ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වූ කලී සෑම මනුස්සයෙකුටම එක හා සමානව ලැබිය හැක්කක් නොවේ. මක් නිසාදයත් රටේ මහා මොලකාරයන්ගේ පදයට අධ්‍යාපනය පවා යටත් ව ඇති හෙයිනි. සයිටම් ගැටලුව පමණක් නොව අද වන විට මුළු මහත් අධ්‍යාපන පද්ධතියම අවුල් ජාලයකි. රටද එක්තරා ආකාරයකට අවුලක් ව පවතින කාලයක අධ්‍යාපනය අවුලක් වීම පුදුම සහගත සිද්ධියක්ද නොවේ.
ලාංකේය අධ්‍යාපන රටාව තුල ඇත්තේ දරුවාගේ බුද්ධිය මනින ක්‍රමවේදයක් නොවේ. එහි ඇත්තේ දරුවාට කොතරම් කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැකිද යන්න මැනීම සඳහා ඇති ක්‍රමවේදයකි. පෙරදා night ට ගසා හෝ ප්‍රධාන කරුණු කිහිපය මතකයේ තබා ගන්නා පුද්ගලයාට එය කරකවා ලිවිය හැකි නම් A ලැබිය හැක. එහිදී මතකයේ තරම මැනීමක් විනා බුද්ධිමත්භාවය මැනීමක් සිදු නොකරයි.
අධ්‍යාපනය තුලින් සියල්ල උගත් ඇතැම් විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් පවා සාමාන්‍ය සමාජය තුල තම උගත් ඥාණය භාවිතා කරනු දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙනි. මේ හේතුව නිසාවෙන්ම සමාජය තුල “උඹ අත උස්සලද කැම්පස් ගියේ” යන වාග් පෙළ නිර්මාණය වී ඇත. ඇතැමුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඔවුන් අත උස්සා හෝ කැම්පස් ඒම පුදුමයකි.
සයිටම් උපාධි කඩයක් බව කියමින් කෑ ගසන විද්‍යාර්ථයින්ගේ අනෙක් තර්කය නම් මින් ලබා ගන්නා උපාධියේ පදනමක් නැති බවය. එහෙත් ඇත්ත වශයෙන්ම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ලංකාවේ විශ්ව විද්‍යාල තුල ඉඩ ඇත්තේ කොතරම් සුළුතර පිරිසකටද? එහෙනම් එසේ සමත් වන ලද දරුවන් විශ්වවිද්‍යාලයට නොතේරුනේ නම් ගෙදරට වී සිටිය යුතුද? විද්‍යාර්ථයින් වන අප එතරම්ම ආත්මාර්ථකාමී විය යුතුද?
සයිටම් ආයතනය මගින් ලබා දෙන්නා වූ උපාධිය පදනම් රහිත නම්, රජයේ විශ්ව විද්‍යාලයක් තුලින් උපාධිය ලබා ගන්නා ලද වෛද්‍යවරයා අතින් කෙනෙකු මියගිය හොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක් ද? (මා ලද අත්දැකීමක් බව සලකන්න). එසේනම් රජයේ ආයතනවල උපාධිය පදනමක් සහිතද? එසේනම් අප මේ ගැන දෙපාරක් සිතිය යුතු නොවේද?
වෛද්‍ය වෘත්තිය වූ කලී ලංකාවේ මිනිසා දේවත්වයෙන් සලකනු ලබන වෘත්තියකි. එහෙත් මෙකී වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම වෘත්තියට ඇති ගරුත්වයට පවා නින්දා සිදුවේ. ඔබට මතක ඇති ඉතා මෑතකදී ඇතැම් කඩ වල පවා “වෛද්‍යවරුනට/ දොස්තරලට භාණ්ඩ ලබා නොදෙයි” යනුවෙන් දැන්වීම් පල කර තිබීම. එසේනම් මෙසේ කෙලිසී ඇත්තේ කුමක්ද? සිතීම ඔබට භාරය.
සත්‍ය ලෙසම සයිටම් කතාව පමණක් නොව මුළුමහත් අධ්‍යාපන රටාවම එකම අවුල් ජාලයකි. A 3 ගත් අයට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට නොලැබෙන, දුර ඈත පලාතකින් B-2 C-1 ට පවා විශ්ව විද්‍යාල වරම් ලැබෙන අසාධාරණ ක්‍රමවේදයක් ලංකාව තුල ඇත. මාගේ පෞද්ගලික අදහස නම් මේ system එක වෙනස් විය යුතු බවයි.
මෙහිදී B-2 C-1 විශ්ව විද්‍යාලය අහිමි කිරීම නොව අර A 3 ගන්නා ලද අයටද විශ්ව විද්‍යාලයට වරම් ලැබීමට කුමක් හෝ ක්‍රමවේදයක් නිර්මාණය කල යුතු ය. එසේම අප රට අධ්‍යාපනය ගිරාවා දමා ලියන ක්‍රමයෙන් ඔබ්බට ගොස් නියම විද්‍යාර්ථයින් නිර්මාණය කරන අධ්‍යාපන රටාවක් දක්වා වර්ධනය විය යුතුය.
සමාජය තුල අධ්‍යාපනය මෙන්ම සාරධර්ම, සදාචාරය වර්ධනය විය යුතුය. මක් නිසාද යත් මිනිසෙකුට කතා කිරීමට නොදන්නා, වැඩිහිටියන්ට ගරු කිරීමට නොදන්නා, පරිසරය පිරිසිදුව තබා ගැනීමට නොදන්නා අයෙකු උපාධි 10ක් ලබා තිබුනද වැඩක් නැති හෙයිනි. එහෙයින් ලංකාවේ අධ්‍යාපන රටාව පිළිබඳව එළඹිය හැකි හොදම නිගමනය නම් කල්පිතයක්ද නොවන යතාර්ථයක්ද නොවන අධ්‍යාපන ක්‍රමයක් ලංකාව තුල පවතින බවයි.
- අභි_සරා
No comments:
Post a Comment