“කාන්තාව” නොහොත් “ස්ත්‍රිය” එහෙමත් නැතහොත් “ගැහැණිය” ආදී විවිධ නම් වලින් මැයව හදුන්වයි. හුදෙක්ම මෙය ස්ත්‍රිය යන නාමයෙන් පටන් ගන්නේ නැත. මෙහි ආරම්භය සිද්ධ වන්නේ “ළදරුවා” ගෙනි. “ළදරුවා” යන්න ගැහැණු පිරිමි දෙපිරිසටම භාවිතා කෙරේ. ඉන්පසු වෙනස් වීම් ආරම්භ වේ. කාලානුරූපව “කෙල්ල” “යෞවනිය” “තරුණිය” “ගැහැණිය” “කාන්තාව”, කේන්ති ගිය අවස්ථාවන්හි “ගෑණි” ලෙසද ව්‍යවහාර වේ. විරුද්ධ ලිංගිකයන්ද එසේමය. “කොල්ලා” “තරුණයා” “යෞවනයා” “පිරිමියා” ය. අවස්තානොචිතව “මිනිහා” යන්නද භාවිතා වේ.
කාන්තාව යන තැනැත්තිය සමාජය නම් වූ වේදිකාව මත විවිධාකාර වූ භූමිකා නිරූපණය කරයි. ඉන් ප්‍රධාන චරිත වන්නේ ; දුව, භාර්යාව, අම්මා, ආච්චී ආදියයි. මීට අමතරව පුංචි අම්මා, නැන්දා, ලොකු අම්මා ආදී වූ නා නා ප්‍රකාර භූමිකා රගපාණු ලබයි. එහෙත්, එකී නොකී මෙකි භූමිකා සියල්ල මගින් සිදුවන්නේ පවුල හා ඒ ආශ්රිත පිරිසගේ කුස මෙන්ම සිත පිරවීමයි.
එහෙත් මෙකී කාන්තාවට අද සමාජයෙන් සාධාරණයක් සිදුවේද? පිරිමියා හා සමාන අයිතීන් ඉල්ලන කාන්තාවට එය හිමිවේද? කාන්තාවට එම අයිතීන් එලෙසම ලැබීමට සුදුසුද? සුදුසු නම් එම අයිතීන් ලැබේද?
මගේ පළමු ප්‍රශ්ණය, ඔබ සිතන්නේ කාන්තාවට පිරිමියා හා සම තැන ලැබීම සුදුසු ද? නොසුදුසු ද? (ඊලග වැකියට යාමට පෙර තීරණය කරන්න.)
මගේ පෞද්ගලික මතය නම්, නැත. කාන්තාවට පිරිමියා හා සම තැන ලැබීමට සුදුසු නැත. ඇයට ලැබිය යුත්තේ ඊටත්, වඩා ස්ථානයකි. ඔබ එය පිළිගන්නේ නැද්ද? එහෙනම් මෙසේ සිතන්න...
පිරිමියාට දරුවෙක් දස මසක් කුස දරා සිටින්නට හැකිද? ඉන් පසු බිහිකරන විට ඇය දරාගන්නා වේදනාව Del 57 බවත්, සාමාන්‍ය මිනිස් සිරුරකට දරාගත හැකි වේදනාව Del 45 බවත්, Del 57 යනු ඇගේ ඇට 20ක් එකවර කඩා දමන විට ඇතිවන වේදනාවක් බවත්, මම meme එකක කියවා ඇත. ඔය කියන්නා වූ පිරිමියාට එය දරා සිටිය හැකිද? ඉන්පසු ස්වාමිපුරුෂයාගේ වදනට රස්සාව අතැර දරුවන් වෙනුවෙන් ගෙදරම සිට ඔවුන්ගේ සියලුම ඕනා එපාකම් සිදු කරයි. ඔය කියන්නා වූ පිරිමියාට තම භාර්යාවගේ කීමට එය කල හැකිද? රස්සාව අතැර දරුවන් බලාගෙන ගෙදරට වී ඉදීද?
