ලෝකයට අනුගත වුනු
ආධ්‍යාත්මයට කෙල ගැසූ
තුච්ඡ කාලකන්නියෙක්මි මම.
සැබෑ උරුමය සොයා නොගොස්
විරූපී සංකරත්වය උරා බොමින්
පරපෝෂිත සංසර්ගයක යෙදෙන්නෙමි.
නැතිවී යන්නට තතනන
ශ්‍රේෂ්ඨ චින්තාවලියට
ඇතැම් අවස්ථාවල ගරහන,
ඇතැම් අවස්ථාවල වන්දනාමාන කරන
දෙබිඩ්ඩෙකමි මම.
කාර්ල් මාක්ස්,
ඇරිස්ටෝටල්
සිහින බල්ලට දමා,
අනර්කලී,
ඔටාරා
හිස මුදුනින් තබා ඇත්තෙමි.
ගඳ ගහන පීලි තාක්ෂණය හා
ඔට්ටු වෙමින්,
සිතිවිලි සොයන,
හැගීම් සොයන,
සයිබර් ටොක්කක්මි.
ලෝකය අපට කෙලවනවා නම්,
අපද ලෝකයාට කෙලවිය යුතුය
යන
අධිසානුකම්පිකත්වය තරව අල්ලා තබා ගන්නෙමි.
සැබැවින්ම සෝචනීයයි...
අහෝ ඛේදයකි!!!
- පමෝදා
No comments:
Post a Comment