අපේ ගෙදර හැමදාම පිගන් හෝදන්නේ මම...
උදේටයි රෑටයි... උදේට අවුලක් නෑ... කට්ටිය වැඩට යනවනේ... ඒත් රෑට අපි ඔක්කොම එකට
කන්න ඉදගන්නේ... ඒත් මේ අවුරුද්ද පටන් ගත්තත් හරි මම හැමදාම හේදුවේ පිගන් තුනට
අඩුවෙන්... ඒ හැම වෙලේම ඇහැට කදුලක් ආවා... වෙන මොනවටවත් නෙවේ... අමතක වෙලා හැමදාම
චූටි අයියගේ පිගානත් අතට අරන් ඒක ආයේ තියන්න වුනු නිසා... චූටි අයියා රස්සාවයි
පරස්තාවයි හින්දා පිට ගියත් හරි ගේම පාලුයි...
ලොකු අයියා ගොඩාක් කල් රට හිටිය නිසා
එච්චරම අවුලක් නෑ... ඒත් චූටි අයියානන් හරීයට මතක් වෙනවා... එයයි මමයි කරපු පිස්සු
වැඩ වලින් වෙනම මහාවංසයක් ලියන්න පුලුවන්... ඒ තරම්... මම දැන් පිගන් තුනක් හේදුවට
තව ටික කාලෙකින් අම්මා පිගන් දෙකක් හෝදයි...
අපි චූටි කාලෙ ඉදන් අම්මලත් එක්ක එකට
ඉදලා රටේ නැති ඔක්කොම විකාර එයාලත් එක්ක කරල කවදා හරි දවසක එයාලට ඒවා මතකයක්
විතරක් කරලා වෙන කාත් එක්ක හරි ජීවිතේ ගත කරන්න යනවා... මම ඇහුවොත් ඇයි අපිට මුලු
ජීවිත කාලෙම එයාලත් එක්ක ඉන්න බැරිද කියලා... ඔයාලා කියයි ඔයත් තව ටික කාලෙකින්
වෙන කෙනෙක් එක්ක ඉදී ඇයි අපට බැරි කියලා...
ඇත්ත මචන්... අපි හෙන ආත්මාර්ථකාමී නේද?
අපේ අවශ්‍යතා වෙනුවෙන් විතරක් අපි වෙනුවෙන්
ජීවිතේම කැප කරපු මිනිස්සුන්ව දාලා යනවා...
තව දෙයක් තියෙනවා... දැන් ඔයාලා කියයි
අපි බැන්දට අපි අම්මලව බලන්න එනවනේ... එයාලට මුනුබුර මිනිබිරියෝ දෙනවනේ කියලා...
ඔව් මචන් ඇත්ත... ඒත් හිතලා බලන්න... කලින් අපි හිටිය විදියටද අපි ඉන්නේ කියලා...
හොදම උදාහරණේ බැන්දට පස්සේ ගෑනී ඉන්නේ
මිනිහට යටත් වෙලා... මනුස්සයා හොද නන් shape... එහෙම නැත්නන්... කෙල්ල කොහොමද වදාපු අම්මටයි හදාපු තාත්තට සලකන්නේ...
සහෝදරයන්ට සලකන්නේ... ඒක එහෙම්මම අනිත් පැත්තටත් අදාලයි... කෙල්ල එපා කිව්වොත්
කොල්ලා කොහොම කරන්නද?? ඌ උගේ පවුල් ජීවිතේ රැක ගන්න එපායෑ...
ඔක්කොම ගැලපුවම මට පෙන්නේ එකම එක option
එකයි... අපි අම්මලා එක්ක අඩුම 23- 24 වෙනකන්
වත් ඉන්න ඕනේ... ඊට පස්සේ බැන්දත් කෙල්ලත් කොල්ලත් දෙන්නම තේරුම් ගන්න ඕනේ කෙල්ලගේ
අම්මලා තමාගේ අම්මලා බවත් කොල්ලගේ අම්මලා තමාගේම අම්මලා බවත්...
ආදරේ ලියලන්න ඒකත්... එකිනෙකාට ගරු කරන
විදිහත් හේතු වෙනවා... ඒක නිසා අපි අපේ නිදහස් හැම මොහොතක්ම අම්මලා තාත්තලා එක්ක
ගත කරනවා නන්... මම හිතන්නේ අපේ ජීවිතේ අපිට තියෙන ප්‍රශ්ණ වලින් 100/90ක් ම අඩු
වෙනවා කියලයි...
-අභි_සරා
No comments:
Post a Comment