ඉන්පසු සියලු දේ ඉටු කර තවත් අඩු පාඩු, නෝක්කාඩු, අවලාද නගන විට තනිවම හඩා පාඩුවේ සිටී. ඔය කියන්නා වූ පිරිමියා එසේ කරයිද? කොතරම් දේවල් සිදු වුවද පසුදා උදෑසන අවදිව නැවත සියල්ලන්ගේම සුභ සිද්ධිය උදෙසා කටයුතු කරයි. ඔය කියන පිරිමියා එසේ කරයි ද?
ඉන්පසු වයෝවෘද තත්ත්වයට පත් වන තුරුම ස්වාමියාගේ දරුවන්ගේ කටයුතු සිදු කරයි. ඔය කියන පිරිමියා එතරම් කැප කිරීමක් කරයි ද? නැත. පිරිමියාට එසේ කල නොහැක. උදේ සිට රෑ වනතුරු එකාසීරු වැඩ කරන අම්මාගෙන්, භාර්යාවගෙන් අවසානයේ පිරිමියා අසන්නේ එක දෙයකි.
“උදේ ඉදන් ගෙදර ඉදලා ඔයා මොනවද කලේ?”.
එහෙත් සත්‍ය වශයෙන්ම එලියට ගිහින් AC කාමරයක වැඩ කරන ඔය කියන පිරිමියාට වඩා ලොකු දෙයක්, ඔය කියන පිරිමියා කරනවා මෙන් දහස් ගුණයක වැඩ තොගයක් කාන්තාව කරන බව පිරිමියාට නොවැටහේ. එසේනම් හැදිමිටේ ඇත්තේ “ගැහැණු” මොළය නොව “පිරිමි” මොලය බව මින් පැහැදිලිය.
කාන්තාවාදය නොහොත් ඔබ අප සියල්ලෝ හොදින් දන්නා Feminism (ෆෙමිනිසම්) යටතේ බොහෝ රටවල කාන්තාව ඉල්ලා සිටින්නේ පිරිමින් හා සම තැනය.
එහෙත් ඇත්තෙන්ම කාන්තාව යනු හුදෙක්ම පිරිමියාට වඩා උත්තරීතර පුද්ගලයෙකි. දරුවන් වදන්න පුළුවන් ඇයටය. තම ලේ කිරිකර පොවන්න පුළුවන් ඇයටය. දරුවා නිසිවයසට එලබෙනතුරු ඇස් දෙක මෙන් බලාගන්න පුළුවන් ඇයටය. ඉන්පසුද දරුවන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ දෑස දෙස බලා කියන්න පුළුවන් ඇයටය. ගෙදර පැමිණි විට අප හැමෝම සොයන්නේ අම්මාය. සියලු දේ අසන්නේද අම්මාගෙනි.
එහෙත් තාත්තාගෙන් අසන්නේ, “තාත්තේ අම්මා කෝ?”
ඒ ඇයගේ ආදරය නිසාය. තාත්තාට ආදරය නැතිව නොවේ. එහෙත් අප සමගම ඉන්න නිසා ඔහුට වඩා ඇය අපට සමීපය.
සියල්ලටමත් වඩා ඔය කියන්නා වූ පිරිමියා බිහි වී ඇත්තේද කාන්තාව ගෙනි.
“අම්මේ තේ එක කෝ?”
“අම්මේ මේස් එක කෝ?”
“අම්මේ ෂර්ට් එක මැද්දද?”
“අම්මේ ෆයිල් එක කෝ?”
“අම්මේ මම එන්න පරක්කු වෙයි?”
“අම්මේ රෑට මොනවද?” එහෙත් තාත්තාගෙන් අසන්නේ, “තාත්තේ අම්මා කෝ?”
ඒ ඇයගේ ආදරය නිසාය. තාත්තාට ආදරය නැතිව නොවේ. එහෙත් අප සමගම ඉන්න නිසා ඔහුට වඩා ඇය අපට සමීපය.
සියල්ලටමත් වඩා ඔය කියන්නා වූ පිරිමියා බිහි වී ඇත්තේද කාන්තාව ගෙනි.
