අදුර නොහොත් කළුවරට ඇතැමුන් ආදරේ කරති.
ඇතැමෙක් රාත්‍රියට ආදරේ කරති. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම මම අදුරට ශාප කරමි. එහෙත්
එසේම වචනයේ පරිසමාප්තාර්තයෙන්ම මම කළුවරට ආලය කරමි. වාග් කෝෂයේ වචන වල හිගයක් දෝ
නොදනිමි එහි අර්ථය පැහැදීමට මට තේරෙන්නේ නැත. නමුත් මා මේ කථාව පටන් ගැනීමට හේතුව
බොහෝ ගැහැනු ළමයින් ආදරය කිරීමට හොයන පිරිමි ළමයා අපේ බසින් කිවහොත්,
Hot
Smart
Six packs ඇති
උස
Handsome
හා fluently English කතා කරන අයෙක් විය යුතුය. පිරිමි ළමයින්ගේද එතරම් වෙනස් නැත. ඔවුනට
අවශ්‍ය වන්නේද,
Sweet
Cute
ෆට්ට ලස්සන
කොන්ඩේ දිග
Make up දාන ෆට්ට කෑල්ලකි.
ඒ ෆට්ට කෑල්ල Use කර විසි කරන අයද ඇත. ප්ලෑන වැරදී බඳින්නට වන්නෝද වෙයි. කෙල්ලන්ටද එය
පොදුය. ඔවුන්ද එසේමය.
එහෙත් ඒ අතර රූපයට ආලය කරන්න වුන් අතර
හදවතට ආලය කරන්නවුන්ද සිටී. ඔවුන් ආලය කරනුයේ පුද්ගලයාට මිස ඔවුන්ගේ රූපයට නොවේ...
රූපයට ආලය කරන මිනිසුන් අතර හදවතට ආලය
කරන මිනිසුන් ඇත්තේ අල්පයකි. ඒ අල්පය තුලින් කෙනෙකු ඔබට හමුවේ නම් ඔබ ඉතා
වාසනාවන්තියක් හෝ වාසනාවන්තයෙකි.
රූපය දිරා යනු ඇත. එහෙත් හදවත් දිරා
නොයනු ඇත.
පෙර අදුර ලෙස මා හදුනාගන්නා ලද්දේ රූපය
බව ඔබට දැන් වැටෙහෙනු ඇත. එසේම ගන්නා ලද රාත්‍රිය ද ඔබට වැටහෙනු ඇත. රාත්‍රියට
අදුර පුරුදුයි. එහෙත් අදුර යන්න පහනකින් නැතිකල හැකියි. රාත්‍රිය යන්න පහනකින්
නැතිකල හැක්කක් නොවේ. රාත්‍රියේ අමාවක දිනයක් පැමිණියද මතක තබා ගන්න පුර හඳ ද නොබෝ
දිනකින්ම පැමිණෙන බව.
එහෙයින් අදුරට නොව රාත්‍රියට ආලය කිරීමට
පුරුදුවන්න...
-අභි_සරා
No comments:
Post a Comment