවත් වෙන විදිය කොයි තරම් වාසනාවන්තද කියන්න...

ළඟදී දවසක මම මුහුද අද්දර තරු පන්තියේ හෝටලේකට ගියා... ඒක කිව්වේ මං ගැන බොලාලගෙන් රෙකමදාරුවක් ගන්න වත් මගේ පෞර්ෂය පුහු ආටෝපයක් දෙන්නවත් නෙවේ... මේ "වෙනස" කතා වස්තුබීජය ජීවය උපන්නේ එතනින් නිසා... දවල් කෑම කන්න ගියාම අයියගේ බබා පොඩි යුද්ධයක් කරන්න ලෑස්ති වුනු නිසා එයාව වඩාගෙන සක්මන් කර කර ඉන්නකොට මුහුදට කිට්ටු වෙන්න තිබ්බ පයිප්පෙකට කට තියාගෙන ධීවරයෙක් වතුර බිව්වා... සෑහෙන වෙලාවක් වතුර බීලා කකුල් දෙකත් හෝදගෙන මගේ පැත්ත බලාගෙන ඇවිදගෙන ගියේ මගේ හිනාවට කට පුරා මටත් හිනාවකිනුත් සංග්‍රහ කරලා... 

රෙස්ටුරන්ට් එක අත දිගෑරපු දුරින් තියෙද්දී එලියේ පඳුරු අස්සේ තිබ්බ පයිප්පෙකින් වතුර බිව්වා... මට මාර්ක්ස්වාදියෙක් වෙන්න ඕනේ නෑ... ඒ වගේම මේ ලියමන සමාජවාදී දෘෂ්ඨිකෝණයට යවන්න ඕනෙත් නෑ... හැබැයි ඒ සිද්ධිය ඇත්තටම මාව සංවේදී කරවන්න හොදටම සමත් වුනා... සල්ලි දීලා කන්න ගිය තැන හිටපු උන් අපි දිහා පිනට කන්න ආවා වගේ බලලා සලකන කොට මම සතයක් වත් නොදුන් ඒ මනුස්සයා මගේ හිනාවට කහට බැදුනු දත් ටිකෙන් දීපු හිනාව ඇත්තටම රටක් ලෝකයක් වටිනවා... ඒ වෙලාවේ ඒ පුද්ගල චරිතය ගැන අදහස් විශාල ප්‍රමාණයක් මට හිතුනා... හැබැයි ඒ කිසිම එකක් මේ මාතෘකාවට සම්බන්ධ නෑ... ඒ නිසා නිදහස් පන්දුවක් ලෙස යන්නට ඇරලා පිත්ත ඉස්සුවා... ආයේ කලින් සිද්ධියට යං...

මේක පැහැදිලි වෙනසක්... ඒ මිනිස්සු ඇත්තටම හිතනවා ඇති අනේ අපේ පොඩි එකාට, එකීට මේකෙන් කෑම කටක් ගෙනියන්න තිබ්බ නන් කියලා... සමහර විට හිතෙනවා ඇති අපේ පොඩි එකාගේ, එකිගේ උපන්දිනේට මෙතනට එක්කන් එන්න තිබ්බ නන් කියලා... ආයේ සමහර විට එතනට එන මිනිස්සුන්ට උදව් කරලා කීයක් හරි හොයාගත්තා නන් ගෙදර රසට කන්න වේලක් ලැබෙයි කියලා හිතෙනවා ඇති... මම දන්නෑ... ඔය මට හිතුන ඒවා... මට විස්වාසයි ඒ මනුස්සයට තව ගොඩක් දේවල් හිතෙන්න ඇති... සමහර විට මේක දෛනික දර්ෂනයක් වෙන්නැති... ඒ නිසා මොකුත් හිතෙන්න නැතිවත් ඇති... හැබැයි වෙනසක්...

මම කිව්වේ මේක හරිම සරලව වෙනස කියන වචනේ උඩ හූරන්න හදපු උත්සහයක්... මෙතන තියෙන්නේ මම දන්න... මම අහපු කතා ගොඩක ඉතාම අල්පයක්... ඒත් මේ කතා වලින් මේ වචන වලින් මම මට කියන්න ඕනෙම උනු දේ කියන්න උත්සහ කලා... මම දන්නෑ ඒක උනාද කියලා...හැබැයි අපට ජීවිතේ කොයිතරම් දේවල් ලැබිලා තියෙනවද, ඒ දේවල් අපට කොයිතරම් වටිනවද කියන එක ගැන ඔයාලගේ අදහස පොඩ්ඩක් ගැස්සුනොත් මට ඒ ඇති... අඩුම තරමේ හිතුනොත් "අම්මපා මම මෙහෙම කිව්වනේ" කියලා... අන්න මම දිනුම්... 

