කාලෙකින් කථවක් ලියන්න බැරි වුන නිසාත් මේ ළඟදී
දවසක වුන සිදුවීම් පෙළක් නිසාත් කතාවක් කියන්න හිතුනා... ගොඩක් උන් මගෙ පල් හෑලි
කියවන්නේ නෑ... කියෝන උබ (වයස මට අදාල නෑ... දෙයක් හිතට දැනෙන්න නන් අමතන්න ඕනේ
ඔයාගේ හදවතට... ඒ නිසා භාෂාව අප්‍රසන්න නන්, නොකියෙව්වට කමක් නෑ...ඔයාලගේ පටු
අදහස් පුළුල් කරන එක, එක ලිපියකින් මට කරන්න පුලුවන් දෙයක් නෙවේ...) දෙයක් තේරුම්
ගත්තොත් ඇති...
සමහර විට ඔයා මට වඩා හෙන වැඩිමල් වෙන්න ඇති...
සමහර විට බාල ඇති... මොක වුනත් සමහර වෙලාවට අපි ජීවිතේ ගන්න තීරණ නිසා, “අපරාදේ
මෙහෙම වුනේ...” “ඇයි අප්පාහ් මෙහෙම වෙන්නේ...” “මටමයි වෙන්නේ වගේ දේවල් හිතෙන්න
ඇති...” එක තප්පරයකට වත් අපි ඒ වෙලාවට හිතනවද, “මේක වෙන්නේ අපේ හොදට” කියලා? කියෝන
උඹ විතරක් නෙවේ මමවත් එහෙම හිතන්නේ නෑ... “කෙළ වුනා නේද” “ඌ මාව නැති කලා...”
කියලා විතරයි ඒ වෙලාවට හිතෙන්නේ... හැබැයි ඔය “ඔක්කොම වෙන්නේ හොදට” කථාව යාලුවෝ
සිද්ධිය දැන ගත්තම කියන දෙබසක්... මමත් ඇතුළුව... කථාවක් තියෙනවනේ “ප්‍රශ්ණය තමාගේ
නොවන තාක්කල් පිළිතුර දාර්ශණික වේ” කියලා... ඔය කතාව මම අවුලක ඉන්න වෙලාවක මට
කිව්වා නන් ඒ මනුස්සයා මගෙන් ජාතිය අමතවා ගෙන...
හැබැයි, ප්‍රශ්නෙන් ගොඩ ගිහින් පියවි සිහියට ආවම,
“එහෙම වෙච්ච එක හොදයි” කියලා හිතෙන අවස්ථා උබට මට ඔනෑ තරම් තියේවි... හැබැයි ඒ
අවස්ථාවේ ඒක අපේ ඔලුවට යන්නේ නෑ.. ඒක ඔයාලට දාර්ශණිකව පැහැදිලි කරන්න තරම් මම ‘පොරක්’
නෙවේ... සහ මට ඔය මඟුල් වල දාර්ශණික ප්‍රවේශය තේරෙන්නේ නෑ...
ගොඩක් වෙලාවට අපට එන මේ ප්‍රශ්ණ එන්නේ තවත් බාහිර
බලපෑමකින්... එතන ඕනේම පුද්ගලයෙක් ඉන්න පූලුවන්... (මම එහෙම කියන කොට කට්ටියක්
ඔලුවට ආවානේහ්... අන්න ඒ වගේ උන්) මම දන්නේ නෑ... ඔය එකී නොකී මෙකී ඕනේ එකෙක්
වෙන්න පුලුවන්... හැබැයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න අපට දාන්නේ ජීවිතේ විඳවන
එකෙක්... ඒක එහෙම්ම මයි... පොඩ්ඩක් බලපං... එක්කෝ ඌට ගෙදර අවුලක්, නැත්නන් වෙන
මොකක් හරි අවුලක්, එක්කෝ බැඳලා නෑ... නැත්නන් අසනීපයක්... ඔය වගේ මොකාක් හරි
එකක්...
ඌ උබට අවුලක් දාන්න තියෙන්නේ එකම එක හේතුවයි... ඒ
උබ ඌට වඩා ජීවිතේ විඳින එකෙක්... අපි ඒ
ජීවිතේ විඳින එක උන්ට කොච්චර අමාරුද කියනවා නන්... උබේ නිදහස පවා ඌට කරදරයක්...
උබ හෙඩ් සෙට් එක ගහගෙන කකුල් දෙක උඩ දාගෙන ආතල්
එකේ ඉන්න එක ඌට අවුලක්... උබ චිත්‍රයක් ඇදන් පරිසරේ සුවඳ විඳින එක ඌට කරදරයක්...
උබ ඔක්කොම වැඩ කරගන්න අස්සේ උබේ වැඩේ නීට් එකට ඉවර කරන එක ඌට පුදුමාකාර
හිරිහැරයක්...
