පිල්ලම් වෙනස් වුවත් එකම අකුරකින් "මොළය" හා
"මුඛය" යන වචන දෙකම ආරම්භ වේ. මුඛය හා මොළයෙහි ජීව විද්‍යාත්මක පදනම හෝ
බාහිර සැකැස්ම පිලිබඳ අවධානය යොමු කිරීමට මා හට එතරම් අවශ්‍යතාවයක් නොමැති නිසා
සමාජානුකූලව මේවායෙහි ක්‍රියාවලිය පිළිබඳව මදක් අවධානය යොමු කිරීම උගත්, විශ්ව විද්‍යාල විද්‍යාර්තයෙකු වශයෙන් උගහට යැයි මම සිතමි.
මුඛය හා මොළය යන දෙකම භාවිතා කල හැකි ආකාර අනුව එය තම
වැනසීමටද සැනසීමටද යන්න තීරණය කෙරේ. මුඛයෙන් සිතා මුඛයෙන් කටයුතු කිරීම වැනසීමට
ඇති මනා වූ මාර්ගයකි. බොහෝ දෙනෙකු මෙම මාර්ගය විඥ්ඥානයෙන් හෝ අවිඥ්ඥානයෙන් භාවිතා
කිරීමට පෙළඹී සිටී. ඉතා අල්ප වූ පිරිසක් මොළයෙන් සිතා මොළයෙන් ක්‍රියා කරනු දක්නට
ලැබේ. එහෙත් මොළයෙන් සිතුවද වැනසීමට අවස්ථා නැතුවම නොවේ.
විශ්ව විද්‍යාලයේ ගත වුනු මෙම කාල සීමාව තුල දී මුඛය හා මොළය
භාවිතා කරන ආකාරය අනුව සැනසුණු හා වැනසුණු චරිත මෙතකැයි කිව නොහැකි තරම් ය. මදක්
සිතුවොත් සත්තකින්ම වැඩිදුර නොසිතා කියන ඇතැම් වචන හේතුවෙන් ඔබත් මමත් කොතරම්
අසීරුතාවට පත්ව ඇතිද? මා සම්බන්ධයෙන් ගත හොත් එවැනි අවස්ථා ගණනය කල නොහැකි තරම්
වෙයි.
කාන්තාවන් වූ කලී, වැඩිදුර මොළය වෙහෙසවා සිතීමට මැලි වන හෙයින්
මුඛයෙන් සියල්ල අවසන් කරනු ඇත. (මෙය ලෝක දහමක් විනා මා කාන්තා අයිතීන් උදෙසා ගැසූ
පහරක් නොවන බව කරුණාවෙන් සලකන්න.) මෙවැනි පිරිමින්ද නැතිව නොවේ. කාන්තාවන් යම්තාක් දුරකට
පරුෂ වචන භාවිතය සීමා කලද, පරිණාමීය යුගයන්හි සිට පැවත එන කේලම් කීමේ හා හිස් වචන
භාවිතයේ සීමාවක් නම් දක්නට නැති තරම් ය. පිරිමි බොරුවෙහි හා පරුෂ වචන භාවිතයෙහිලා පිකාසෝලා
වෙති. පරුෂ වචනවලට වඩා ජීවිතයේ බැදීම් පුපුරා යාමේ පදනම සැකසෙන්නේ කේලම් හා හිස්
වචන තුලිනි. අහිමි මිතුදම් හා අහිමි ප්‍රේමවෘතාන්තයන්හි පදනම බොහෝවිට සැකසෙන්නේ
මෙකී භෂ්මාවශේෂ මතිනි.
විශ්ව විද්‍යාලයක් යන්න මහා සමාජයෙහි මනා වූ අනුරුවකි.
විශ්ව විද්‍යාලය තුල වූ අපගේ භූමිකාව අප ඒ අකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස මහා සමාජය තුල
රඟ දක්වයි. සමකාලීනව මෙන්ම පසුකාලීනවද ඇතැමුන් පුටුවේ රස්නය වැඩිවත්ම මුඛයේ රස්නය වැඩි කර ගන්නේ මේ හේතුවෙනි. එසේනම්, වැට නැති කටින් එහාට කට නැති වැටක් අපගේ අපේක්ෂාව
විය යුතු නොවේද?...
මොළයද? මුඛයද? වැනසීමද? සැනසීමද? තීරණය ඔබේය...
- පමෝදා
No comments:
Post a Comment