අපි එකිනෙකා එකිනෙකාට වෙනස්... අමු වෙනස්... ඒ එක එකාගේ හැටි... මට උබ ගැන අර්ථකතන දෙන්න බෑ වගේම උබටත් බෑ මං ගැන අර්ථකතන දෙන්න... මොකද උබේ කතාව හරියට මම දන්නේ නෑ... මගේ කතාව හරියට උබ දන්නෙත් නෑ... උබ මගේ ජීවිතේට ආපු එක චරිතයක්... උබ උබේ කොටස කලානන්, හරි බං එල... දැන් පලයං... උබට එතනින් එහාට මගේ ජීවිතේ එක්ක කරන්න දෙයක් නෑ... උබ මම වගේ නෙවේ... මම උබ වගෙත් නෙවේ... උබ වෙනස් මම වෙනස්... අපි හැමෝම වෙනස්... ඒ නිසා අනුන්ගේ ජීවිත වල ජීවත්වෙන වෙලාව තමන්ගේ ජීවිතේ ජීවත් වෙයන්... කොපියක් නොවී ඔරිජිනල් වෙයන්... එතකොට උබලත් වෙනසට ආදරේ කරයි...

-අභි_සරා

Saturday, August 17, 2019

සදාකාලික බයිලා

පටන් ගන්න කලින් පොඩි ප්‍රශ්ණයක් අහලා අමාරුවේ දාන්නද? මොනවද මේ සදාකාලික බයිලා කියන්නේ කියලා හිතන්න පුලුවන්ද? පොඩ්ඩක් හෝව්... නැවතිලා හිතලා බලහන්... නෑ... බයිලා වර්ගයක් නෙවේ... හැබැයි බයිලා වර්ගයක් තමයි... පැටළුනා නේහ්... අවුලක් නෑ.. මාත් එක්ක යං ඉස්සරහට... ඔයාලටම තේරෙයි ඇයි මම මේකට එහෙම නමක් දැම්මේ කියලා...


සමහර වෙලාවට අපි වචනත් එක්ක ආදරේක පැටලෙනවා... තවත් සමහර වෙලාවට අපි ඒ වචන අස්සේ ජීවිතේ හොයනවා... තවත් සමහර වෙලාවට ඒ වචන වලට අනූව ජීවිතේ ගත කරන්න හදනවා... තවත් සමහර වෙලාවට ඒ වචන වලින්ම අපේ ජීවිතේට අළුත් අර්ථකතන දෙන්න හදනවා හැබැයි සමහර වචන තියෙනවා සදාකාලිකයි... කාලානුරූපීව වෙනස් වෙන්නේ නැති මත... කාලානුරූපීව වැරදියි නොකියන විශ්වාස කරන මත... අන්න ඒවට තමයි සදාකාලික බයිලා කියන්නේ...

හුඟක්ම පාවිච්චි වෙන ඕය බයිලා දෙකක් තියෙනවා...ඒ දෙක මොකක්ද කියලා කියලම ඉන්නම්. එකක් තමයි, “පරාජයෙන් තොර ජයක් නෑ” කියන එක... අනික තමයි “දුකෙන් තොර සතුටක් නෑ” කියන එක... මට මාර ප්‍රශ්ණයක් තියෙනවා... ඔය කියන්නා වගේ පරාජයෙන් තොර ජයක් නැත්නම් දිගටම පැරදි පැරදි ඉන්න ගියොත් ඔය කිව්ව ජය ලැබෙයි ද? දුකෙන් තොර සතුටක් නෑ ලු නේ... හෙට සතුටින් ඉන්නවා... අද දුකෙන් හිටියට කමක් නෑ කිව්වොත් ඔය කියන සතුට ලැබෙයි ද? ඕහ් ඇත්ත... ඔයාලා කියයි දැන්... නෑ ඉතින් පරදින්න ඕනෙනේ දිනන්න... එතකොට තමා අත්දැකීම් ලබන්නේ... ඒ අත්දැකීම් වලින් මිනිස්සු සම්පූර්ණ වෙන්නේ... ඔය වගේ පඬි ටෝක්ස් ටිකක් දෙයි...

