පටන් ගන්න කලින් පොඩි ප්‍රශ්ණයක් අහලා අමාරුවේ
දාන්නද? මොනවද මේ සදාකාලික බයිලා කියන්නේ කියලා හිතන්න පුලුවන්ද? පොඩ්ඩක් හෝව්...
නැවතිලා හිතලා බලහන්... නෑ... බයිලා වර්ගයක් නෙවේ... හැබැයි බයිලා වර්ගයක් තමයි...
පැටළුනා නේහ්... අවුලක් නෑ.. මාත් එක්ක යං ඉස්සරහට... ඔයාලටම තේරෙයි ඇයි මම මේකට
එහෙම නමක් දැම්මේ කියලා...
සමහර වෙලාවට අපි වචනත් එක්ක ආදරේක පැටලෙනවා... තවත්
සමහර වෙලාවට අපි ඒ වචන අස්සේ ජීවිතේ හොයනවා... තවත් සමහර වෙලාවට ඒ වචන වලට අනූව
ජීවිතේ ගත කරන්න හදනවා... තවත් සමහර වෙලාවට ඒ වචන වලින්ම අපේ ජීවිතේට අළුත්
අර්ථකතන දෙන්න හදනවා හැබැයි සමහර වචන තියෙනවා සදාකාලිකයි... කාලානුරූපීව වෙනස් වෙන්නේ
නැති මත... කාලානුරූපීව වැරදියි නොකියන විශ්වාස කරන මත... අන්න ඒවට තමයි සදාකාලික
බයිලා කියන්නේ...
හුඟක්ම පාවිච්චි වෙන ඕය බයිලා දෙකක් තියෙනවා...ඒ
දෙක මොකක්ද කියලා කියලම ඉන්නම්. එකක් තමයි, “පරාජයෙන් තොර ජයක් නෑ” කියන එක...
අනික තමයි “දුකෙන් තොර සතුටක් නෑ” කියන එක... මට මාර ප්‍රශ්ණයක් තියෙනවා... ඔය
කියන්නා වගේ පරාජයෙන් තොර ජයක් නැත්නම් දිගටම පැරදි පැරදි ඉන්න ගියොත් ඔය කිව්ව ජය
ලැබෙයි ද? දුකෙන් තොර සතුටක් නෑ ලු නේ... හෙට සතුටින් ඉන්නවා... අද දුකෙන් හිටියට
කමක් නෑ කිව්වොත් ඔය කියන සතුට ලැබෙයි ද? ඕහ් ඇත්ත... ඔයාලා කියයි දැන්... නෑ
ඉතින් පරදින්න ඕනෙනේ දිනන්න... එතකොට තමා අත්දැකීම් ලබන්නේ... ඒ අත්දැකීම් වලින්
මිනිස්සු සම්පූර්ණ වෙන්නේ... ඔය වගේ පඬි ටෝක්ස් ටිකක් දෙයි...
අනික් කාරණේ දුක් වෙවී උන්නම සතුට ලැබෙනවානන්
සතුට කියන්නේ දුකේ ප්‍රතිඵලයක් වෙන්න එපැයි! එහෙමද? මිනිස්සු පොඩ්ඩක් වැඩිපුර හිනා
වෙනකොට ටක් ගාලා හිනාව විකාගන්නවා වෙන එක්කක් නිසා නෙවේ හෙනම හෙන ගොං කතාවක් කියලා
“වැඩිය හිනාවෙන්න හොද නෑ... හෙට අඩන්න වෙයි...” මොන මඟුලක් ද? දැන් ඔය කියන එකට
අනූව දුකෙන් තොර සතුටක් නැත්නන් උබලා අඩන්න වෙන එකට සතුටු වෙන්න එපැයි...
සිරාම සිද්ධියට බැස්සොත් ඔවා ඔන්න ඔය නිසා තමා මට
අනූව සදාකාලික බයිලා වෙන්නේ... අපි ජීවත් වෙන්නේ එක එකාගේ එක්කෝ කටට බයේ නැත්නන්
අදහස් වලට බයේ... අපි කොච්චර මේ දේවල් වලට බයද කිව්වොත් අපට ජීවත් වෙන්න පවා මේ
දේවල් නිසා අමතක වෙනවා... මේ ජීවිතේ කියන්නේ අපේම රංඟ ශාලාවක්... ඒකේ රඟන්න ඕන
අපිට ඕන විදියට මිසක් අනිත් වුන්ට ඕනේ විදියට නෙවේ... මට අනූව ජයග්‍රහණය හා සතුට
කියන්නේ පරාජය හා දුක කියන දෙකම දරාගන්න එකට... දන්නවද ඇයි කියලා, ඒක තුලින්
මනුස්සයෙක් උබලට හොල්ලන්න බැරි තරම් ශක්තිමත් කරනවා... උබලට කඩන්න බැරි තරම්
ශක්තිමත් මනසක් නිර්මාණය කරනවා... උබලගේ වචන බල්ලට දාලා ඌට ඕනේ දේ කරන්න තීරණය
කරන්න පුලුවන් ශක්තිමත් කොන්දක් නිර්මාණය කරනවා...