එහෙත් එම පිරිමියා කාන්තාවගෙන් බිහිවී කාන්තාව ලවා සියල්ල කරවා ගෙන ඉන්පසු කාන්තාවට වඩා උත්තරීතර චරිත වෙන්නට දගලනු ලබයි. බොහොමයක් මෙවැනි උත්සාහයන් ගනු ලබන්නේ චීත්ත අදින පිරිමියා විසිනි. කාන්තාව ලාමකය. සියුමැලිය. ඒ සියල්ලට ඉඩ දී උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටී. එහෙත් එකී චීත්ත අදින පිරිමියාට වඩා කාන්තාව ශක්තිමත් බව අවිවාධිතය.
කාන්තාවාදය යටතේ කාන්තාවන් ඉල්ලා සිටින්නේ පිරිමින්ට උඩුකය නිරුවත්ව සිටිය හැකිනම් තමාටද සිටිය හැකිය යන්නයි. එහෙයින් ඔවුන්ගේ අයිතීන් අපටද ලබා දෙන්න යනුවෙනි. එහෙත් කාන්තාව යන තැනැත්තා තම තැන නිසි පරිදි අවබෝධ කරගත යුතුය. සැබවින්ම එවැනි ඉල්ලීම් වලට වඩා කාන්තාවාදය ඔස්සේ "විශේෂ වූ ස්ත්‍රියට" ඉල්ලිය හැකි දේ බොහෝය.
සරලවම කාන්තාව යන පුද්ගලයාට පිරිමියා සේ ස්වාධින අයෙකු වශයෙන් නැගී සිටින්නට, කැමති වෙලාවක කැමති තැනක යන්නට නිදහස හා නීතිය නිර්මාණය කර දීමට ඉල්ලිය හැක. වේදනාව සතුට ආදී සියල්ල වෙනුවෙන් මත්පැන් බොන පිරිමියාට විරුද්ධව නැගී සිටීමට හැක. තමන් කැමති ඕනෑම රස්සාවක් තමන්ට අවශ්‍ය ලෙස කිරීම සඳහා වූ නිදහස වෙනුවෙන් සටන් කල හැක. කාන්තාව මෙන්ම දරුවාගේ වැඩ කටයුතු වලට පිරිමියාද හවුල් වියයුතු බවට හඩ නැගිය හැක. ගර්භනී අවධියේ ඕනෑම රටකට දෙපාරක් නොසිතා වීසා ලබා ගැනීම පිලිබඳ කථිකා කල හැක. කාන්තාව නිතරම පහත් කොට සලකන, අන් අයගේ උපකාර මත ම යැපෙන මානසිකත්වය ඉවත් කිරීම වෙනුවෙන් අරගල කල හැක.
කාන්තාව යනු හුදෙක් පිරිමියාගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා වූ රූකඩයක් නොවන බව මතක තබා ගන්න. අම්මා හෝ බිරිය හෝ රැකියාවක් නොකරයි නම් ඇයගේ අවශ්‍යතා විමසන්න, ඇය වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න, ඇයගේ අවශ්‍යතා සඳහා යම් මුදලක් ලබා දෙන්න. පිරිමියෙකු වශයෙන් නොහොත් මහත්මයෙකු වශයෙන් හෝ එවැන්නක් සිතට ගන්න.
කාන්තාව යන්නා දුර්වලයෙකු නොවන බවද කාන්තා ඔබ මතක තබා ගන්න. “අපහසුම සටන් දෙවියන් විසින් ලබා දෙන්නේ ඔවුන්ගේ හොදම සොල්දාදුවන්ට” බව මා කොතැනක හෝ කියවා ඇත. එහෙයින් ඔබ හොදම සොල්දාදුවෙකු බව මතක තබා ගන්න. ඔබට එන හැම අභියෝගයක්ම හොදම සොල්දාදුවාට අදාළ අය විසින් ලබා දෙන ලද සටන් බව මතක තබා ගන්න. ශක්තිමත් වෙන්න. එවිට පිරිමියා හුදෙක්ම ඔබ අසල බෙලහීනයෙකු පමණි.
-අභි_සරා