අනික් කාරණේ දුක් වෙවී උන්නම සතුට ලැබෙනවානන් සතුට කියන්නේ දුකේ ප්‍රතිඵලයක් වෙන්න එපැයි! එහෙමද? මිනිස්සු පොඩ්ඩක් වැඩිපුර හිනා වෙනකොට ටක් ගාලා හිනාව විකාගන්නවා වෙන එක්කක් නිසා නෙවේ හෙනම හෙන ගොං කතාවක් කියලා “වැඩිය හිනාවෙන්න හොද නෑ... හෙට අඩන්න වෙයි...” මොන මඟුලක් ද? දැන් ඔය කියන එකට අනූව දුකෙන් තොර සතුටක් නැත්නන් උබලා අඩන්න වෙන එකට සතුටු වෙන්න එපැයි...

සිරාම සිද්ධියට බැස්සොත් ඔවා ඔන්න ඔය නිසා තමා මට අනූව සදාකාලික බයිලා වෙන්නේ... අපි ජීවත් වෙන්නේ එක එකාගේ එක්කෝ කටට බයේ නැත්නන් අදහස් වලට බයේ... අපි කොච්චර මේ දේවල් වලට බයද කිව්වොත් අපට ජීවත් වෙන්න පවා මේ දේවල් නිසා අමතක වෙනවා... මේ ජීවිතේ කියන්නේ අපේම රංඟ ශාලාවක්... ඒකේ රඟන්න ඕන අපිට ඕන විදියට මිසක් අනිත් වුන්ට ඕනේ විදියට නෙවේ... මට අනූව ජයග්‍රහණය හා සතුට කියන්නේ පරාජය හා දුක කියන දෙකම දරාගන්න එකට... දන්නවද ඇයි කියලා, ඒක තුලින් මනුස්සයෙක් උබලට හොල්ලන්න බැරි තරම් ශක්තිමත් කරනවා... උබලට කඩන්න බැරි තරම් ශක්තිමත් මනසක් නිර්මාණය කරනවා... උබලගේ වචන බල්ලට දාලා ඌට ඕනේ දේ කරන්න තීරණය කරන්න පුලුවන් ශක්තිමත් කොන්දක් නිර්මාණය කරනවා...

උබලා කලින් කිව්වා වගේ පරාජය වෙන එකෙන් මිනිස්සු ශක්තිමත් වෙන්නේ නෑ... එහෙම ශක්තිමත් වුනා නන් මේ සමාජයේ රෝමියෝ ජුලියට් කියලා දෙන්නෙක් නෑ... මාර්ක් ඇන්තනි ක්ලියෝ පැට්‍රා කියලා දෙන්නෙක් නෑ... උන් පරාද වුනා... හැබැයි උන් ඒකෙන් ශක්තිමත් වුනේ නෑ... උන් දුක් වුනා... හැබැයි උන්ට සතුට “ලැබුනේ” නෑ... හැබැයි උන්ට “දරාගැනීම” කියලා එකක් තිබ්බා නන් අද සාලිය අසෝකමාලා වගේ සාර්තක ආදර කතාවක් විදියට මේ රෝමියෝ ජුලියට්, මාර්ක් ඇන්තනි ක්ලියෝ පැට්‍රා ඉතිහාස ගත වෙන්න තිබ්බා... හැබැයි සාලියට තිබ්බ දරාගැනීම කියන කොන්ද... ඔටුන්නට පයින් ගහලා ආදරේ දිනාගැනීම කියන ශක්තිය අරුන්ට තිබ්බේ නෑ... ඒ නිසා ඔය “පරාජයෙන් තොර ජයක් නෑ”, “දුකෙන් තොර සතුටක් නෑ” කියන්නේ සදාකාලික බයිලා...