උබ මිනිස්සු එක හිනාවෙන එක... මිනිස්සු උබ එක්ක
හිනා වෙන එක... උබ මිනිස්සු එක්ක කරට අත දාගෙන කථා කරන එක... මිනිස්සු උබ ගැන හොද
කියන එක... මිනිස්සු උබව දකින තැන උබට ආශිර්වාද කරන එක... මේ හැම එකම ඌට හරියට සිය
දහස් වාරයක් ඇල්පෙනෙත්තකින් ඇනලා නියපොතු ගලවලා දසවද දීලා මරන්න හදන තරමට
කරදරයක්...
ඒ නිසා ඒක නැති කරගන්න ඌ කරන්න දන්න එකම දේ
උබට... හරිම වචනෙන් කියනවානන් “කෙලෝන” එක...
මෙතන වෙනස උබ ජීවිතේ විඳිනවා... ඌ ජීවිතේ
විදෝනවා...
ඒකි හීල්ස් දාගෙන, ටයිට් ස්කර්ට් ඇදගෙන, ඇගට
හිරවුනු ටොප් එක ඇදන් ටොක් ටොක් ගාල ඇවිඳින ගමන් දවසම අඟල් 10ක මේකප් තට්ටුවේ හිර
වෙලා වේදනාවෙන් ගත කරන කොට, උබ උබේ කැත මකන්නේ නැතුව අහුවුනු කමිසයක් දාගෙන, ඩෙනිම
ගහලා බාටා දෙක දාගෙන පොත් බෑග් එක කරේ එල්ලන්, සිංදුවක් අහගෙන සැපේ ඉන්න එක... ඌට
වදයක් බං...
ඊට පස්සේ ඌ උබ ගැන කතා කියයි එක එකා එක්ක... ඒවා
උබට ආරංචිවෙලා උබ අවුල් ගහන හැටි ආතල් එකේ බලන් ඉදී... හැබැයි ඇත්තටම උබ විඳින
ජීවිතේ... ඌ විඳවනවා නේහ්...
කියන එකා කොහොමත් කතා කියනවා බං... මම කලිනුත්
උබලට ඒක කිව්වා... උබ උබේ විදියට ජීවත් වෙයන්... එතන උබට උබේ ජීවිතේ තියනවා... උබට
අව්‍යාජත්වය තියෙනවා... උබට ආදරය තියෙනවා... සරලවම උබට දැනෙනවා උබ ජීවත් වෙනවා
කියලා... බස් එකේ, වහින කොට, ජනේලේ ලඟ සීට් එකක තාලෙට ප්ලේ වෙන ලස්සන සින්දුවක්
අහනගමන් ජීවිතේ තියන සේරම ප්‍රශ්ණ අමතක කරන්න පුලුවන්කමක් උබට තියෙනවා නන්... මචන්...
උබ ජීවිතේ ඌට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා... උබ දන්නවා ජීවිතේ විඳින විදිය... සරල
කමත් එක්ක එන ඒ විඳීම කවදාවත් වෙන කෙනෙකුට ගන්න බෑ බං...
අපි ජීවත් වෙනවා කියලා අපි දන්නේ මේ ඉන්න ආත්මේ
විතරයි... අපි දන්නේ නෑ අපි ඊළඟට කොහෙ ඉපදෙයිද කියලා... උබ හරකෙක් වෙයි... මම
ඌරෙක් වෙයි... කියන්න බෑ... අපි දන්නේ නෑනේ... ඒ නිසා ජීවිතේ විඳපං... මිනිස්සුන්ට
මිනිස්සුන්ට වගේ සලකපං... උන් එක්ක හිනාවෙයන්... කථාකරපං... දැක්කොත් කතාකරන්න
බැරිනන් “ගුඩ් මෝර්නින්, ගුඩ් ආෆ්ටර් නූන්” හරි මොකක් හරි කියහන්... ඌ හෙන පට්ටමක්
තියෙන පොරක් වෙන්න ඕනේ නෑ... උබලගේ සිකියුරිටි උනත් කමක් නෑ... පාර අතුගාන අම්මා
කෙනෙක් උනත් කමක් නෑ... හිනා වෙයන්... ඒ මනුස්සයට එතනින් හම්බවෙන ඒ ගැම්ම මුළු
දවසෙම වැඩ කරගන්න ඇති... අනිත් එකා ඔහෙ හිටිය දෙන්... උබ වෙනස් වෙයන්... ඌ වෙනස්
වෙන එක උගේ වැඩක්... ඒක උබට අදාල නෑ... උබ වෙනස් වෙයන්... තියෙන්නේ එක ජීවිතයයි...
නාස්ති කර ගන්නේ නැතුව, ජීවිතේ විදපං...
-අභි_සරා
No comments:
Post a Comment