උබලා කලින් කිව්වා වගේ පරාජය වෙන එකෙන් මිනිස්සු
ශක්තිමත් වෙන්නේ නෑ... එහෙම ශක්තිමත් වුනා නන් මේ සමාජයේ රෝමියෝ ජුලියට් කියලා
දෙන්නෙක් නෑ... මාර්ක් ඇන්තනි ක්ලියෝ පැට්‍රා කියලා දෙන්නෙක් නෑ... උන්
පරාද වුනා... හැබැයි උන් ඒකෙන් ශක්තිමත් වුනේ නෑ... උන් දුක් වුනා... හැබැයි උන්ට
සතුට “ලැබුනේ” නෑ... හැබැයි උන්ට “දරාගැනීම” කියලා එකක් තිබ්බා නන් අද සාලිය
අසෝකමාලා වගේ සාර්තක ආදර කතාවක් විදියට මේ රෝමියෝ ජුලියට්, මාර්ක් ඇන්තනි ක්ලියෝ
පැට්‍රා ඉතිහාස ගත වෙන්න තිබ්බා... හැබැයි සාලියට තිබ්බ දරාගැනීම කියන කොන්ද...
ඔටුන්නට පයින් ගහලා ආදරේ දිනාගැනීම කියන ශක්තිය අරුන්ට තිබ්බේ නෑ... ඒ නිසා ඔය
“පරාජයෙන් තොර ජයක් නෑ”, “දුකෙන් තොර සතුටක් නෑ” කියන්නේ සදාකාලික බයිලා...
උබලා පරදින්න ඕනේ... මම
නෑ කියන්නේ නෑ... බිම වැටිලා, බඩගාලා, දනිස් ඇට ගෙවෙනකන් දණගාලා තමයි දෙපයින් හිට
ගන්න ඕනේ... මම නෑ කියන්නේ නෑ... හැබැයි පරාජය වගේ දිනුමත් ලගට එනකන් ගන්න තියෙන
සරලම උත්තරේට ඉර අදින එකා දිනන්නේ නෑ කියලා මතක තියා ගනින්... එක පාරකින්
වැටුනොත්, වැට්ටුවොත්... කමක් නෑ... නැගිටපං... ආයේ දුවපං... ආයේ වැටුනොත් ආයේ
නැගිටපං... ආයේ දුවපං... උබ වැටෙන වාරයක් ගානේ නැගිටපං... මොකද මේ ජීවිතේ ජීවත්
වෙන්න පුලුවන් ඒකෙන් එන ප්‍රශ්ණ වලට අභියෝග කරන අයට විතරයි... හරියට බොක්සින්
තරගයක් වගේ... උබ පරදින්නේ වැටුනම නෙවේ... නැගිටින එක ප්‍රතික්ෂේප කලාමයි...
උබලට ජීවිතේ වෙච්ච දේවල්
පරාජයවල්ද කියලා බලන්න කියෝපං වෝල්ට් ඩිස්නි, ස්ටීව් ජොබ්ස් වගේ මිනිස්සුන්ගේ
ජීවිත කතා... මැරෙන්න ඕනේ හේතු දාහක් අතේ තියාගෙන ජීවත් වෙන්න තිබ්බ එක හේතුවෙන්
ජීවිතේ දිනපු මිනිස්සු...
ඇල්බර්ට් අයිස්ටයින්,
ජේ. කේ. රෝලින්, ස’ ජේම්ස් ඩයිසන්, ඔප්‍රහ් වින්ෆ්‍රේයි, නික් වුඩ්මන්, බිල්
ගේට්ස්, ඒබ්‍රහම් ලින්කන්, හෙන්‍රි ෆෝර්ඩ් වගේ මිනිස්සු අන්තිම තිතටම වැටුනු මිනිස්සු...
ලින්කන් පංති නායකයා තෝරන අවස්ථා ගණනාවකම ප්‍රතික්ෂේප වෙනවා... ඒත් ඔහු ඇමරිකාවේ
සිටි විශිෂ්ඨතම ජනාධිපතිවරු අතරින් කෙනෙක්...
හෙන්රි ෆෝර්ඩ් කියන්නේ වසර ගාණක
මහන්සිය, තමාගේ ආයතනයම අන්තිම බිංදුවටම වැටෙන විදිය බලාගෙන හිටිය මනුස්සයෙක්...
හැබැයි අද ෆෝර්ඩ් මස්ටෑන්ග් කිව්වම නොදන්න කෙනෙක් නෑ...
ස්ටීව් ජොබ්ස්... අපි
හැමෝම දන්න ඇපල් ආයතනයේ නිර්මාතෲ... ඒත් ඔහුවත් ඔහුගේම ආයතනයෙන් ඉවත් කරනවා...
හැබැයි ඔහුගේ අවසාන නිර්මාණය වන iphone 4s අද වනතුරුත් කිසිදු
වරදකින් තොරව ක්‍රියාත්මක වනු දක්නට පුලුවන්...
මිනිස්සු කියන මේ
සදාකාලික බයිලා සතපහක වැඩක් නෑ... පරාජයයි දුකයි දරාගන්න පුලුවන් මනසක්
හදාගනින්... උබේ ගමන උබට එතකොට... සරලවම කිව්වොත් “නතිං”...
උබට ජය...
- අභි_සරා
No comments:
Post a Comment