උබලා පරදින්න ඕනේ... මම නෑ කියන්නේ නෑ... බිම වැටිලා, බඩගාලා, දනිස් ඇට ගෙවෙනකන් දණගාලා තමයි දෙපයින් හිට ගන්න ඕනේ... මම නෑ කියන්නේ නෑ... හැබැයි පරාජය වගේ දිනුමත් ලගට එනකන් ගන්න තියෙන සරලම උත්තරේට ඉර අදින එකා දිනන්නේ නෑ කියලා මතක තියා ගනින්... එක පාරකින් වැටුනොත්, වැට්ටුවොත්... කමක් නෑ... නැගිටපං... ආයේ දුවපං... ආයේ වැටුනොත් ආයේ නැගිටපං... ආයේ දුවපං... උබ වැටෙන වාරයක් ගානේ නැගිටපං... මොකද මේ ජීවිතේ ජීවත් වෙන්න පුලුවන් ඒකෙන් එන ප්‍රශ්ණ වලට අභියෝග කරන අයට විතරයි... හරියට බොක්සින් තරගයක් වගේ... උබ පරදින්නේ වැටුනම නෙවේ... නැගිටින එක ප්‍රතික්ෂේප කලාමයි...

උබලට ජීවිතේ වෙච්ච දේවල් පරාජයවල්ද කියලා බලන්න කියෝපං වෝල්ට් ඩිස්නි, ස්ටීව් ජොබ්ස් වගේ මිනිස්සුන්ගේ ජීවිත කතා... මැරෙන්න ඕනේ හේතු දාහක් අතේ තියාගෙන ජීවත් වෙන්න තිබ්බ එක හේතුවෙන් ජීවිතේ දිනපු මිනිස්සු...

ඇල්බර්ට් අයිස්ටයින්, ජේ. කේ. රෝලින්, ස’ ජේම්ස් ඩයිසන්, ඔප්‍රහ් වින්ෆ්‍රේයි, නික් වුඩ්මන්, බිල් ගේට්ස්, ඒබ්‍රහම් ලින්කන්, හෙන්‍රි ෆෝර්ඩ් වගේ මිනිස්සු අන්තිම තිතටම වැටුනු මිනිස්සු... 

ලින්කන් පංති නායකයා තෝරන අවස්ථා ගණනාවකම ප්‍රතික්ෂේප වෙනවා... ඒත් ඔහු ඇමරිකාවේ සිටි විශිෂ්ඨතම ජනාධිපතිවරු අතරින් කෙනෙක්... 

හෙන්රි ෆෝර්ඩ් කියන්නේ වසර ගාණක මහන්සිය, තමාගේ ආයතනයම අන්තිම බිංදුවටම වැටෙන විදිය බලාගෙන හිටිය මනුස්සයෙක්... හැබැයි අද ෆෝර්ඩ් මස්ටෑන්ග් කිව්වම නොදන්න කෙනෙක් නෑ... 

ස්ටීව් ජොබ්ස්... අපි හැමෝම දන්න ඇපල් ආයතනයේ නිර්මාතෲ... ඒත් ඔහුවත් ඔහුගේම ආයතනයෙන් ඉවත් කරනවා... හැබැයි ඔහුගේ අවසාන නිර්මාණය වන iphone 4s අද වනතුරුත් කිසිදු වරදකින් තොරව ක්‍රියාත්මක වනු දක්නට පුලුවන්...

මිනිස්සු කියන මේ සදාකාලික බයිලා සතපහක වැඩක් නෑ... පරාජයයි දුකයි දරාගන්න පුලුවන් මනසක් හදාගනින්... උබේ ගමන උබට එතකොට... සරලවම කිව්වොත් “නතිං”...

උබට ජය...

- අභි_සරා
           
  

Saturday, August 10, 2019

ජීවතේ විඳීම හා විඳවීම..



කාලෙකින් කථවක් ලියන්න බැරි වුන නිසාත් මේ ළඟදී දවසක වුන සිදුවීම් පෙළක් නිසාත් කතාවක් කියන්න හිතුනා... ගොඩක් උන් මගෙ පල් හෑලි කියවන්නේ නෑ... කියෝන උබ (වයස මට අදාල නෑ... දෙයක් හිතට දැනෙන්න නන් අමතන්න ඕනේ ඔයාගේ හදවතට... ඒ නිසා භාෂාව අප්‍රසන්න නන්, නොකියෙව්වට කමක් නෑ...ඔයාලගේ පටු අදහස් පුළුල් කරන එක, එක ලිපියකින් මට කරන්න පුලුවන් දෙයක් නෙවේ...) දෙයක් තේරුම් ගත්තොත් ඇති...

සමහර විට ඔයා මට වඩා හෙන වැඩිමල් වෙන්න ඇති... සමහර විට බාල ඇති... මොක වුනත් සමහර වෙලාවට අපි ජීවිතේ ගන්න තීරණ නිසා, “අපරාදේ මෙහෙම වුනේ...” “ඇයි අප්පාහ් මෙහෙම වෙන්නේ...” “මටමයි වෙන්නේ වගේ දේවල් හිතෙන්න ඇති...” එක තප්පරයකට වත් අපි ඒ වෙලාවට හිතනවද, “මේක වෙන්නේ අපේ හොදට” කියලා? කියෝන උඹ විතරක් නෙවේ මමවත් එහෙම හිතන්නේ නෑ... “කෙළ වුනා නේද” “ඌ මාව නැති කලා...” කියලා විතරයි ඒ වෙලාවට හිතෙන්නේ... හැබැයි ඔය “ඔක්කොම වෙන්නේ හොදට” කථාව යාලුවෝ සිද්ධිය දැන ගත්තම කියන දෙබසක්... මමත් ඇතුළුව... කථාවක් තියෙනවනේ “ප්‍රශ්ණය තමාගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශණික වේ” කියලා... ඔය කතාව මම අවුලක ඉන්න වෙලාවක මට කිව්වා නන් ඒ මනුස්සයා මගෙන් ජාතිය අමතවා ගෙන...

හැබැයි, ප්‍රශ්නෙන් ගොඩ ගිහින් පියවි සිහියට ආවම, “එහෙම වෙච්ච එක හොදයි” කියලා හිතෙන අවස්ථා උබට මට ඔනෑ තරම් තියේවි... හැබැයි ඒ අවස්ථාවේ ඒක අපේ ඔලුවට යන්නේ නෑ.. ඒක ඔයාලට දාර්ශණිකව පැහැදිලි කරන්න තරම් මම ‘පොරක්’ නෙවේ... සහ මට ඔය මඟුල් වල දාර්ශණික ප්‍රවේශය තේරෙන්නේ නෑ...

ගොඩක් වෙලාවට අපට එන මේ ප්‍රශ්ණ එන්නේ තවත් බාහිර බලපෑමකින්... එතන ඕනේම පුද්ගලයෙක් ඉන්න පූලුවන්... (මම එහෙම කියන කොට කට්ටියක් ඔලුවට ආවානේහ්... අන්න ඒ වගේ උන්) මම දන්නේ නෑ... ඔය එකී නොකී මෙකී ඕනේ එකෙක් වෙන්න පුලුවන්... හැබැයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න අපට දාන්නේ ජීවිතේ විඳවන එකෙක්... ඒක එහෙම්ම මයි... පොඩ්ඩක් බලපං... එක්කෝ ඌට ගෙදර අවුලක්, නැත්නන් වෙන මොකක් හරි අවුලක්, එක්කෝ බැඳලා නෑ... නැත්නන් අසනීපයක්... ඔය වගේ මොකාක් හරි එකක්...

ඌ උබට අවුලක් දාන්න තියෙන්නේ එකම එක හේතුවයි... ඒ උබ ඌට වඩා ජීවිතේ විඳින  එකෙක්... අපි ඒ ජීවිතේ විඳින එක උන්ට කොච්චර අමාරුද කියනවා නන්... උබේ නිදහස පවා ඌට කරදරයක්...

උබ හෙඩ් සෙට් එක ගහගෙන කකුල් දෙක උඩ දාගෙන ආතල් එකේ ඉන්න එක ඌට අවුලක්... උබ චිත්‍රයක් ඇදන් පරිසරේ සුවඳ විඳින එක ඌට කරදරයක්... උබ ඔක්කොම වැඩ කරගන්න අස්සේ උබේ වැඩේ නීට් එකට ඉවර කරන එක ඌට පුදුමාකාර හිරිහැරයක්...

උබ මිනිස්සු එක හිනාවෙන එක... මිනිස්සු උබ එක්ක හිනා වෙන එක... උබ මිනිස්සු එක්ක කරට අත දාගෙන කථා කරන එක... මිනිස්සු උබ ගැන හොද කියන එක... මිනිස්සු උබව දකින තැන උබට ආශිර්වාද කරන එක... මේ හැම එකම ඌට හරියට සිය දහස් වාරයක් ඇල්පෙනෙත්තකින් ඇනලා නියපොතු ගලවලා දසවද දීලා මරන්න හදන තරමට කරදරයක්...
ඒ නිසා ඒක නැති කරගන්න ඌ කරන්න දන්න එකම දේ උබට... හරිම වචනෙන් කියනවානන් “කෙලෝන” එක...

මෙතන වෙනස උබ ජීවිතේ විඳිනවා... ඌ ජීවිතේ විදෝනවා...

ඒකි හීල්ස් දාගෙන, ටයිට් ස්කර්ට් ඇදගෙන, ඇගට හිරවුනු ටොප් එක ඇදන් ටොක් ටොක් ගාල ඇවිඳින ගමන් දවසම අඟල් 10ක මේකප් තට්ටුවේ හිර වෙලා වේදනාවෙන් ගත කරන කොට, උබ උබේ කැත මකන්නේ නැතුව අහුවුනු කමිසයක් දාගෙන, ඩෙනිම ගහලා බාටා දෙක දාගෙන පොත් බෑග් එක කරේ එල්ලන්, සිංදුවක් අහගෙන සැපේ ඉන්න එක... ඌට වදයක් බං...

ඊට පස්සේ ඌ උබ ගැන කතා කියයි එක එකා එක්ක... ඒවා උබට ආරංචිවෙලා උබ අවුල් ගහන හැටි ආතල් එකේ බලන් ඉදී... හැබැයි ඇත්තටම උබ විඳින ජීවිතේ... ඌ විඳවනවා නේහ්...

කියන එකා කොහොමත් කතා කියනවා බං... මම කලිනුත් උබලට ඒක කිව්වා... උබ උබේ විදියට ජීවත් වෙයන්... එතන උබට උබේ ජීවිතේ තියනවා... උබට අව්‍යාජත්වය තියෙනවා... උබට ආදරය තියෙනවා... සරලවම උබට දැනෙනවා උබ ජීවත් වෙනවා කියලා... බස් එකේ, වහින කොට, ජනේලේ ලඟ සීට් එකක තාලෙට ප්ලේ වෙන ලස්සන සින්දුවක් අහනගමන් ජීවිතේ තියන සේරම ප්‍රශ්ණ අමතක කරන්න පුලුවන්කමක් උබට තියෙනවා නන්... මචන්... උබ ජීවිතේ ඌට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා... උබ දන්නවා ජීවිතේ විඳින විදිය... සරල කමත් එක්ක එන ඒ විඳීම කවදාවත් වෙන කෙනෙකුට ගන්න බෑ බං...

අපි ජීවත් වෙනවා කියලා අපි දන්නේ මේ ඉන්න ආත්මේ විතරයි... අපි දන්නේ නෑ අපි ඊළඟට කොහෙ ඉපදෙයිද කියලා... උබ හරකෙක් වෙයි... මම ඌරෙක් වෙයි... කියන්න බෑ... අපි දන්නේ නෑනේ... ඒ නිසා ජීවිතේ විඳපං... මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සලකපං... උන් එක්ක හිනාවෙයන්... කථාකරපං... දැක්කොත් කතාකරන්න බැරිනන් “ගුඩ් මෝර්නින්, ගුඩ් ආෆ්ටර් නූන්” හරි මොකක් හරි කියහන්... ඌ හෙන පට්ටමක් තියෙන පොරක් වෙන්න ඕනේ නෑ... උබලගේ සිකියුරිටි උනත් කමක් නෑ... පාර අතුගාන අම්මා කෙනෙක් උනත් කමක් නෑ... හිනා වෙයන්... ඒ මනුස්සයට එතනින් හම්බවෙන ඒ ගැම්ම මුළු දවසෙම වැඩ කරගන්න ඇති... අනිත් එකා ඔහෙ හිටිය දෙන්... උබ වෙනස් වෙයන්... ඌ වෙනස් වෙන එක උගේ වැඩක්... ඒක උබට අදාල නෑ... උබ වෙනස් වෙයන්... තියෙන්නේ එක ජීවිතයයි... නාස්ති කර ගන්නේ නැතුව, ජීවිතේ විදපං...

-අභි_සරා

    

කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...

දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා... 1-     ...